තට්ටු තුනේ දිය කොමළී - කඩියන්ලෙන ඇල්ල 🍃🌱🎋🌳 ( Kadiyanlena Ella )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තට්ටු තුනේ දිය කොමළී - කඩියන්ලෙන ඇල්ල 🍃🌱🎋🌳 ( Kadiyanlena Ella ) - Your Choice Way
    අද අපි කතා කරන්නේ කැටබුල ඇල්ල එහෙමත් නැත්නම් කඩියන්ලෙන ඇල්ල ගැන..

    කොටස් තුනකට ගලා යන මේ දිය ඇල්ල හරිම අපූරුයි..

    ඔයාලා දන්නවාද මේ ඇල්ලේ තුන්වෙනි කොටස බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ආරුක්කු 3ක් සහිත පාලමක් යටින් තමා ගලාගෙන යන්නේ..

    මේ ඇල්ල තියෙන්නේ කඩියන්ලෙන ගමේ ඉතින් ඒ නිසා මේ ඇල්ලට මේ නම දාලා තියෙනවා..

    ඒ වගේම මේ ඇල්ල අසල තේවත්තක් තියෙනවා එය කැටබුල වත්ත කියලයි හදුන්වන්නේ අන්න ඒ නිසා මේ දියඇලි කොමළිට කැටබුල ඇල්ල කියලත් කියනවා..

    නාන්න නම් ස්ථාන කිහිපයක්ම තියෙනවා හැබැයි ඉතින් වතුර වැඩිකාලේට නම් පරිස්සමින් හොදේ...


    ආරුක්කු පාලම යටින් ගලා හැලෙන දිය දහර ස්වභාවික නාන තටාකයක් වගේ නාන්න පුලුවන් තැනක් තියෙනවා..

    මේ කියන ආරුක්කු තුනේ පාලම උඩින් තමයි නාවලපිටිය - හැටන් හා නාවලපිටිය - තලවාකැලේ මාර්ගය දිව යන්නේ....

    වැස්ස කාලෙක නම් ඇල්ල සුදට සුදේ ගලා හැලෙනවා..

    ඇල්ලේ උඩම තට්ටුව ළඟටම යන්න පඩිපෙළක් එහෙමත් තියෙනවා.

    එතන නාන්නත් පුළුවන්. නාන්නත් පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පරිස්සම තියාගන්න..

    කැටබුල ඇල්ලෙන් කුඩා ජල විදුලි බලාගාර දෙකක් පෝෂණය ලබන අතර එක් කුඩා බලාගාරයකින් කැටබොලා වතුයායට විදුලිය ලබාදෙනවා.

    මේ ඇල්ලට වතුර ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර් කිහිපයක් ඉහළින් ආරම්භවෙන ජල පෝශක වලින්..

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Maru Machan :yes:

    ඉන්දුනීසියාව දියඇලි වලට පට්ට ප්‍රසිද්ධයි. බාලි දූපතේ තියෙන ලස්සන දියඇලි සෙට් එකක් ගැන මේ වීඩියෝ එකේ තියෙනවා