අතීතයේ කොළඹ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නෝර්ත් ආණ්ඩුකාරවරයාගෙන් පසුව මෙරට ආණ්ඩුකාරවරයා වූ තෝමස් මෙට්ලන්ඩ් සිය ගම්බද නිවස ලෙස තෝරා ගත්තේ ගල්කිස්සේ මන්දිරයකි. එමෙන්ම ඔහු කොළඹ කොටුවේ ද වඩාත් පරිපූර්ණ ආණ්ඩුකාර නිල නිවසක් පිහිටු විය. මේ නිවස පිළිබඳ රසවත් සත්‍ය කතාවක්ද ඇත. මේ මන්දිරයේ අයිතිය තිබුණේ ලක්දිව අවසන් ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ඇන්ගල් බීක්ටය(Ioan Gerard Van Angelbeek ) . ඔහුගේ මිනිපිරිය වූ රූමත් ජැකෙමිනා විවාහ වී සිටියේ ඉංගී‍්‍රසින් යටතේ සිවිල් නිලධාරියකුව සිටි තරුණ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගය. ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධූරය (Pay Master) දැරූ අවදියේ ගිණුම් පියවීමේදී පවුම් දස දහසක මුදල් අඩුවක් මතු විය. මේ නොසිතූ විරූ ඇබැද්දිය නිසා ඔහුගේ ඥාතීන් එකතු වී ඔහුට උපකාර වූහ. රජය විසින් තක්සේරු කර තිබූ පවුම් 35,000 ක මුදල ගෙවන්නට වූයේ ලන්දේසි පරපුරේ අවසන් උරුමය වූ මේ මන්දිරයයි. එය 1804 ජනවාරි මාසයේ 17 වැනිදා බි‍්‍රතාන්‍ය පාලකයන්ට පවරා දෙනු ලැබීය. පසුව “රජ ගෙදර” වූයෙ මෙම මන්දිරයයි.

    1827 වර්ෂයේදී කළ බි‍්‍රතාන්‍ය ජන සංගණනයේ දී කොළඹ කොටුවේ ජනගහනය 854 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, නිවෙස් 205 ක් විය. කොටුව තුළ වැඩිම ජන සංඛ්‍යාවක් වාසය කළේ පිළිවෙලින් , රෝහල් වීදිය, බේලි වීදිය, හා චැතම් වීදියෙහිය. අධික සංඛ්‍යාවක් නිවෙස් පිහිටා තිබුණේ චැතම් වීදියෙහිය.පිටකොටුවට උතුරින් පිහිටි කොටහේන නම් ප‍්‍රදේශයට අයත් භූමි ප‍්‍රමාණය අක්කර 1649 කි. එහි 33,000 පමණ දෙනා වාසය කළහ. කොටුවට උතුරින් පිහිටි මරදාන නම් ප‍්‍රදේශයේ භූමි ප‍්‍රමාණය අක්කර 1297 කි. එහි ජනගහනය කොටහේන තරම් විය. සාන්ත බස්තියම ප‍්‍රදේශය අක්කර 116 ක් විය. එහි ජනගහනය 10,000 තරම් විය. ශාන්ත පාවුළු ප‍්‍රදේශය අක්කර 143 කි. එහි ජනගහනය 20,000 කි. නිව් බසාර් ප‍්‍රදේශය අක්කර 289 කි. ජනගහනය 18,000 කි.

    අද මෙන් එකල ද කොටුව සහ පිටකොටුව මහ වීදියෙන් සම්බන්ධ කර තිබුණි. අද මෙන් නොව එදා පිටකොටුව සුන්දර වූ ද, පිරිසිදු වූද, විශාල වූ ද, ප‍්‍රදේශයක් විය. ලස්සන නිවෙස් හා සුන්දර ගෙවතු හා ලතා මණ්ඩප වලින් පිටකොටුවේ මාර්ග සෑදී තිබුණි. එකිනෙකට සරල සමාන්තරව දිවෙන දිගින් සැතපුම් භාගයක් තරම් වූ වීථි පහක් ද, ඒ වීථි හරහට සෘජු කෝණාකාර ව වැටී ඇති තවත් වීථි පහක් ද, දක්නට ලැබුණු බව ජේම්ස් කොර්ඩිනර් කි‍්‍ර.ව. 1807 දී සඳහන් කරයි. පිටකොටුවේ සමහර මාවත් පටු වුවද, ඉන් පිටත ප‍්‍රදේශයේ සමහර මාවත් සැතපුම් දෙකක් පමණ දුරට විහිදී ගිය විශාල ඒවා විය.

    වඩු කාර්මිකයෝද, පට්ටල්කරුවෝද , කාර්මික ශිල්පීහු ද, මුතු මැණික්ද වෙළෙඳාමේ නියුතු වෙළෙන්දෝ මැලිබන් වීදිය හා කෙයිසර් වීදිය යන ප‍්‍රදේශ වල වාසය කළහ.බි‍්‍රතාන්‍ය යුගයේ මුල් කාලයේදී මෝදර ප‍්‍රදේශය නව පන්නයේ සිරිත් විරිත් වලට අනුව ජීවත් වූ ජනතාවක් වාසය කළ ප‍්‍රදේශයක් විය. අයකැමි ගාවින් හැමිල්ටන් , විගණකාධිපති එච්. ඒ. මාර්ෂල් , අගවිනිසුරු ශ්‍රීමත් විලියම් කොක් යන ප‍්‍රභූවරු මෙහි වාසය කළහ.

    විජිත ලේකම් වූ පී. ඒ. ඇන්ස්ටෲදර් ද, ශ්‍රීමත් සැමුවෙල් ග්‍රේනියර්, හා ඩිංගිෆඩ් , ඩේවිඩ් ද සේරම් , සිසිල් මෝර්ගන් , ඒ .ද .එස්. සෙනෙවිරත්න , සී. ඒ. ලෝරන්ස් , ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, හා පී. කුමාරස්වාමි යන ප‍්‍රසිද්ධ පුද්ගලයෝ රොක් හවුස් මන්දිරය අසල මන්දිරවල වාසය කළහ.මුදලිවරු ආදුරුප්පු වීදිය ප‍්‍රදේශයේ වාසය කළහ. ඇහැලේ පොළ නිලමේ කොළඹ පැමිණි විට වාසය කළේ ආදුරුප්පු වීදිය අසල ලෝකුරු වීදියෙහි පිහිටි නිවාසයෙහි ය. ජේම්ස් ද අල්විස් , උඩගහ මුදලිත් (සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ පියා) කි‍්‍රස්ටෝපර් ඔබේසේකර වාසය කළේ මෙම විදියෙහිය.නගරයේ කෙළවර පිහිටි මුහුදත් අසල පිහිටි අතු විහිදී ගිය වැවත් නිසා කොළඹ කොට්ඨාශ කිහිපයකට බෙදා වෙන් කළේය.

    රැජින වීදිය දකුණින් පිහිටි ගෝල්පේස් පිටිය කාගෙත් සිත් ඇදගත් ස්ථානයකි. එය බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ගේ බැරැක්ක වලට පහළින් පිහිටියේය. ඊට බටහිරින් බේරේ වැවේ බේසමයි. කොළඹ සමාජය (COLOMBO CLUB ) මුහුදට මුහුණ ලා පිහිටියේය. දකුණු කෙළවරේ වූයේ ගෝල්පේස් හෝටලයයි. හෝටලයත් රැජින වීදියත් අතර වූ ගෝල්පේස් පිට්ටනිය සාදන ලද්දේ ශ්‍රීමත් හෙන්රි ෆෝඩ් නම් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් බව එහි සවිකර ඇති ඵලකයෙන් අද ද බලා ගත හැක. එය ආරම්භ කරන ලද්දේ 1856 දී ය. එය නිම කිරීමට වසර තුනක් ගත වී තිබේ. මෙය විශේෂයෙන් වෙන් කරන ලද්දේ කාන්තාවන් හා ළමයින් සඳහා ය. තුරඟ තරග පිටිය මුලින්ම පිහිටියේ ගාලු මුවදොර පිටියට ඉදිරියෙන් ඇති භූමිභාගයේය. ගාලු මුවදොර මුහුදු තීරයෙන් නිරන්තරයෙන් හමන සුළඟ නිසා මෙය කොළඹ නගරයේ වෙසෙන මිනිසුන්ගේ පෙනහැල්ල ලෙස ද හඳුන්වන ලදී.

    කොළඹ කොටුවෙන් ගිනිකොණ දිග පැත්තට පිහිටියේ කොම්පඤ්ඤ වීදියයි. මේ ප‍්‍රදේශය එදා ජලයෙන් වට වු ප‍්‍රදේශයකි. මෙහි භූමි ප‍්‍රමාණය අක්කර 313 කි. ජනගහනය 17,000 කි. මෙයට යා හැකි ප‍්‍රධාන මාර්ගය වූයේ යූනියන් පෙදෙසයි. ප‍්‍රධාන වශයෙන් තේ කොළ කර්මාන්ත ශාලා පිහිටියේ මේ ප‍්‍රදේශයෙහිය. ඊට අමතරව ඉංජිනේරු කර්මාන්ත ශාලා, මිනිරන් ගබඩා ආදියට හා ව්‍යාපාරික ස්ථාන ද මෙහි විය. වික්ටෝරියා උද්‍යානය කෙළවරේ පිහිටි ලිප්ටන් තේ අසුරන කර්මාන්ත ශාලාව, ඇස් රෝහල , මහාරෝහල, වෛද්‍ය විද්‍යාලය, රජයේ වෛද්‍ය සැපයුම් ගොඩනැගිල්ල යන මේවා අද ද දකින්නට ඇත.වික්ටෝරියා උද්‍යානය අක්කර 100 කි. ඒ අසලින් පිහිටි කුරුඳු වත්ත නම් ප‍්‍රදේශයේ සිටියේ නගරයේ ධනවත්ම උදවියයි.
    කුරුඳු ගස් දැන් එහි සොයා ගන්නට නැත. ඒ අසලින් පිහිටියේ හැව්ලොක් රේස් කෝස් පිටියයි. ගාලු මුවදොරට දකුණට විහිදුණු ප‍්‍රදේශය හැඳින්වූයේ කොල්ලුපිටිය නමිනි. එහි භූමි ප‍්‍රමාණය
    අක්කර 2000 කි. ජනගහනයට වූයේ 19,000 කි


    Old Colombo Lighthouse


    1910s-lighthouse-clock-tower-colombo.jpg



    Pettah Market , Colombo


    market-in-colombo-in-ceylon-c1880s.jpg



    Galle face hotel​


    1910-galle-face-hotel-colombo.jpg
     
    Last edited:
    • Like
    Reactions: marvin silva