අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10620643_10152699246542915_7505490767602427917_n.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ ත්‍රෙඩ් එක දාපු ගෑල්ලමයා අඟුරු වගේ කලු, බතල කොට කෙල්ලෙක් :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි. ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය. ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී. ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

    තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය. බැරිවෙලාවත් ඇයට හැක‍රැල්ලෙකුගේ මෙන් කකුල් තිබුණානම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි. ඒ ශේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා ‍රැවුල කපාගන්නෙමු.

    නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය. අද කාලේ බේබිලා කොච්චර ලොකුදැයි මට අවසානයේ කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය.

    අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනෑම උලව්වක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති අගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි.

    දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත. " කෝ අම්මෙ පිපිඤ්ඤා?" "නංගිගෙන් ඉල්ලගන්න" කාරණාව තේරුනේ එවිටය. බත් එක බෙදාගෙන දෙහි, රතුළූනු, අමුමිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.

    නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලුනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලීච් කරයි. තොල් රිකන්ඩිශන් කරයි. නංගිගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලුනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.


    නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනෙක පුවත්පත් වල පලකිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.

    "රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ, මෝඩ, බයාදු, විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණවූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කම්නැත. විහිළුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි, මීට අයියා...."


    කතෘ නොදනිමි- උපුටා ගැනුමකි.