ඩයිනෝසරයන්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජුරාසික් යුගය.


    jurassic-landscape.jpg



    වසර මිලියන 208 සිට 144 දක්වා පැවති ජුරාසික යුගයේදී සුපිරි මහද්වීපයක් ලෙස පැවති පැන්ජියාව කොටස් දෙකකට වෙන් වන්නට විය.

    ඒවා ලුරේසියාව සහ ගොඩ්වානාලන්තය ලෙස හැඳින්විණි. කොටස් දෙකකට වෙන් වුණු පසු ඒවා එකිනෙකින් ඉවතට ගමන් කරන්නට විය.

    පොළොවේ දේශගුණික තත්ත්වය ඒ වන විටත් උණුසුම්ව පැවති අතර තෙත් සහිත වීම ආරම්භ වී තිබිණි.

    මුහුදු මට්ටම ඉහළ යාම නිසා පහත් භූමි ප‍්‍රදේශ විශාල ලෙස ජලයෙන් යටවිය. ශාක විශේෂ (විශේෂයෙන් කේතුධර ශාක) බහුලව දක්කන ලැබිණි.
    මේ නිසා ඩයිනෝසරයන්ට හොඳින් ආහාර ලැබිණි. මේ කාලය වන විට සිටියේ විශාල ගොඩබිම් සත්වයින් පමණකි. ශාක භක්ෂක ඩයිනෝසරයෝ මේ අවදියේදී විශාලත්වයෙන් විශාලත්වයට පත් විය. ඒවා අතුරින් ඩිප්ලොඩොකුස්, බ‍්‍රැකියෝසොරස් වැනි ඩයිනෝසරයන් මේ තාක් ගොඩබිම වාසය කළ සත්ත්වයින් අතුරින් දිගම සහ විශාලතම සත්වයින් විය.

    මේ දැවැන්ත සත්වයින් මීටර් 20 කට වඩා දිගින් යුක්ත විය. එමෙන්ම ඔවුන්ට දිගු ගෙලක් සහ ඒ සමාන දිග වලිගයක් ද පිහිටා තිබිණි.ඔවුන්ගේ දත් කුඤ්ඤයක හෝ හැන්දක ආකාරයක් ගෙන තිබිණි. මෙම හැඩය නිසා ඔවුන්ට පහසුවෙන් ගස්වල කොළ කඩා ගැනීමට හැකි විය. ශාක භක්ෂක ඩයිනෝසරයන් විශාලත්වයෙන් සහ ගණනින් වැඩි වත්ම මාංශ භක්ෂක ඩයිනෝසරයන් ඉතා බලවත් දඩයම්කරුවන් බවට පත් විය ඔවුන් කෙතරම් බලවත් වූයේ දැයි කියතොත් තනිව රංචු වශයෙන් පහරදී මී. 20 පමණ දිගු වූ ශාක භක්ෂක ඩයිනෝසරයකු මරා දැමීමේ හැකියාව තිබිණි.

    ජුරාසික යුගයේ යුරෝපයේ සිටි මෙගලොසොරස් මීටර් 9 ක් පමණ දිගින් යුක්ත වූ ඩයිනෝසරයකු විය. මේ සතුන්ට පිහිටා තිබූ ප‍්‍රබල හණු ආධාරයෙන් තරමක් විශාල ශාක භක්ෂකයකුට වුවත් පරහරදීමේ හැකියාව තිබිණි.

    මේ යුගයේදීම උතුරු ඇමරිකාවේ දක්නට ලැබුණු මාංශ භක්ෂක ඩයිනෝසෝරයා ඇලෝසොරස් වූ අතර ඔවුන්ගේ දිග මී 12 ක් පමණ විය. ඔවුන් රැළකට ඩිප්ලොඩොකුස් ඩයිනෝසරයකුට වුවත් පහරදීමේ හැකියාව තිබිණි.මෙවැනි භයානක විලෝපිතයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සමහර ශාක භක්ෂක ඩයිනෝසරයන්ට ආරක්ෂක ආවරණයක් පිහිටා තිබිණි.

    උතුරු ඇමරිකාවේ සිටි මී. 10 ක් පමණ දිගින් යුක්ත වූ ස්ටෙගො සොරසයන් ඉතා මන්දගාමී සත්ව කොට්ඨාසයක් විය. ඔවුන්ගේ කොඳු නාරටියේ දිගටම දියමන්ති හැඩයෙන් යුත් අස්ථිමය ඵලක් පේළි 2 ක් පිහිටා තිබිණි. එමෙන්ම වලිගය කෙළර දිගු කටු කීපයක් ද පිහිටා තිබිණි. මේවායින් ඔවුන්ට පහර දෙන වෙනත් ඩයිනෝසරයන් පලවා හැරීමට හැකි විය.ජුරාසික යුගයේ විසූ මේ දැවැන්තයින් අතර කුඩාම ප‍්‍රමාණයේ ඩයිනෝසරයන් ද දැකගැනීමට හැකි විය.

    බළලකුට වඩා විශාල නොවූ කොම්ප්සොගැන්තස් ඒ අතුරින් එක් වර්ගයකි. දිගු ගෙලක් සහිත වේගවත් මාංශ භක්ෂකයන් වූ ඔවුන් කටුස්සන් සහ වෙනත් කුඩා සත්ත්වයින් ආහාරයට ගෙන ඇත. පොසිල වලින් හමුවී ඇති ඔවුන්ගේ අස්ථි සැලකිල්ලට අනුව ඔවුන් ඒ යුගයේ පක්ෂීන් ලෙස හඳුනාගෙන සිට ආකියොප්ටෙරික්ස් නමැති ඩයිනෝසර විශේෂයට ඉතාමත් සමාන බව පෙනීගොස් ඇත.ඔවුන් කොම්ප්සොගැන්තස් විසූ යුරෝපීය කලාපයේම, එම යුගයේම (වසර මිලියන 150 කට පෙර) ජීවත් වී ඇත. පිහාටු සහිත ඩයිනෝසරයන්ගෙන් ලැබී ඇති ආසන්නතම සාධක අනුව පක්ෂීන් මෙවැනි ඩයිනෝසරයන්ගෙන් පරිණාමය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    කෙසේ නමුත් පක්ෂීන් පියාඹීමට හැකි පළමු පෘෂ්ඨවංශීන් (පිටකොන්දක් සහිත සතුන්) ලෙස පිළිනොගැනේ. ප්ටිරොසොරස් වැනි පියාඹන උරගයින් වසර මිලියන ගණනකට පෙර ටි‍්‍රයැසීය යුගයේදී අහසේ පියාඹා ඇති බව හෙලි වී තිබේ. රැම්පෙ‍්‍රාරින්තස් සහ ටෙරොඩැක්ටිල්ස් වැනි උරගයින් ජුරාසික යුගයේ සිට සාගර මාංශ භක්ෂකයින්ය.

    ඇඟිලි හතර සහ සිරුර අතර සම්බන්ධ වූ සම් පටලය මඟින් ප්ටිරොසොරසයන්ගේ පියාපත් නිර්මාණය වී තිබිණි.බොහෝ දෙනෙකුට ප‍්‍රබල දත් වලින් පිරී හොටයක් පිහිටි අතර එයින් නියමාකාරයෙන් මසුන් අල්ලා ගැනීමේ හැකියාව ලැබිණි.

    ජුරාසික යුගයේදී අලුත් වර්ගවල ඩයිනෝසරයන් ද දැක ගැනීමට හැකි විය. ශාක භක්ෂක සහ මාංශ භක්ෂක ඩයිනෝසර දෙවර්ගයම උරග - උකුල් ඩයිනෝසරයන් වශයෙන් සැලකිණි. අලුතින් පැමිණි වර්ගය පක්ෂි - උකුල් ඩයිනෝසරයන් ලෙස හැඳින්විණි.

    ඔවුන්ගේ උකුල් අස්ථිය බොහෝ සෙයින් වර්තමාන පක්ෂීන්ට සමාන විය.


    image-2817f0w.jpg


    http://www.danuma.lk/sinhala/index....සික+යුගය&catid=112:Animals&Itemid=175&lang=si


    ඩයිනෝසරයෝ තවමත් මිහිමත

    වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසති.
    ඔවුන් කියා සිටින්නේ වර්තමාන ලෝකයේ දැකිය හැකි පක්ෂීන් ඩයිනෝසර පරිනාමයේ සජීවී සංකේතයක් බවයි.
    වසර කෝටි 22 ට පෙරාතුව මිහිතලයේ සිටි දැවැන්ත ඩයිනෝසරයන් ඉන් වසර කෝටි 17 කට පසුව කුඩා සිරුරු දක්වා පරිනාමය විමෙ ආරම්භ වී ඇතැයි ඔවුන් පවසයි. ඒ අනුව පසුගිය කෝටි පහක කාලයේ දී දැවැන්තයන් හමිං බර්ඩ් වැනි කුඩා කුරුල්ලන් දක්වා ම පරිනාමය වී ඇති බව පැවසේ.
    කුරුල්ලන්ගේ මුත්තා තෙරෝපොඩිස් නම් ඩයිනෝසරයෙක් බවත් ඔවුන්ගේ සිරුර ක්‍රමයෙන් කුඩා වෙමින් වත්මන් කුරුල්ලා දක්වා පැමිණි ගමන් මග ඩයිනෝසර පරිනාම ගසෙන් මනාව පිළිබිඹු වන බවත් ඔවුහු කියති.
    ඔවුන් පවසන්නේ මෙය අසම්භාව්‍ය පරිනාමයක් බවයි. ඩයිනෝසරයන් රාශියක් මිහිමත සැරිසරන යුගයේ සිටි තෙරෝපෝඩා කණ්ඩයට අයත් මාංශ භක්ෂක කානිවෝරස්, ටයිරනෝසෝස්, වෙලාසිරැප්ටර් සහ ස්පිනෝසෝරස් ඇතුළු ජීවී විශේෂ කුරුල්ලන් ලෙස පරිනාමය වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.
    එසේ පරිනාමය වීමේ දී සිරුරේ පිහාටු ඇතිවීම, අත්තටු විකසනය වීම හා පපු අස්ථිය වෙනස්වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.
    කුරුල්ලන් බවට පත්වූ ඩයිනෝසරයන් අනෙක් ඩයිනෝසරයන්ට වඩා වේගයෙන් පරිනාමය වි ඇතැයි පාෂාණිභූතවිද්‍යා ආචාර්ය ඩැරන් නේෂ් පවසයි.
    ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලය, රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරය සහ සවුතම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් ඩයිනෝසර අස්ථි පද්ධති 426ක් විශ්ලේෂණය කරමින් මේ පරීක්ෂණය සිදුකැර ඇත.



    Dinos-4.jpg

    ඩයිනෝසරයන්ගේ පරිනාමීය ගස



    Dinos-3.jpg

    අතීතයේ විසූ තොරෝපෝඩිස් ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක්



    Dinos-5.jpg

    කුරැල්ලකු ලෙස අත්තටු හා පිහාටු සහිතව වර්ධනය වූ ආකියෝප්ටෙරිස් නමැති ඩයිනෝසරයාගේ පොසිලය.
    කිලෝ ග්‍රෑමයක් පමණ බරැති සත්ත්වයකු යැයි සැළකේ.

    Dinos-8.jpg

    එම ඩයිනෝසරයාගේ මනඃකල්පිත සිතුවමක්



    Dinos-6.jpg

    ඩයිනෝසරයන් කුරුල්ලන් ලෙස වෙනස් වී ගිය අයුරු



    Dinos-2.jpg

    විවිධ ඩයිනෝසරයන් කුරුල්ලන් හා සසඳමින් සිතුවම් කැර ඇති ආකාරය



    Dinos-9.jpg

    තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකු හා නූතන කුරුල්ලකු සංසන්ධනය කරමින්



    Dinos-7.jpg

    තොරෝපෝඩිස් වර්ගයේ ඩයිනෝසරයකුගේ දතක් හා හමිංබර්ඩ් කුරුල්ලකු සන්සන්දනය කරමින්

    http://www.lankadeepa.lk/articles/255007/


    මෙම ඩයිනෝසරයන් පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ ඩයිනෝසරයන් සිටීද?


    ප්‍රශ්නය: මෙම ඩයිනෝසරයන් පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද? බයිබලයේ ඩයිනෝසරයන් සිටීද?

    පිළිතුර:
    මෙය උත්පත්ති කථාවේ නියම පරිවර්තනය වන පොළොවේ ආරමිභයේ පටන් හා අප අවට ඇති කායික සාක්‍ෂි පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිතුනු ප්‍රජාව තුළ විශාල වශයෙන් වාද විවාද පැවති මාතෘකාවකි. ලෝකය පිළිබඳ ඉතා ඈත අතීතයක් (බයිබලයට වඩා පැරණි) ගැන විශ්වාස කිරීමට පෙළඹෙන ඇතැම් අය බයිබලය ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් නොකරන බවට එකඟ වෙති. ඊට හේතුව ඔවුන්ගේ ආදර්ශය (මතය) අනුව ඩයිනෝසරයන් වඳවී ගියේ මුල්ම මිනිසා පොළොව මත ඇවිදීමට වසර මිලියන ගණනකට පෙරය. බයිබලය ලියූ මිනිසුන් ඩයිනෝසරයන් ජීවත්ව සිටිනු දැක නොමැත.

    පොළොව පිළිබඳ එයට වඩා අඩු ජීවිත කාලයක් පිළිබඳව විශ්වාස කරන අය එකඟවන්නේ බයිබලය “ඩයිනෝසරයන්” යන වචනය සඳහන් නොකළද උන් ගැන සඳහන් කරන බවය. ඒ වෙනුවට ඔවුන් ටැනීයින් (Tanniyn) යන හෙබ්‍රෙව් වචනය භාවිතා කරන බව ඔවුන්ගේ මතයයි. ඉංග්‍රීසි බයිබලයේ ටැනීයින් (Tanniyn) යන වචනය මඳක් වෙනස් ආකාරයට පරිවර්තනය කොට ඇතු ඇතැම්විට එය “මුහුදු රකුසා” (sea monster) ලෙසද තවත් විටෙක “සර්පයා” (serpent) ලෙසද සඳහන් වේ. වඩාත් පොදුවේ එය “මකරා” (dragon) ලෙස පරිවර්තනය වේ. ටැනීයින් (Tanniyn) යනුවෙන් ප්‍රකාශ වන්නේ අති විශාල උරග විශේෂයකි. මෙම සතුන් පිළිබඳව පරණ ගිවිසුමේ තිස් වතාවකට ආසන්න ප්‍රමාණයක් සඳහන් වන අතර උන් ගොඩබිම හා ජලයේ දක්නට ලැබේ.

    පරණ ගිවිසුමේ පොදුවේ තිස් වතාවක් පමණ මෙම අති විශාල උරගයින් ගැන සඳහන් වීමට අමතරව බයිබලය සතුන් කිහිප දෙනෙකු පිළිබඳව විස්තර කරන ආකාරයට විශාරදයින් විශ්වාස කරන්නේ ලේඛකයින් එසේ විස්තර කර ඇත්තේ ඇතැම් විට ඩයිනෝසරයන් විය හැකි බවය. දෙවියන් වහන්සේගේ සෑම මැවිල්ලක් අතරින් ප්‍රබලම මැවිල්ල ලෙස සැලකෙන්නේ බෙහෙමොත්ය (යෝබ් 40 : 15). උගේ වල්ගය කිහිරි ගසක් වැනි යයි සඳහන් වේ. ඇතැම් විශාරදයින් බෙහෙමොත් ඇතෙකුට හෝ හිපපොටේමස්ට සමාන කිරීමට උත්සහා දරා ඇත. අන් අය පෙන්වා දෙන්නේ ඇතුන් හා හිපපොටේමස්ට ඇත්තේ කිහිරි ගසකට සමාන කිරීමට නොහැකි ඉතා සිහින් වල්ගයක් බවයි. බ්‍රකියෝසෝරස් (Brachiosaurus) හා ඩිප්ලොඩෝකස් (Diplodocus) මෙන් ඩයිනෝසරස්ටද විශාල වල්ගයක් තිබූ අතර කෙනෙකුට එය පහසුවෙන්ම කිහිරි ගසකට සමාන කළ හැකිය.

    සෑම පුරාණ ශිෂ්ටාචාරයකම පාහේ දැවැන්ත උරග වර්ගයකට අයත් සතුන් පිළිබඳ කිසියම් ආකාරයක චිත්‍ර ඇත. පාෂාණ චිත්‍ර, මානවකෘතීන් හා උතුරු අමෙරිකාවෙන් සොයාගත් කුඩා මැටි ප්‍රතිමාවන් පවා ඩයිනෝසරයන් පිළිබඳ නූතන විස්තර කිරීම් වලට සමානය. දකුණු අමෙරිකාවේ ශෛල කැටයම් වල ඩිප්ලොඩෝකස් වැනි සතුන් පිට යන මිනිසුන් ගැන විස්තර කර තිබේ. එමෙන්ම මවිත කර ලෙස ට්‍රිසරේටොප්, ටෙරඩැක්ටයිල් හා ටිරුනසෝසර්ස් රෙකස් වැනි හුරුපුරුදු පිළිරූ ද ඇත. රෝම මොසයික කලා මායානු මැටි භාණ්ඩ හා බබිලෝනියානු නගරයේ ප්‍රාකාර යන සියල්ල මෙම සතුන් සමග භුගෝලීය වශයෙන් නොබැඳි නුමුත් සිත් ඇද ගන්නා සුළු වූ මිනිසාගේ තිරස් සංස්කෘතිය පිළිබඳව සාක්‍ෂි දරන්නේය. මාකෝපෝලෝගේ il Milione වැනි අතීශයෝක්තිය රහිත විස්තර වාර්තා සමග නිධාන සේ සළකන සතුන්ගේ අරුම පුදුම කථාන්තර සමග මිශ්‍ර වන්නේය. එවා සාමාන්‍යයෙන් යටපත් වන සංශය වාදය (සැකයෙන් බලන) ලෙස සැලකුවද දර්ශනගත කිරීම් වල නූතන වාර්තා නොනැසී පවතින්නේය.

    ඩයිනෝසරයාගේ හා මානවයාගේ සහජීවනය පිළබඳ බොහෝදුරට සත්‍ය මානව හා ඓතිහාසික සාක්‍ෂි ප්‍රමාණයට අමතරව වෙනත් කායික සාක්‍ෂිද තිබේ. එය උතුරු අමෙරිකාවේ හා බටහිර මධ්‍යම ආසියාවේ ඇතැම් ස්ථාන වලින් එකට හමුවූ ෆොසිලවූ මිනිසාගේ හා ඩයිනෝසරයාගේ පා සටහන් වැනි දේවල්ය.

    ඒ අනුව බයිබලයේ ඩයිනෝසරයන් සිටින්නේද? කාරණය සම්මතයෙන් ඉතා දුරය. එය රඳාපවතින්නේ ඇති තොරතුරු මත ඔබ පරිවර්තනය කරන්නේ කෙසේද යන්න හා ඔබ අවට ලෝකය ඔබ දකින්නේ කෙසේද යන කාරණය මතය. මෙහිදී අප වැඩි ඈත නොවන පොළොව පිළිබඳ පරිවර්තනය විශ්වාස කොට ඩයිනෝසරයා හා මිනිසාගේ සහජීවනය පිළගන්නෙමු. අනපේක්ෂිත පාරසරික වෙනස්කම් හා මිනිසා විසින් වඳ කිරීම පිණිස අනුකම්පා විරහිත ලෙස දඩයම් කිරීමේහේතුව යන කාරණා එකතුව ජලගැල්මෙන් කාලයකට පසුව ඩයිනෝසරයන් වඳවූ බව අපි විශ්වාස කරමු.

    http://www.gotquestions.org/Sinhala/Sinhala-dinosaurs-Bible.html


     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ආකියෝප්ටෙරිස් ඩයිනෝසරයා chineese ewun karapu boruwak, ehema ekek na
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ai bn film eka baluwe nadda :eek:

    කරන්න පුලුවන් බන්.
    සමහර වෙලාවට දැනටමත් අත්හදා බලමින් ඇති.


    අවුරුදු මිලියන ගාණක් පරණ ඩීඑන්ඒ වලින් ඔය සත්තු උපද්දන්න පුලුවන් නම් බන් ,ඔය ඊජිප්තු මමීවලත් කොපි හදන්න පුලුවන් ඇතිනේ.මම නම් ඔය DNA ගැන වැඩි දෙයක් දන්නේ නෑ.ඒත් මම නම් හිතන්නේ නෑ ඕවා කරන්න පුලුවන් කියලා!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    පට්ට බන්... මෙව්ව කොච්චර කියෙව්වත් එපා වෙන් නෑ... රෙප් දීලා වැඩීලු බන්...
     
    • Like
    Reactions: akilar25

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අවුරුදු මිලියන ගාණක් පරණ ඩීඑන්ඒ වලින් ඔය සත්තු උපද්දන්න පුලුවන් නම් බන් ,ඔය ඊජිප්තු මමීවලත් කොපි හදන්න පුලුවන් ඇතිනේ.මම නම් ඔය DNA ගැන වැඩි දෙයක් දන්නේ නෑ.ඒත් මම නම් හිතන්නේ නෑ ඕවා කරන්න පුලුවන් කියලා!

    puluwan bn meh api karanne ekane :cool:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අවුරුදු මිලියන ගාණක් පරණ ඩීඑන්ඒ වලින් ඔය සත්තු උපද්දන්න පුලුවන් නම් බන් ,ඔය ඊජිප්තු මමීවලත් කොපි හදන්න පුලුවන් ඇතිනේ.මම නම් ඔය DNA ගැන වැඩි දෙයක් දන්නේ නෑ.ඒත් මම නම් හිතන්නේ නෑ ඕවා කරන්න පුලුවන් කියලා!

    DNA ගන්ට සජීවී සෙයිල තියෙන්ට ඕනේ පොසිල වල එව්වා නෑ නේ. තියෙන්නේ සත්තු මැරිලා දිරල හයි වෙච්ච් පස් ගොඩක්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    DNA ගන්ට සජීවී සෙයිල තියෙන්ට ඕනේ පොසිල වල එව්වා නෑ නේ. තියෙන්නේ සත්තු මැරිලා දිරල හයි වෙච්ච් පස් ගොඩක්

    ඔවු මේක තමා හේතුව
    මේ ගොඩක් ලගදි වදවෙලා ගියපු tasmanian tiger ගේ ෆොමලින් වල එහෙම දාල තිවුනු නිදර්ශක වලවත් DNA ඉතුරුවෙලා නැහැ කියලා මම දැක්කා(හැබැයි අයිස් වල තිවිලා හම්බවුන මැමත්ලාගෙ නම් DNA ගන්න පුලුවන් තරමෙන් තිවුනාද කොහෙද). එහෙම බලද්දි අවුරුදු මිලියන ගානක් පරණ ඒවා ගැන කවර කතාද