අතීතයේ ලංකාව හැඳින්වීම

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අතීතයේ ලංකාව හැඳින්වීම

    නිකන් ඉන්න ගමන් මට හිතුනා රොබට් නොක්ස් දුටු ලංකාවේ පලවෙනි වෙළුම ආයිත් කියවන්න.ගොඩක් නගර වල නමුයි ඒකෙ තියෙන සිංග්ලිෂ් බාශාවයි :lol: මට තේරුම් ගන්න බෑ. ඒක නිසා ඔක්කොම නැතුව වැදගත් කියලා හිතෙන දේවල් පරිච්චේදෙන් පරිච්චේදෙට දාන්නම්..වැඩේට කැමතිනම් දිගටම ලිපි පෙළක් විදියට දාන්නම්...යට තියෙන්නේ පලවෙනි පරිච්චේදයේ සාරාංශයක් වගේ :)


    මේ දුපත මුහුදු වෙරල තිරයෙන් පටන් ගත්තොත් උතුරෙන් යාපනය සහ Iland of Manaur ද අවසන් වන අතර නැගෙනහිරෙන් ත්‍රිකුණාමලය සහ බටිකොල ද දකුණෙන් ගාල්ලෙන්ද බටහිර කොළඹින් ද යුක්ත වේ. කොළඹට නම ලැබී ඇත්තේ අඹ ගස් නිසාවෙනි. ඒ මෙහි වැවෙන අඹ ගස් වල ගෙඩි නොව කොළ පමණක් වැවෙන නිසා වේ. :lol: එය කොළ + අඹ කොළඹ වී තිබේ.පසුව ක්‍රිස්තියානුවන් විසින් කොලොම්බස් ට ගව්රවයක් ලෙස කලම්බෝ (Columbo) ලෙස නම් කර ඇත. මෙය මුහුදු කරයේ අග නගරය වේ. මෙපසින් මිගමුව මෙන්ම Colpentine ද පිහිටා ඇත. මේ සියළු ස්ථාන ශක්තිමත් බලකොටු වන අතර ඕලන්ද ජාතියට යටත් වේ.

    රට මධ්‍ය කොටස අයිති නුවර රජතුමාට වේ. මෙම බිම විශාල වශයෙන් මෙන්ම කුඩා වශයෙන්ද කොටස් වලට බෙදී ඇත.එංගලන්තයේ හැඳින්වීමට අනුව විශාල කොටස් පළාත් ලෙසද කුඩා කොටස් නගර ලෙසද වර්ග කල හැකිය.එවායිම් වැදගත්ම නගර වන්නේ නුවර ප්‍රධාන දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උඩුනුවර සහ යටිනුවරයි.ඒවා වඩාත්ම ජනාකීර්ණ සහ ඵලධායි නගරය. එහි ජිවත් වන්නේ උසස් මිනිසුන් වන අතර එයින් කෙනෙකු තෝරාගෙන කුණු සේදු කල ඔහු රජ කමටත් සුදුසු වන බව කියමනක් තිබේ. එසේම රජෙකු වීමටනම් තම රටේ උපන් අයෙකු වීම අනිවාර්ය වේ.

    සෑම නගරයක්ම කැලෑවෙන් වෙන් වී ඇත.එසේම ඒවා බලකොටු ලෙස සාදා තිබේ.ආරක්ෂකයන් නිතරම අවධානයෙන් සිටි.රට බොහෝ කඳු වලින් සමන්විත අතර පිරිසුදු පැහැදිලි ජලය ඒවා අතරින් ගලා යයි.මේවායේ මාළු බොහෝ සමන්විත වන අතර රටේ ප්‍රධාන පෝෂකය වන සහල් වගාවටද මේවා මහත් පිටුවහලකි. ගංගා බොහෝ විට ගල් පර වලින් පිරි පවතින අතර යාත්‍රා කල නොහැකි තරම් වේ. මහා ගඟ එනම් ප්‍රධාන ගංගාව හැඳින්වෙන්නේ මාවැල ගඟ ලෙසයි (මහවැලි). එය ආදම් ගේ ගිරිකුලෙන් (පොතේ තියෙන්නේ මෙහෙම වුනාට සිරිපාදය) ආරම්භ වී උතුරට ගමන් කර ත්‍රිකුණාමලයෙන් මුහුදට බැස යයි. එම ගංගා වද ගල් පර නිසා යාත්‍රා කිරීමට අපහසු වේ. කඳුකරයේ තරම් නැති වුවත් මුහුද දෙසට ලඟා වන විට මහවැලි ගඟ කිඹුලන් ගෙන් පිරි පවතී.


    එය බොහෝ ගැඹුරු ගඟකි. වියලි කාලගුණයක් නැතිනම් මිනිසෙකුට ගඟෙන් එතෙර වීමට අපහසු වේ. මිනිසුන් ගඟෙන් එතෙර වීමට කුඩා ඔරු භාවිතා කරයි. ගඟ බොහෝ පළල් බැවින්ද වැස්ස කාලයට දිය පහර වැඩි වන නිසාද මෙහි පාලම ඉදි කල නොහැක. ඔවුන්ට එය කල හැකි වුවාද එයට රජු ගෙ කැමැත්ත නොලැබෙනු ඇත.ඒ රට තුල ලෙහෙසියෙන් ගමනාගමනය කල හැකි වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවිනි.

    කන්ද උඩ දකුණේ එකල රටේ හඳුනාගෙන සිටි උසම කන්ද විය. එය යුරෝපියන් හඳුන්වන්නේ ආදම්ගේ ගිරිකුල ලෙසයි. එය සිනි කැටයක් මෙන් තියුණු වේ. නමුත් උඩ සමතලා ගලකි.එහි මිනිසෙකුගේ පාදයක් වේ. නමුත් අඩි දෙකක් පමණ විශාලය.රටේ මිනිසුන් මෙම පුදුමයට වන්දනා මාන කරයි. ඔවුන් වැඩියෙන් පැමිණෙන්නේ මාර්තු මාසය පමණ වන විට වේ. එසේම මෙම කන්දෙන් බොහෝ ගංගා ආරම්භ වේ.