අති උත්තම ආචාර්ය මන් භූරිදතත

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අති උත්තම ආචාර්ය මන් භූරිදතත

    කියවන්න වටිනා දුර්ලභ පොතක් මචන්ලා මේක

    අති උත්තම ආචාර්ය මන් භූරිදතත

    Acariya_Mun__A_Spiritual_Biography-sinhala.jpg



    නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.


    වැඩි විස්තර කියන්න යන්නේ නෑ ..මමත් මේ කියවන ගමන් ඉන්නේ
    මෙතනින් බා ගන්න

    තෙරුවන්සරණයි
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ පොත් කියෙව්වහම ධර්මය ගැන ලොකු අවබෝධයක් ඇතිවෙනව.කියවල තියෙන අය අදහස් දක්වනවනම් ගොඩක් වටිනව.

    'සිල්මාතා කායිව්' පොතත් මේ වෙබ්සයිට් එකෙන්ම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.

    http://www.forestdhamma.org/books/sinhala/
     

    Mr.Sherlock

    Active member
  • Oct 7, 2014
    160
    42
    28
    සැහෙන වටිනවා මචං . මම දැන් කියවලා ඉවර කලා . ගොඩක් දේවල් තියෙනචා අපේ ජිවිතේට ගන්න . ගොඩක් පින් මචං මේක දැම්මට .
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ වකවානුවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස "රහතන්වහන්සේ යනු කවුද ,රහත් බවය ගැන,මෙකල රහත් බව ලැබිය හැකිද ?" ආදී විවිදාකාර කාරණා ඔස්සේ අදහස් ඉදිරිපත් කරති .ඒ අතර සමහර පුද්ගලයින් බෞද්ධ දර්ශනයට පරිබාහිරව තම තමන්ගේ පෞද්ගලික අදහස් ද ඉදිරිපත් කරති.එය සංවේගයට කාරණාවකි.
    ඒ උතුම් රහත් ඵලය පිළිබද කිව හැක්කේ රහත් බවට පත් වූ උතුමෙකුට විනා පෘතක්ජන පුද්ගලයාට එය "මෙසේය" යනුවෙක් විස්තර කල නොහැක.
    මන්ද යත් එය අතිශය පෞද්ගලික මෙන්ම සාමාන්‍ය පෘතක්ජන මනසට ගෝචර නොවන කාරණාවක් වන නිසාය.එමෙන්ම විය යුත්තේ තවත් කෙනෙකුගේ මාර්ග ඵල පිළිබද විනිශ්චය කිරීමට වඩා තමා ඒ මාර්ගයේ ගමන් කිරීමය.
    “රහත් ඵලයට පත් මහා තෙරණුවන්” නමින් අති උතුම් ආචාර්ය මන් භූරිදත්ත රහතන් වහන්සේගේ චරිතාපදානය පොත මුල සිට අගට සතුටින් කියවීමෙන් මා තුල තිසරණය කෙරෙහි ඇති පැහැදීම තවත් දියුණු තියුණු විය. ධර්මයෙහි අකාලික ගුණයද, ආර්ය මහා සංඝ රත්නයෙහි අවිච්චින්න පැවැත්ම කෙරෙහිද මා තුල ඇති පැහැදීම තවත් තහවුරු විය.එම නිසා ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා මේ පොත ඔබට පිරිනමමි