අද අපි යන්නේ සැගවිලා තියෙන සුන්දර ජලාශයක් බලන්න ඒ නමින් තැම්පාන ජලශය..
මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තැම්පාන රක්‍ෂිතයට මායිම්වයි...
මේ තැම්පාන රක්‍ෂිතය කියන්නේ කදු පන්තියකින් වටවුනූ සුන්දර අඩවියක්...
මේ රක්‍ෂිතයේ ඉතිහාසය වලගම්බා රජ සමය දක්වා දිව යනවා...
මෙම කඳු පන්තිය ආශ්‍රිතව වලගම්බා රජු සැගවී ජීවත් වූ බවත් රජු මෙහි සිට යුද්ධයට සේනා සංවිධානය කළ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා...
පසු කාලයේදී රජු විසින් මෙහි විහාරයක් කරවා තිබෙනවා. එය බම්බා විහාරය ලෙස හැදින්වෙනවා...
එය තාමත් පවතිනවා..
එම බම්බා විහාරය භූමියේ පොකුණක් දැක ගත හැකි අතර එම වලගම්බා රජු සහ බිසව ස්නානය සදහා භාවිත කල එකක් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...
ඒ වගේව වලගම්බා රජු මෙම රක්ෂිතයේ සිට රිදී විහාරය දක්වා කඳු වලල්ලෙන් උමඟක් සාදා ඇති බව සදහන් වෙනවා...
රජු හොර රහසේ රිදී විහාරය වැදපුදා ගැනීමට මේ උමග ඔස්සේ පැමිණි බව සඳහන් වන නමුත් එම උමඟ දැනට සොයාගෙන නම් නැහැ...
ජෛව විවිධත්වය ඉහල තලයක ඇති මෙම තැම්පාන රක්ෂිතය අවට දුර්ලභ ගනයේ පැළෑටි පවතින බව සොයාගෙන තිබෙනවා..
හැබැයි ඉතින් අපිට ඕන ඕන වෙලාවට මේක බලන්න යන්න බෑ මාසෙකටම එක දවසයි..
පොහොය දිනයන්දී පමණක් තැම්පාන ජලාශ හා ඒ අසල වූ බම්බා විහාරය නැරඹීමට දෙන අතර ඔබ තැම්පාන රක්ෂිතය තරණය කරන්නේනම් විශේෂ අවසරයක් ගත යුතුයි.
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here