> අතීතයෙන් ලිපියක් <

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    > අතීතයෙන් ලිපියක් <

    එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ජනතා විමුක්ති පෙරමුණ) රටපුරා පැතිරූ භිෂණය ගැන තොරතුරු සහ මතකයන් ඇති අය තවත් ඇතුවායැයි සිතන්නෙමු.
    එලෙස ඔවුන් රටපුර භිෂණය වපුරවමින් (ඔවුන් පමණක් නොව එකල පැවති රජයද සිදුකලේ භිෂණය වැපිරවීමයි) ගමේ නගරයේ රටේ ප්‍රසිද්ද පුද්ගලයින්, ග්‍රාම නිලධාරින්, ගමේ සමිති සමාගම් නායකයින්, රටේ ප්‍රසිද්ද කලාකරුවන්, මාධ්‍යවේදීන් වෙත එවන ලද මරණ තර්ජන ලිපි එකල මහත් ප්‍රසිද්දියක් ඉසිලුහ. එවන් මරණ තර්ජනයක් ලද කලාකරුවෙක් වන සයිමන් නවගත්තේගම මහතාට ලැබුණු එම ලිපිය පහතින් දැක්වේ.
    සයිමන් නවගත්තේගම කලා කරුවාට ජනතා විමුක්ති පෙරමුණ විසින් යවන ලද මරණ තර්ජන ලිපිය

    ස්තුතිය ඔහුගේ බෑනනුවන් වන හර්ෂ අරවින්දට

    1oZuKQC.jpg

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුල් ඡේදෙ කියෙව්වහම මතක් වෙන්නෙ අනුරව :rofl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ මාමා ඒ කාලේ කැම්පස් එකේ ජේවීපී
    අපේ සීයා UNP ශාඛා සමිති සභාපති
    සීයව මරන්න ජවිපෙන් හොයනවා
    මාමව උස්සන්න පොලිසියෙන් හොයනවා
    කොහොමහරි ඒ දෙන්නා බේරුනා
    එත් පවුලේ තුන් දෙනෙක් මැරුනා
    ඒවා පොලිසියෙන් කලේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපේ මාමා ඒ කාලේ කැම්පස් එකේ ජේවීපී
    අපේ සීයා UNP ශාඛා සමිති සභාපති
    සීයව මරන්න ජවිපෙන් හොයනවා
    මාමව උස්සන්න පොලිසියෙන් හොයනවා
    කොහොමහරි ඒ දෙන්නා බේරුනා
    එත් පවුලේ තුන් දෙනෙක් මැරුනා
    ඒවා පොලිසියෙන් කලේ

    :shocked::shocked::shocked:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ape mahappa issara jvp kala
    thatta army eke

    kohoma hari thatta niwadu awilla yanakota
    kiyala "oka nawathapan nethnam man enna umbawa beraganna kiyala"

    passe dawas ganakata passe ahappawa aran gihin
    e kale hena beshanelu..

    itin ape nenda thattata kiyala lankawe hema camp ekakma search karala
    marenna anthima mohotedi

    mahara camp ekedi hoyagena..
    kohoma hari beragena awa..

    .
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ මාමා ඒ කාලේ කැම්පස් එකේ ජේවීපී
    අපේ සීයා UNP ශාඛා සමිති සභාපති
    සීයව මරන්න ජවිපෙන් හොයනවා
    මාමව උස්සන්න පොලිසියෙන් හොයනවා
    කොහොමහරි ඒ දෙන්නා බේරුනා
    එත් පවුලේ තුන් දෙනෙක් මැරුනා
    ඒවා පොලිසියෙන් කලේ




    කවුරු කවුරුත් මිනී මරණ එක තමයි කරේ.. අද කට්ටිය මුකුත් නොදන්නා බබාලා වගේ හිටියට
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ape mahappa issara jvp kala
    thatta army eke

    kohoma hari thatta niwadu awilla yanakota
    kiyala "oka nawathapan nethnam man enna umbawa beraganna kiyala"

    passe dawas ganakata passe ahappawa aran gihin
    e kale hena beshanelu..

    itin ape nenda thattata kiyala lankawe hema camp ekakma search karala
    marenna anthima mohotedi

    mahara camp ekedi hoyagena..
    kohoma hari beragena awa..

    .


    :baffled:
     

    pradaa

    Junior member
  • Dec 25, 2012
    36
    2
    8
    කවුරු කවුරුත් මිනී මරණ එක තමයි කරේ.. අද කට්ටිය මුකුත් නොදන්නා බබාලා වගේ හිටියට

    ekale jvp
    2005 - 2015 mara
    2015 - 2020 saharan
    2020--------? gota?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කවුරු කවුරුත් මිනී මරණ එක තමයි කරේ.. අද කට්ටිය මුකුත් නොදන්නා බබාලා වගේ හිටියට


    අමතක අයට නැවත මතක් කරගන්න පුළුවන් තව මාස හයකින් පමණ !!!:angry::angry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඔය කියන කාලේ ලොකු ලොකු ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ පෝස්ට් එකේ තියන ආකාරයට ලොකු ලියුම් ලිව්වාට බොහොමයක් තර්ජනාත්මක ලියුම් බොහොම පුංචි කොළ කෑලි වල ලියාපුවායි.

    මේ පිලිබඳ මගේ අත්දැකීමක් ලියන්නම්.

    පන්නිපිටිය පැත්තේ වාහනයක ටින්කරින් වැඩ කරලා දෙන්න පොරොන්දු උන ටින්කරින් බාස් කෙනෙක් එයාගේ ගෝලයෙක් අතේ මෙහෙම පුංචි ලියුමක් ලියලා ඒක ඒ වාහන හිමිකරුගේ කඩේට දෙන ලෙස යවා තියනවා.

    "" ආයුද රැගෙන සෙනසුරාදා එනවා. ගෑස් ලෑස්ති කරන්න, ගුණපාල ""

    මේ කොල්ලා ටිකක් කැපී පෙනෙන විදියට අඳින, ඒ කාලයේ තිබුන මාල, වළලු, කරාබු, දම්වැල් ඇඟ පුරා එල්ලා ගත්ත හිපි ටයිප් එකේ කොල්ලෙක්. කඩේක නමක් කියා කියා ඒක හොයමින් පන්නිපිටියේ හන්දියේ ඇවිදිනකොට සැක හිතලා මේකාව අල්ලාගත්තු මිනිස්සු, එතන හිටපු පොලිස් රාලහාමිලාට මේකාව බාර දීලා.

    සාම්ප්‍රදායිකව මුලින්ම දෙකක් ගහලා ප්‍රශ්න අහනකොට මේකා 'මෙන්න මේ ලියුම අහවල් කඩේට දෙන්නයි මම කඩේ හොයන්නේ ' කියා කියලා අර ලියුම පොලිස් කාරයින්ට දීලා. ලියුමේ තියෙන්නේ මොනවද කියලා මේකා දැනගෙන ඉඳලා නැහැ. ලියුම දැක්කාම පොලිස් කාරයෝ දෙන්නා මේකාව අල්ලලා බැඳලා පොලිසියට ගෙනියන්න ලැස්ති වෙද්දී මේකා අඬ අඬා තමන් කවුද කියන එකත්, ලියුම දුන්න තැනැත්තා ගැනත් , විස්තර කියලා. ඒ උනාට පොලිසියෙන් ලැබිලා තියෙන්නේ කට වහ ගනිං, ඒවා පොලිසියේදී කියලා බේරා ගනිං, කියන උත්තරයත්, හොඳ ගුටි පූජාවකුත් විතරයි. කොහොම නමුත් මේ කලබැගෑනිය බලන්න ඔහු සොයන කඩයේ මුදලාලිත් (ඔහු එකල ටිකක් ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක්) මෙතැනට ඇවිත් තියනවා. මිනිහාට මොකක් හරි සැකයක් හිතිලා අර ලියුම ඉල්ලලා කියෙව්වාමයි වැඩේ තේරිලා තියෙන්නේ. ඒ වෙනකොට අර කොල්ලාගේ තොල් පැලිලා, කනට ගහනකොට කරාබු වලට කන ඉරිලා, ඇඳුම් ඔක්කොම ඉරලා .

    මේ මුදලාලිට ටින්කරින් බාස්ව අල්ලා දුන්නේ මමයි. ඉතිං මුදලාලි මේ කියන ලේ පෙරාගත්ත කොල්ලාවත් අරගෙන අපේ ගෙදරට ආවා. මම ඒ කොල්ලාව දන්නේවත් නැහැ. නමුත් ඒ වෙලාවේ හැටියට මේකාව අරගෙන දන්නා අඳුරන දොස්තර කෙනෙක් ගාවට ගෙනිහින් ප්‍රතිකාර කරලා ඒ මුදලාලිම මේකාව ගෙදර ගිහින් බැස්සුවා. බැරි වෙලාවත් ඒ මුදලාලි ඒ මොහොතේ එතන නොහිටියානම්, ''තවත් දරුණු ජේ වී පී මිනීමරුවෙකු පන්නිපිටියේදී අල්ලා ගනී'' කියලා පත්තරේ හෙඩ් ලයින් එකකුයි, ටයර් එකක් බෙල්ලට දාලා ගිණිතියපු මිණියකුයි විතරයි ඉතුරු වෙන්නේ!!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මගේ පියා ත් jvp විසින් මරන්න අරන් ගියා, ලද සුළු අවස්තාවකින් පැන්නාලු.හේතුව රජයේ ලිපිකරුවෙක්.