අතීතයට නෑකම් කියන සුන්දර - උනන්තැන්න ගම 🌳🍃🌺 ( Unanthenna ) 🌳🧗🏾‍♂️🍃

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අතීතයට නෑකම් කියන සුන්දර - උනන්තැන්න ගම 🌳🍃🌺 ( Unanthenna ) 🌳🧗🏾‍♂️🍃 - Your Choice Way
    අපි අද කතා කරන්න යන්නේ අතීත කතා රැසක් ඇති සුන්දර ගම්මානයක් ගැන.ඒ නමින් උනන්තැන්න ගමයි.

    මේ ගම තවමත් සැගවිලා තියෙන නිසා ඒ සුන්දරත්වය එලෙසම පවතිනවා...

    හගුරන්කෙතට ආසන්නව තමා මේ සුන්දර ගම තියෙන්නේ...

    වෙල්‍ යායකින් වටවුනු සිත් පහන්වෙන උනන්තැන්න පන්සලත් හරීම අපූරුවක් මේ ගමට ගෙන එනවා..

    මේ ගමේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි..

    ගමේ හැමතැනම වගේ කුඹුරු..

    ගම මැදින් ගලා යන මාඔය ගමට එක්කරන්නේ තවත් අපූරු සුන්දරත්වයක්..

    නිල්කැටේ වගේ ගලන දියපාරින් නාගත්තම දැනෙන සනීපේ නම් හරි අපූරුයි..


    මේ ගග ආශ්‍රිතව නිර්මාණය වූ දියඇලි කිහිපයක් ද දැකගන්න පුලුවන්..

    මා ඔය හරහා තියෙන පාලමෙන් වාහන වලින් ටික දුරක් මේ ගමට යන්න පුලුවන් ඊටපස්සේ ඉතින් පා ගමනින් තමා යන්න වෙන්නේ..

    ගමේ සුන්දරම ඉසව් අපිට පාගමනින් යද්දී බලන්න පුලුවන්..

    උනන්තැන්න ගම තියෙන්නේ කදු වලල්ලකින් වටවෙලා හරිම අපූරුයි..

    කදු නගින්නන්ට නම් මේ ප්‍රදේශය පාරාදීසයක් කිව්වොත් නිවැරදී..

    අවුරුදු ගානක් පැරණි සාම්ප්‍රදායික ගෙවල් තවමත් මේ ගමේ තියෙනවා...

    අතීතයේ රජවාසලේ උඩරට නර්තන ශිල්පීන් සිටි ගමක් ලෙසත් මේ ගම ඉතිහාසගත වෙනවා..

    ඒ පරම්පරා වලින් පැවත එන ශිල්පීන් අදටත් මෙහි ඉන්නවා..

    සීතල පරිසරයක් හෙබි උනන්තැන්න බලන්න ඔයාලත් යන්න.. හැබැයි පරිසරය විනාශ නොකර ❤️

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here