HIV වැලැක්වීමේ එන්නතක් එංගලන්තයේ හා වේල්සයේ භාවිතයට
HIV වැලැක්වීම සදහා වන එන්නතක් එංගලන්තයේ හා වේල්සයේ පුද්ගලයන්ට ලබාදීම සදහා ප්‍රථම වරට ජාතික සෞඛ්‍ය සේවය විසින් අනුමත කර තිබේ. HIV වැලදීමට අවධානමක් ඇති පුද්ගලයන් වෙත ලබා දීමට නියමිත මෙම එන්නත වසරකට 6 වතාවක් හෙවත් සෑම මාස දෙකකටම වරක් අදාළ පුද්ගලයන් වෙත ලබා දීමට නියමිතය. cabotegravir නමින් හැදින්වෙන මෙම එන්නත බලාපොරොත්තු වන පරිදි ලබා දීමට හැකි උවහොත් 2030 වසර වන විට මෙරටින් HIV සම්පූර්ණයෙන්ම තුරන් කල හැකිවෙතැයි බලාපොරොත්තු වේ.
HIV වැලැක්විම සදහා මේ වන විට PrEP නමින් පෙත්තක් පවතින අතර එහි සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට නම් HIV අවධානමක් සහිත පුද්ගලයන් විසින් එම ටැබ්ලටය දිනපතා ගතයුතු වේ. දිනපතා එම බෙහෙත ගැනීම ප්‍රායෝගිකව අපහසු වන පුද්ගලයන් සදහා පළමු වටයේදී නව එන්නත ලබා දීමට නියමිත වේ. නිශ්පාදකයාට අනුව වාර්ශිකව එක් පුද්ගලයෙකුට එම එන්නත ලබා දීමට වැයවන පිරිවැය පවුම් 7000 ක් ලෙස ගණන් බලා ඇති අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව වෙත එම එන්නත ඉතා අඩුමිළකට සැපයෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
ඒ අතර HIV වැලැක්වීම සදහා Lenacapavir නමින් තවත් සාර්ථක එන්නතක් පරීක්ෂන අදියරයේ පවතින අතර එම එනිනතෙහි විශේෂත්වය වන්නේ එය වර්ෂයකට එක් වරක් පමණක් ගතයුතු දීර්ඝ කාලීන ක්‍රියාකාරී එන්නතක් වීමයි. එම එන්නත භාවිතයට පැමිණියහොත් එය game changer එන්නතක් ලෙස ක්‍රියාකරනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් මත පළ කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථා වලට අනුව 2023 වන විට ලෝකය පුරා මිලියන 39.9 ක පිරිසක් HIV සමග ජීවත් වෙමින් සිටි අතර එයින් 65% පමන ප්‍රතිශතයක් අප්‍රිකානු කලාපයේ ජීවත් වේ. PrEP ටැබ්ලටය සහ භාවිතයට පැමිණි එන්නත් යොදා ගනිමින් 2030 වන විට HIV සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වේ.
—- copied from Thilan Jayasekara’s Facebook post