අතීතයේ විසූ ප‍්‍රකට රණකාමීන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතීතයේ විසූ ප‍්‍රකට රණකාමීන්

    17063035d4c5cb7b78e548913a33120f35bd8905.jpg


    විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. . එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.



    ඇස්ටෙක්වරු

    tumblr_lk5487LIvI1qfinqoo1_500.jpg


    සෙබළුන් ලෙස ප්‍රකට ජන කොට්ඨාසයක් වන ඇස්ටෙක්වරු යුද්ධයෙහිදී අනුකම්පා විරහිත සටන්කාමීන් විය. ජගුවරයන් හා රාජාලියන් වැනි දඩයමෙහි දක්ෂ සතුන් නිරූපණය කෙරෙන සේ සිය සිරුර සරසා ගැනීමට පෙළඹී සිටි ඇස්ටෙක්වරු සතු වූයේ ඉතාමත් පහළ මට්ටමේ වූ ප්‍රාථමික ආයුධ වුවද ඒවා විශ්වාස කළ නොහැකි තරම් වූ අද්විතීය නිපුණතාවකින් යුතුව මෙහෙයවීමට මනා දක්ෂතාවකින් හෙබියෝ වූහ. ගල් මුගුරු, දුනු හී වැනි ආයුධ ඉතා කාර්යශූර ලෙස හැසිරවීමේ සමත් වූ ඇස්ටෙක්වරු, සතුරන් අභිමුවට පැමිණි කල, සටන අත්නොහරින බවට දිවුරා සිටීම ඔවුන්ගේ රණකාමීත්වය සනාථ කරන කදිම සාක්ෂියකි. පසුකලකදී වඩාත් නවීන ආයුධ සහිතව පැමිණි ‘ස්පැනියඩ්වරු’ අතින් ඔවුන් පරාජයට පත් වුවද, ඉතිහාසයේ විසූ ප්‍රබල රණකාමීන් කොට්ඨාසයක් ලෙස ඇස්ටෙක්වරු කිසිදා අමතකව නොයනු ඇත.



    මොංගල් රණකාමීන්

    mongolian-warriors-2-300x263.jpg


    මොංගල්වරු යනු කුරිරු බවින් හිණිපෙත්තටම නැගි අතිශය දරුණු, ම්‍ලේච්ඡ රණකාමීන් පිරිසක් බව පුන පුනා කීම අවශ්‍ය නොවේ. ගෙන්ගිස් කාන්ගේ නායකත්වයෙන් යුතුව අසූ පිටින් යමින් දේශදේශාන්තර ආක්‍රමණය කිරීමේ සා පිපාසාවෙන් පෙළුණු මොංගල්වරු දක්ෂ අශ්වාරෝහකයන් සේම දුනු හී හරඹයේද මනා සමර්ථකම් දැක්වූ පිරිසකි. මොවුන්ගේ රණකාමිත්වයේ සුවිශේෂී දක්ෂතාවක් වූයේ අසු පිටින් ගමනේ යෙදෙද්දී වුවද දුනු භාවිතයෙන් ඉලක්කයට හී සැර යැවීමේ අද්විතීය හැකියාවකි. ඉතිහාසයේ වැජඹුණු තවත් එක් බලවත් එමෙන්ම විශාලතම අධිරාජ්‍යයක් වනුයේ මොංගල් අධිරාජ්‍යයයි.



    මැට්ලක්වරු

    220px-Mamluke.jpg


    මැට්ලක්වරයෙකු ලෙස හැඳින්වෙනුයේ මධ්‍යකාලීන යුගයේදී මුස්ලිම් කාලිෆ්වරයෙකුට හෝ ‘ආයුබිඩ්’ සුල්තාන්වරයෙකුට සේවය සැලසූ වහල් සොල්දාදුවෙකි. මැට්ලක්වරුන් ඉස්ලාම් දහමට හැරීමෙන් පසු ඔවුහු පාබල භට කණ්ඩායම්වල සේවය කිරීම සඳහා පුහුණුව ලැබූ අතර එතැන් පටන් ‘ෆ්‍යුරුසියා’ ලෙස හැඳින්වෙන විධාන මාලාවට අනුකූලව, ඉන් කියැවෙන ධෛර්යය, පරිත්‍යාගය, හමුදා ශිල්පීය ක්‍රම, අශ්ව විද්‍යාව, දුනු හී හරඹය හා තුවාලවලට ප්‍රතිකාර කිරීම වැනි ගුණාංගයන් පුහුණු කිරීමද අත්‍යවශ්‍ය විය. කාලයත් සමග මොවුහු කුරුස යුද්ධ භටයන්ද (කුරුස යුද්ධවල යෙදුණු මොවුහු කිසිවෙකුට අභියෝග කළ නොහැකි අතිශය ශූර එමෙන්ම තම අරමුණ වෙනුවෙන් සිත්පිත් නොමැති ඕනෑම කුරිරු ක්‍රියාවක නියැලීමට හැකි රණකාමීන් පිරිසක් ලෙස ප්‍රකටය). පරාජයට පත් කොට ඊජිප්තුවේ පාලනය කෙටි කලකට සියතට ගැනීමටද සමත් වූ බව කියැවේ.


    රෝමානු හමුදාව

    r169_457x256_386_Roman_2d_fantasy_roman_warrior_horse_picture_image_digital_art.jpg


    ලොව පැවැති අන් කිසිදු අධිරාජ්‍යයකට බලයෙන් හෝ ප්‍රමාණයෙන් සම කළ නොහැකි වූ රෝමානු අධිරාජ්‍යයේ කොඳු නාරටිය වූයේ රෝමානු හමුදාව බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ආදී ග්‍රීකයන්ගෙන් ලත් ආභාෂයෙන් ඉතා බරැති අවි ආයුධ හා සන්නාහයන් භාවිත කිරීම අතින් ප්‍රචලිත රෝමානු සෙබළුන්, කඩුව, හෙල්ලය හා පලිහ යන තෙවැදෑරුම් ආයුධ එක්ව භාවිතා කිරීමේ මනා දක්ෂතාවකින් යුතු වූවෝය. මනා ලෙස ආයුධ සන්නද්ධ භට පිරිසක් වූ මොවුහු මනා සංයමයකින්ද යුතුවීම සතුරා හට මුහුණ දීමේදී රෝමානුවන්ට වාසි සහගත විය. ධනයෙන්ද ආඪ්‍ය වූවන් බැවින් එකල පැවති හොඳම වර්ගයේ ආයුධවල හිමිකරුවන් වීමටද මොවුන්ට අපහසු වූයේ නැත.



    සමුරායිවරු

    three-samurai.jpeg


    ආදි ජපානයේ විසූ නයිට්වරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සමුරායිවරු දැඩි ලෙස ආයුධයෙන් සන්නද්ධ වූවා සේම තමා සේවය කරන ස්වාමියා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට හෝ පසුබට නොවූ මනා ස්වාමි භක්තියකින් හා අභීත බවකින් යුතු රණකාමීන් කොට්ඨාසයක් ලෙස ප්‍රචලිතය. මිනිසකු පවා එක පහරින් දෙපළු කිරීමට සමත් ලොව එතෙක් මතෛක් දුටු මාරාන්තික තියුණු මුවහතින් යුතු කඩු නිර්මාණයේ කෙළපැමිණයවුන් වනුයේ සමුරායිවරුය. වෘත්තීය සෙබළුන් ලෙස තම දිවියම සටනට කැප කළ සමුරායිවරු ඉතා දැඩි නීතිරීතිවලට යටත්ව වුවද කැපවීමෙන් යුතුව සටන් පුහුණුවේ නියැළෙන ලද්දේ ගෞරවය අපේක්ෂාවෙනි. නමුත් පසුකලකදී සමුරායිවරු ප්‍රකට කළ ප්‍රචණ්ඩකාරී පිළිවෙත් නිසාම ජපාන ගැමියන් ඔවුන්ට එරෙහිව නැගීසිටියේ ‘නින්ජාවරුන්ගේ’ උත්පත්තිය සනිටුහන් කරමිනි.


    නින්ජාවරු

    Ninja-Warrior-Costume-20386-029.jpg


    මහජන දේපළ කොල්ල කෑ සමුරායිවරුන්ට එරෙහිව අහිංසක ගැමියන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් බිහි කෙරුණු නින්ජාවරු පසුකලකදී ඉතිහාසගත ඝාතකයන් කොට්ඨාසයක් බවට පත්වූයේ, සතුරාට නොදැනෙන සේ අනපේක්ෂිත මොහොතකදී අසුරුසැණින් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සතු වූ අසාමාන්‍ය හැකියාව නිසාය. කඩු හරඹයේ අතිදක්ෂයන් වූ නින්ජාවරුන්ටම සුවිශේෂී ආයුධ ලෙස ‘නින්ජා තරු’, ‘පිඹින තුවක්කු’ හා ‘කුසාරිගාමා’ වැනි ඒවා ප්‍රමුඛ වේ.
    රාත්‍රී අඳුරේ සෙවණැලිවලට මුවා වෙමින් රහසේ පැමිණ අසුරුසැණින් ප්‍රහාර එල්ල කොට නිමේෂ-යකදී යළිත් අඳුරට වැද පලා යාමට මොවුන් සතු වූ අසාමාන්‍ය දක්ෂතාව නිසා ඉතිහාසයේ නමගිය රණකාමීන් කොට්ඨාසයක් ලෙස මොවුන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.


    ස්පාටක්වරු

    warriorfinal+copy.jpg


    ස්පාටක්වරුන්ගේ සමස්ත සංස්කෘතියම බද්ධ වී තිබෙන ලද්දේ, ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම යුද්ධයට මුහුණදිය යුතු ආකාරය පුහුණු කිරීම හා සමගය. සටන් වැදීමට ජීවිත කාලය පුරාවටම පුහුණුවීම ස්පාටක්් සංස්කෘතියේ මූලික මෙන්ම එකම අංග ලක්ෂණයද විය. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ ස්පාටක්්වරු අතර ප්‍රකටව තිබූ එක්තරා ජන වහරක් නිසාය. එනම් “පළිහ පෙරටුකොටගෙන පැමිණෙන්න. නැතහොත් ඒ මතින් පැමිණෙන්න” ලෙසයි. එනම් ඉන් හැඟවෙනුයේ යුද්ධයකින් ජය ලැබුවහොත් මිස නැතහොත් යළි නොපැමිණෙන්න යන්නයි. හෙල්ලය හා පළිහ යන දෙකේ සංයෝජනයෙන් අතිශය දක්ෂ ලෙස සටනේ නියැළුණු ස්පාටක්වරු අවසන් වරට සහභාගි වූ සටන ලෙස සැලකෙනුයේ ‘තර්මෝපයිලී’ සටනයි.


    නයිට්වරු

    640x713_14902_Ivanhoe_2d_fantasy_character_knight_warrior_picture_image_digital_art.jpg


    සම්පූර්ණ සන්නාහයෙන් සැරසී අසුපිටින් ගමන් කළ රණකාමීත්වයෙන් ඔදවැඩුණු සටන්කාමීන් පිරිසක්වන නයිට්වරු වැඩවසම් ක්‍රමය පැවතුණු පුරාණ යුරෝපයේ රජවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූවන්ය. බරැති ලෝහමය සන්නාහයෙන්ද, ආයුධවලින් හා අසුන්ගෙන්ද සන්නද්ධ වූ නයිට්වරු මරා දැමීමට ඉතාමත්ම අපහසු සෙබළුන් කොට්ඨාසයක් ලෙස ඉතිහාසගතව සිටිනුයේ ඔවුන් සතු වූ එකී සන්නාහයේ අධි ආරක්ෂිත ශක්තිමත් ස්වභාවය නිසාමය. පුරාණ නයිට්වරුන් හට නූතනයේදී පවා ඉහළ පිළිගැනීමක් හිමිව ඇත්තේ ඔවුහු සටනෙහි නිපුණයන් වූවාසේම සදාචාරාත්මක නීතින්ට ඔබින ලෙසද කටයුතු කිරීම නිසයි. කෙටියෙන් කිවහොත් නයිට්වරුන් යනු නියම මහත්මා ගතිගුණ ඇති රණකාමියෙකු ලෙසද හැඳින්වීමේ වරදක් නැත.

    විවිධ වූ කියුම්කෙරුම් මගින් ඉතිහාසයේ නමගිය පුද්ගලයන් අතර, යුද්ධයෙහි දක්ෂවූවන්ට හෙවත් රණකාමීන්ටද හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි. සටනට දක්වන ලද ළැදියාව සේම සටන් බිමෙහි ද සතුරන් අභිමුඛෙහි ප්‍රදර්ශනය කරනු ලබන එඩිතර බව හා උදේ‍යා්ගය නිසාද මෙවැන්නන් ඉතිහාසයේ ප්‍රකට වී ඇත්තේ අභීත රණකාමීන් ලෙසය. පසුගිය සතියේදීද මෙබඳු ලිපියකින් ඔබ හමුවට ගෙන එන ලද අතීතයේ පැවති ශිෂ්ටාචාර කීපයක විසූ ඇස්ටෙක්වරු, වයිකිංවරු, මොංගල්වරු, රෝමානුවන් වැන්නවුන් මෙම ලිපියටද ඇතුළත් වී ඇත්තේ, පසුගිය සතියෙත් විස්තර කරන ලද ඔවුන්ගේ බිහිසුණු භාවයට හේතුවූ ප්‍රධානම සාධකය වූ යුද්ධයෙහිදී ඔවුන් ප්‍රකට කළ අභීත රණකාමීත්වය නිසයිි. එකී රණකාමීත්වයට මුල්තැන දෙමින්, අතීතයේ සිටි සටනෙහි නිපුණයන් කීප දෙනෙකු පිළිබඳ තොරතුරු මෙසේ ගෙන එන්නෙමු.

    ප්‍රියන්ති රුද්‍රිගු
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෝ ලංකාවේ කවුරුත් නැද්ද? :P
    දසමහා යෝධයෝ එතකොට?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ලංකාවේ සිටි දස මහා යෝදයෝ
    රාවණ රජ්ජුරුවෝ
    දැඩිමුණ්ඩ දෙවියෝ
    ටිකිරි කුමරු
    දෙවන රාජසිංහ
    එකළ සිටි අංගම්පොර ශිල්පියෝ

    :yes::yes::yes::yes::yes::yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ සිටි දස මහා යෝදයෝ
    රාවණ රජ්ජුරුවෝ
    දැඩිමුණ්ඩ දෙවියෝ
    ටිකිරි කුමරු
    දෙවන රාජසිංහ
    එකළ සිටි අංගම්පොර ශිල්පියෝ

    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:

    විමලධර්ම සූරිය රජු , මහනුවර යුගේ හිටපු ගරිල්ලා භටයන්
    මේ ගරිල්ලා භටයන් නිසා පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසින් කිසිම් කෙනෙකුට මහනුවර අල්ලගන්න බැරි වුනා. අන්තිමට මහනුවර යටත් වුනේ අපේම එවුන් පාවලා දීපූ නිසයි. ඉංග්‍රීසින් කිසිම දවසක ලංකාව යුද්ධ කරලා බලෙන් අල්ලගත්තේ නෑ සම්පූර්ණයෙන්ම වගේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks Dear!

    කෝ ලංකාවේ කවුරුත් නැද්ද? :P
    දසමහා යෝධයෝ එතකොට?
    ලිපියෙ ඒ ගැන දාලා තිබුණෙ නැහැ මචෝ.. :no:

    rep+6 addded
    Thanks Machan!

    ලංකාවේ සිටි දස මහා යෝදයෝ
    රාවණ රජ්ජුරුවෝ
    දැඩිමුණ්ඩ දෙවියෝ
    ටිකිරි කුමරු
    දෙවන රාජසිංහ
    එකළ සිටි අංගම්පොර ශිල්පියෝ

    :yes::yes::yes::yes::yes::yes:
    Thanks Machan!

    Thanks for sharing............:)
    WC Dear!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes::yes:

    විමලධර්ම සූරිය රජු , මහනුවර යුගේ හිටපු ගරිල්ලා භටයන්
    මේ ගරිල්ලා භටයන් නිසා පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසින් කිසිම් කෙනෙකුට මහනුවර අල්ලගන්න බැරි වුනා. අන්තිමට මහනුවර යටත් වුනේ අපේම එවුන් පාවලා දීපූ නිසයි. ඉංග්‍රීසින් කිසිම දවසක ලංකාව යුද්ධ කරලා බලෙන් අල්ලගත්තේ නෑ සම්පූර්ණයෙන්ම වගේ.
    11.gif

    11.gif
     
    • Like
    Reactions: \UseR NamE

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    king.jpg


    කන්ද උඩරට රාජධානිය බිහිකළ
    පළමු වන විමලධර්මසූරිය රජතුමා

    අනුරාධපුර යුගය තරම් දීර්ඝකාලීන පාලනයක්‌ ගෙන යැමට ඉන්පසු බිහිවන කිසිම රාජධානියකට අවස්‌ථාවක්‌ නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරැලි කෝලාහල තත්ත්වයන්ය. අවසන් වරට ඪෂ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1411-1466) කෝට්‌ටේ මුල්කර ගෙන මුළුමහත් ලංකාවේ ම බලය එක්‌සේසත් කිරීමට සමත් වුවද ඔහුගේ මරණයත් සමගම නැවත එය අසාර්ථක විය. 16 වන සියවසේ මුල් භාගයේ දී පෘතුගීසින් ලංකාවට පැමිණෙන අවස්‌ථාවේදී ලංකාවේ දක්‌නට ලැබෙන්නේ යාපනය කෝට්‌ටේ හා උඩරට නමින් බෙදී ගිය ප්‍රාදේශීය රාජ්‍යයන්ය. නමුත් කෝට්‌ටේ ප්‍රධාන රාජ්‍යය ලෙසට පිළිගත් බව පෙනේ. ක්‍රි.ව. 1521 දී සිදුවන විජයබා කොල්ලයත් සමග බිහිවන සීතාවක රාජධානිය බලය අතින් ද ජනප්‍රියත්වයෙන්ද මෙම සියලු රාජධානි අභිබවා සිටී. සීතාවක රාජධානිය ප්‍රබල වීමට බලපාන්නේ කෝට්‌ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) රජු පෘතුගීසි සහයෝගය ලබා ගැනීම හා කෝට්‌ටේ පෘතුගීසින්ට අවනත රාජධානියක්‌ වීම නිසාය. මෙම තත්ත්වය තවත් ප්‍රබල වන්නේ හත්වන බුවනෙකබාහු රජු මියගොස්‌ ඔහුගේ මුණුබුරු ධර්මපාල කුමරු රජවීමත් සමගය. මෙනිසා දෑ හිතකාමී සියලු පිරිස්‌ සීතාවක රාජධානිය වටා එක්‌රොක්‌ වේ. ලංකාව පෘතුගීසින්ගෙන් නිදහස්‌ කර ගැනීම සඳහා සීතාවක මායාදුන්නේ සහ රාජසිංහ යන පිය පුතුන් විසින් මාරාන්තික සටනක්‌ ගෙන යනු ලබයි. එම බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමට නොහැකි වුවද සීතාවකින් එල්ල වූ ප්‍රහාරය දැවැන්ත මෙන්ම අභියෝගාත්මක විය. සීතාවක රාජධානියේ බල ව්‍යාප්තියේ උපරිමත්වයට පත් වන්නේ ක්‍රි.ව. 1582 දී උඩරට යටත් කර ගැනීමත් සමගය. ක්‍රි.ව. 1592 දී සිදුවන රාජසිංහ රජුගේ මරණයත් සමග සීතාවක රාජධානිය පරිහානිය කරා වේගයෙන් ගමන් කරයි. එය පහසුවෙන්ම පෘතුගීසින්ට යටත් වෙයි. ඉන්පසු ඔවුන් උත්සාහ කරනුයේ කන්ද උඩරටද ආක්‍රමණය කර තමන්ට ගැති පාලකයකු පත්කර ගැනීම සඳහාය. නමුත්a ඒ අවස්‌ථාවේ පළමුවන විමලධර්මසූරිය රජු ඒ සියලු අභියෝග ජයගෙන කන්ද උඩරට නව රාජවංශයක්‌ ආරම්භ කරමින් ක්‍රි.ව. 1592 දී බලයට පත්වේ. මේ එතුමාගේ ඓතිහාසික කතන්දරයයි.

    ක්‍රි.ව. 1581 දී සීතාවක බලයට පත් වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරනු ලබයි. එයට හේතුව වශයෙන් මේ වන විට උඩරට පාලකයාව සිටි කරල්ලියද්දේ පෘතුගීසින්ට පක්‌ෂග්‍රාහී වීම පෙන්වා දිය හැක. මෙම ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා රාජසිංහ රජුට උඩරට ප්‍රධානීන්ගෙන් සහයෝගය ලැබේ. ඒ අතර වීරසුන්දර බණ්‌ඩාර නම් ප්‍රභූවරයා ප්‍රධාන තැනක්‌ ගනී. මෙහිදී පරාජයට පත්වන කරල්ලියද්දේ තම බිරිඳ දියණිය ඇතුළු පිරිසත් සමග පෘතුගීසි රැකවරණය පතා පලායයි. මෙහිදී රාජසිංහ රජුට සහයෝගය දක්‌වන වීරසුන්දර බණ්‌ඩාර අප ඉහතින් සඳහන් කළ විමලධර්මසූරිය රජුගේ පියතුමන්ය. (විමලධර්මසූරිය රජු රජවීමට පෙර හැඳින්වූයේ කොනප්පු බණ්‌ඩාර නමිනි.)

    නමුත් වැඩිකල් යැමට මත්තෙන් රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියා මාර්ගය නිසා උඩරට ප්‍රභූන් මෙන්ම සංඝයා වහන්සේලාද කැළඹීමට පත්වේ. වීරසුන්දර බණ්‌ඩාර තමාට එරෙහිව නැගී එතැයි සැක කරන රාජසිංහ රජු ඔහු මරා දැමීමට තීරණය කරයි. ඔහුට "වලගම වට්‌ටාරම" දෙන බව ප්‍රකාශ කර සීතාවකට රැගෙන එන අවස්‌ථාවේ ගොල බොක්‌කේ වීදියේ බොරු වළක දමා මරණයට පත් කරනු ලැබේ. මෙයින් බියට පත්වන කොනප්පු බණ්‌ඩාර පෘතුගීසින්ගේ රැකවරණය පතා පලායයි.

    එසේ පෘතුගීසීන් වෙත යන කොනප්පු බණ්‌ඩාර දොන් ජුවන් නමින් භෞතිස්‌ම ලබා ගෝව වෙත ගෙන යනු ලබයි. එහිදී ඔහුට මුහුණ පාන්නට වන්නේ බිහිසුණු අවස්‌ථාවකටය. එනම් ගෝවේ විසූ ගජබාහු නමැත්තාව කිසිම පුද්ගලයකුට පරාජය කළ නොහැකි විය. නමුත් ඒ අභියෝගය භාරගත් කොනප්පු බණ්‌ඩාර ඔහුව පහසුවෙන් ම මරාදැමූ බව රාජාවලිය පවසයි. මෙයින් සතුටට පත් ගෝවේ විසූ පෘතුගීසින් වසර තුනකට පසු නැවත ඔහු ලංකාවට එවා ඇත. මන්නාරමෙන් ගොඩබට කොනප්පු බණ්‌ඩාර උඩරට ආක්‍රමණයේ නියමුවා ලෙස පත්කොට යමසිංහ බණ්‌ඩාර රාජ්‍ය උරුමක්‌කරුවා ලෙස තෝරාගෙන ඇත. මෙහි අරමුණ වූයේ රණශූර කොනප්පු බණ්‌ඩාර මගින් උඩරට යටත්කොට යමසිංහ බණ්‌ඩාර තම (පෘතුගීසින්ගේ) අතවැසි පාලකයකු ලෙස පත්කර ගැනීමටය. ස්‌ව කැමැත්තෙන්ම මෙම සටනට එක්‌වීමට කොනප්පු බණ්‌ඩාර තීරණය කරන්නට ඇත්තේ තම පියා මැරූ පලිය රාජසිංහ රජුගෙන් ගැනීමට විය යුතුය.

    මේ වන විට රාජසිංහ රජුගේ පාලනයට විරුද්ධව උඩරට කැරැලි කෝලාහල හටගෙන තිබුණි. එයට හේතුව රාජසිංහ රජු මුලින් සඳහන් කළ පරිදි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ බැවිනි. කොනප්පු බණ්‌ඩාර කරල්ලියද්දේගේ බෑණා කෙනකු වූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්) හා එක්‌ව විශාල හමුදාවක්‌ සමග උඩරටට පිවිසෙයි. උඩරට ප්‍රභූන් විසින් මොවුන් පිළිගෙන ඇත. නමුත් එහිදී පෘතුගීසින්ට අවශ්‍ය වූයේ යමසිංහ බණ්‌ඩාර තමන්ගේ අතවැසි පාලකයකු ලෙස උඩරට රජකරවීමයි. වැඩි කලක්‌ යැමට මත්තෙන් කොනප්පු බණ්‌ඩාර විසින් යමසිංහ බණ්‌ඩාර පන්නා පෘතුගීසි හමුදාවද එළවා 1592 දී උඩරට ප්‍රභූන්ගේ ආශිර්වාදය මැද විමලධර්ම සූරිය නමින් රජ බවට පත්වේ. මේ අනුව ප්‍රථම වරට කන්ද උඩරට ස්‌වාධීන රාජධානියක්‌ ස්‌ථාපනය වේ. එය සෙන්කඩගල රාජධානියේ ආරම්භයයි.

    නමුත් වැඩිකලක්‌ යැමට පෙර සීතාවක රාජසිංහ රජු තමාම හමුදාවක්‌ රැගෙන ගොස්‌ උඩරට ආක්‍රමණය කරනු ලබයි. රාජසිංහ රජු පරාජය කිරීමට මෙහිදී එතුමාට හැකි වේ. රාජසිංහ රජු නැවත එන අතරමඟ පෙතංගොඩ උයනේ දී උණකටුවක්‌ පයේ ඇනීමෙන් එය දරුණු වී අබිරහස්‌ මරණයකට පත්වේ. ඉන්පසු බිඳ වැටෙන සීතාවක රාජධානිය හා පෘතුගීසි රූකඩයකු ලෙස සිටින කෝට්‌ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් වන අතර ලංකාවේ එකම ස්‌වාධීන රාජධානිය බවට කන්ද උඩරට පත් වේ.

    නමුත් කෝට්‌ටේ පෘතුගීසිහු සෙන්කඩගල වටා නව රාජධානියක්‌ ගොඩනැඟීම කිසිසේත්ම ඉවසුම් නොදෙන කරුණක්‌ විය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුළුමහත් ලංකාවේ ම බලය ගොඩනඟා ගැනීමකටය. ඒ අනුව පෘතුගීසි ජෙනරාල් ජෙරෝ ලෝපේස්‌ ද සූසා විශාල හමුදාවක්‌ රැගෙන ගොස්‌ 1594 දී උඩරට ආක්‍රමණය කරන ලදී, බලන කපොල්ලේ දී විමලධර්මසූරිය රජු පැරදී පලාගිය අතර සූසා කන්ද උඩරටට පැමිණ දෝන කතිරිනා උඩරට රැජින ලෙස අභිෂේක කරවයි. උඩරට පිරිස්‌ ඇය පිළිගත්තද ඇය වටා වූ පෘතුගීසි ආරක්‌ෂක වළල්ල නිසා කිසිදු සිංහලයෙකුට ඇය හමුවිය නොහැකි විය. පෘතුගීසි නායකයකු සමග ඇය විවාහ වන බවට කටකතා පැතිරෙන්නට විය. යමසිංහ බණ්‌ඩාර රජ කර වූවාක්‌ සේ මෙහිදී ද පෘතුගීසින් උත්සාහ කළේ දෝන කතිරිනා මාර්ගයෙන් උඩරට තමන්ට අවනත පාලනයක්‌ ගෙන යැම සඳහා ය. එම පිරිස උඩරට නතර කළ සූසා නැවත ආපසු ඒමට පිටත් විය. නමුත් ඔහුගේ හමුදා තුළ වූ කුමන්ත්‍රණයකින් ලස්‌කිsරිඤ්ඤ හමුදාවේ නායක ජයවීර බණ්‌ඩාර මරා දමනු ලබයි. ඒත් සමග ම එම හමුදාව ඔවුන් අතහැර උඩරට හමුදාව හා එක්‌වෙයි. දන්තුරේ නම් ස්‌ථානයේ දී උඩරට හා පෘතුගීසි සේනා මුහුණට මුහුණලා බිහිසුණු යුද්ධයකට එළඹෙයි. විමලධර්මසූරිය රජු එම සටන ජය ගැනීමෙන් කුසුමාසන දේවිය නිරුපද්‍රිතව ලබාගෙන විවාහ කර ගත්තේය. එමගින් උඩරට රාජධානිය කෙරෙහි නීත්‍යානුකූල අයිතියක්‌ ලබා ගැනීමටද විමලධර්මසූරිය රජුට හැකිවිය. එපමණක්‌ නොව මෙතුමාගේ බල පරාක්‍රමය මෙන්ම උඩරට රාජධානියේ ශක්‌තිමත් භාවයද වැඩි විය. පෘතුගීසින්ගේ මෙම පරාජය පිළිබඳව ජුවාමි රුබේරු විසින් රචිත "සිලාන් දිවයිනේ ඓතිහාසික ෙ€දවාචක" යන ග්‍රන්ථයේ මෙසේ දැක්‌වේ.

    "දුනු හී සහ තුවක්‌කු රැගත් හේවායෝ සැඟවී සිට අනාවරණයව සිටි අප හමුදාවට නොකඩවා පහර දෙන්නට වූහ. අපගේ සේනාව බලනට පැමිණීමට තැත්කළ නමුත් විශාල සේනාවක්‌ මාර්ගය අවුරා සිටින බව දක්‌නට ලැබුණි. මේ අන්දමින් කපිතාන් ජෙනරාල් හා බෑණාවරුන් දෙදෙනාද ඇතුළු අපගේ සියලු සෙනඟ මහත් අපකීර්තිමත් මරණයකට ගොදුරු වූහ".

    මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් බලය තහවුරු වන උඩරට රාජධානිය සිංහල රජවරුන් යටතේ 1739 දක්‌වා ම පාලනය වේ. නැවත වරක්‌ පෘතුගීසින්ගෙන් එල්ල විය හැකි ආක්‍රමණ වළක්‌වා ගැනීමට මෙතුමා දකුණු ඉන්දියාවේ මදුරයි සහ මයිලපුර යන ප්‍රාදේශීය රාජ්‍යවල පාලකයන් ගෙන් වඩිග කුලී හමුදාවක්‌ ලබාගෙන ඇත. මේ ආකාරයට කන්ද උඩරට දේශපාලනමය අතින් ස්‌ථාවර වීමෙන් අනතුරුව සංස්‌කෘතිකමය සංවර්ධනයක්‌ද මෙම යුගයේ දක්‌නට ලැබේ. කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම සඳහා විශාල අනුග්‍රහයක්‌ ලබාදෙන අතර ලෝහ කර්මාන්තයේ හා මැණික්‌ කර්මාන්තයේ දියුණුවට කළ සේවය මන්දාරම්පුර පුවතෙහිද සඳහන් වේ.

    හම්බන්තොට ගිරවා - ඌව දෙ - දුම්බර බිම් තැන්නා

    සබරගමුව සහ සත් - කෝරල - මන්නාරම තිබෙනා

    යකඩ ලෝහෝ කම්හල් - එකසිය හැත්තෑ පමණ වනා

    කරවා දහස්‌ ගණන් නිරතුරු නෙක දන වැඩ කරනා



    රත්නපුරය තුන් නව කෝරලද බුලත්ගම හිනිදුම

    වෙල්ලස්‌සේ කිවුලෙ ගෙදර දියවානේ සහ විල්ගම

    මන්දාරම් පුරයෙහි විල්කඩ ද මැණික්‌ ගඟ රත්ගම

    සිවුසැත්තෑ මැණික්‌ රුවන් කරවා ආකර මනරම

    1597 දී ධර්මපාල රජු මියයැමත් සමග කෝට්‌ටේ සම්පූර්ණ බලය පෘතුගීසින් අත පැවරුණි. එනිසා එකම ස්‌වාධීන රාජධානිය වූ කන්ද උඩරට වටා තව තවත් මිනිසුන්ගේ නැඹුරුතාව වැඩිවූ අතර ඔවුන්ගේ එකම ස්‌වාධීන නිදහස්‌ රාජධානිය බවට උඩරට පත්විය. මෙහි වඩාත් උච්චතම අවස්‌ථාව වන්නේ සීතාවක දෙල්ගමුවේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කිරීමයි. එතුමා මහනුවර දළදා මන්දිරයක්‌ කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී. ලාංකීය රජෙකුගේ රාජ්‍යත්වය තහවුරු වීමට අවශ්‍ය දළදාව උඩරටට ලැබීම විමලධර්ම සූරිය රජු දවස සිදුවූ වැදගත් සිදු වීමකි. මේ වන විට පිරිහී තිබූ බුදුදහම නැවත නඟා සිටුවීම සඳහා බුරුමයෙන් උපසම්පදා විනය කර්මය ලබා ගන්නා ලදී.

    මේ ආකාරයට උඩරට රාජධානිය ගොඩනැඟෙද්දී දෙවන වතාවටද එහි බලය මැඬලීමට පෘතුගීසින් සූදානම් වූහ. සූසාට පසුව එම ධුරයට පත්ව ආ අසවේදු විසින් 1602 දී සුවිශාල හමුදාවක්‌ සමග උඩරට ආක්‍රමණය කරනු ලැබීය. මුලදී අසවේදුට ජයග්‍රහණය හිමි වුවද ලස්‌කිරිඤ්ඤ හමුදාව උඩරටට අවනත වීම හා විමලධර්ම සූරිය රජුගේ උපාය කෞශල්‍යතාව නිසා එම දෙවන ආක්‍රමණයද පෘතුගීසින් ලද අන්ත පරාජයකින් කෙළවර විය. (බලන කපොල්ලේ දී මෙම සටන ඇතිවූ බැවින් එය "බලන සටන" නමින් හඳුන්වයි)

    පෘතුගීසින් ලංකාවෙන් නෙරපා දැමීමට මෙතුමා මහත් වෙහෙසක්‌ ගෙන ක්‍රියා කළේය. මේ වන විට ශක්‌තිමත් නාවික හමුදාවක්‌ සහිත ලන්දේසීන්ගෙන් ආධාර පැතීය. 1602 වසරේÊදී ලන්දේසි ජාතික ජෝරිෂ් වෑන් ස්‌පිල්බර්ජන් (Joris Van Spilbergen) මඩකලපුවට පැමිණීම රජුගේ බලාපොරොත්තු ඉටු කරන්නක්‌ විය. නමුත් ඔහු හා රජු දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද කිසිදු ගිවිසුමකට එළඹීමට අවස්‌ථාවක්‌ නොලැබීම අවාසනාවට කරුණක්‌ විය.

    වැඩි කලක්‌ යැමට මත්තෙන් නැවතත් ලන්දේසි දූත කණ්‌ඩායමක්‌ සීබෝල් ද වාර්ට්‌ (Sebald de Weert)) යටතේ සෙන්කඩගලට පැමිණේ. නමුත් මෙම හමුවීමද එතරම් සුබදායක නොවීය. වාර්ට්‌ පෘතුගීසි නැව් මඩකලපුවේ දී අල්වා ගත්තද ඒ කිසිවක්‌ රජු හා එකඟ වූ පරිදි සිදු නොවීය. එනිසා මෙම සාකච්ඡා අසාර්ථක වූ බව පෙනේ. අවසානයේ දී වාර්ට්‌ බීමත්ව රජුට අගෞරව වන පරිදි හැසිරීම නිසා ඔහු ඇතුළු ඔහුගේ සගයන් පනස්‌ දෙනකු පමණ ජීවිතක්‌ෂයට පත්කර ඇත. මේ සිදුවීමත් සමග ලන්දේසීන්ගෙන් ආධාර ලබාගැනීමට තිබූ අවස්‌ථාව තවත් වසර ගණනාවකින් නැවතී ගියේය.

    ලංකාවේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කර ගැනීම සඳහා ප්‍රබල පෘතුගීසි ආක්‍රමණ දෙකකට මුහුණ දෙමින් ඒවා සාර්ථකව ජය ගනිමින් වරෙක කොනප්පු බණ්‌ඩාර නමින් ද වරෙක අවුස්‌ත්‍රියාවේ දොන් ජුවාන් නමින් භෞතීස්‌ම නාමයෙන්ද තවත් විටෙක මේ සියල්ල ඉවතලා බෞද්ධාගමිකයකු ලෙස විමලධර්මසූරිය නමින් 1592 දී නව රාජවංශයක්‌ ආරම්භ කරමින් සිහසුනට පත් මෙතුමා ක්‍රි.ව. 1604 දී දරුණු උණ රෝගයක්‌ වැළඳීමෙන් මරුමුවට පත්විය. යම්කිසි දුර්භාග්‍යමත් හේතුවක්‌ මත දන්තුරේÊහා බලන සටන අප පරාජයට පත්වූවා නම් 1815 ට තවත් සියවස්‌ දෙකකට පමණ පෙර අප දේශයේ ස්‌වාධීනත්වය සම්පූර්ණයෙන්ම විජාතික බලවේගයකට යටත්වීමට සිදු වනු නොඅනුමානය.

    ලන්දේසි ජාතික ඉතිහාසඥයකු වූ බැල්දියෙස්‌ විසින් විමලධර්මසූරිය රජු හඳුන්වා ඇත්තේ මෙසේය.

    "දොන් ජුවාන් වීරෝදාර වූත් ශූර වූත් සෙනෙවියෙක්‌ විය. කාලවර්ණ වූ ශරීර පැහැයෙන් යුත් මොහු උස්‌ සිරුරක්‌ හා ගැඹුරු කටහඬකින් හෙඹි ඉතා දක්‌ෂ පාලකයෙක්‌ විය. ඔහුගේ රාජ්‍ය කාලය තුළදී රටේ මනා පාලනයක්‌ පැවතියේය. වරද කරුවන් විෂයෙහි ඔවුන්ට විරුද්ධව තදින් ක්‍රියා කළ හෙතෙම යහපත් ජනයාට නොමසුරු බව කරුණාව හා ත්‍යාගශීලී භාවය උදක්‌ම පිදුවේය. සාමාන්‍ය නිල සේවයේ හෝ යුද සේවයේ හෝ විශිෂ්ට ලෙස සේවය කළ අයට මිල මුදල් තාන්න මාන්න ආදියෙන් සංග්‍රහ කළේය. රාජ්‍ය පාලකයකු වශයෙන් ඔහු කෙරෙහි වූ දූරදර්ශි බව නිසා විදේශ රජවරුන් සමග අත්සන් තබන ලද ගිවිසුම් ආදියට හානියක්‌ නොවන පරිදි සුහද මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීමට මොහු සමත්විය. එහෙත් ලංකාව පුරා ඔහු පැතිරූ බලය නොඉවසූ පෘතුගීසින්ගේ නම් ඔහු පරම සතුරෙක්‌ විය.

    විදේශිකයකු අතින් මෙසේ වර්ණනා වී ඇති විමලධර්මසූරිය රජුගේ ගුණාංග අතිශයෝක්‌තියක්‌ නොවන බව පිළිගත හැකිය. මේ හැරුණු විට තම රට ජාතියට මෙතුමා විසින් කෙතරම් භක්‌තිමත්ව සිටියේ ද යන්න ලන්දේසි නියෝජිත ස්‌පිල් බර්ජන්ට තමා හඳුන්වා දුන් අයුරින් මනාව පැහැදිලි වේ.

    "මම වෙළෙන්දෙක්‌ නොවෙමි. මම හේවායෙක්‌ මි. මගේ අදහස ගෙවල් සෑදීම හෝ වතු වගා කිරීම හෝ වෙනයම් ක්‍රමයකින් මුදල් රැස්‌කිරීම හෝ නොවේ. මව්බිම ආරක්‌ෂා කර ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි."

    තම ජීවිත කාලය පුරාවටම ඉහත ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීමට වෙර දැරූ මෙතුමා ලංකා ඉතිහාසයේ පහළ වූ රජවරුන් අතර සුවිශේෂ නරෝත්තමෙයෙක් වේ.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිකිරි කුමාරයා

    tikiri_kumaraya_hanvella.jpg


    පළමුවන රාජසිංහ ( සීතාවක රාජසිංහ ), ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෙරදිග රටක් විසින් එවකට ලොව බලවත්ම ආක්‍රමණික හමුදාවක් හිමිවූ පරංගීන්ට එරෙහිව පළමුවන වෙඩිමුරය තැබූ එතුමා සමඟ එක්ව ගෝවේ පරංගි රජුට මර උණ ගැණුන මුල්ලේරියා මහා සංග්‍රාමයට යුද්ධ කිරීමේ ගෞරවය අප පරම්පරාවට හිමි විය.

    ශ්‍රී ලාංකීය ඉතිහාසය වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම යුද ඉතිහාසයකි. සිංහලුන් තරම් රටක් වෙනුවෙන් යුද වැදුණු හා දිවි පුද කළ විරුවන් ලොව වෙනත් රටක නොමැති තරම් ය. නොනැවතුණු පරදේශක්කාරයින් ගේ ආක්‍රමණ හමුවේ අත රැඳි අසිපත බිම තබන්නට සිහලුන්ට විරාමයක් නොවුණා කිවහොත් නිවැරදි ය. පාණ්ඩ්‍ය, චෝල, ආක්‍රමණවලින් අනතුරුව ලොව දරුණුත ම ආක්‍රමණිකයින් වූ පෘතුගීසීන් ගේ කෲර ආක්‍රමණවලට වරින් වර මුහුණ දීමට 1505 සිට සිංහලයින්ට සිදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් දරුණු වූ එම ආක්‍රමණවලට එරෙහිව සිංහල රණ ශූරයින් නැඟී සිටිය ද දේශපාලන වාසි තකා පරංගීන්ට ආවැඩූ අපේ ම උදවිය පෘතුගීසීන් තව තවත් ශක්තිමත් කළහ. මෙයට හොඳම උදාහරණය වන්නේ කොට්ටේ දොන් ජුවාන් ධර්මපාල රජතුමා ය.

    මේ හේතුවෙන් පෘතුගීසී පිළිලය වඩ වඩාත් හෙළ දෙරණ වසා වැඩෙන්නට විය. මේ පරංගි ආක්‍රමණ හමුවේ ඊට නොබියව මුහුණ දුන් ප්‍රබලතම පුද්ගලයා වූයේ සීතාවක රාජසිංහ රජතුමා හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි ටිකිරි කුමාරයා ය. එතුමා අංගං සටන් ශිල්පයෙහි කෙළ පැමිණියෙකු වූ අතර අශ්වාරෝහණයට ඇතුළු රණ හරඹයෙහි උපන් හපන්කම් පෑ රණ සුරුවෙක් විය. ටිකිරි කුමරු ගේ රණ ශූරත්වය කෙතෙක් ද යත් වයස අවුරුදු එකොළහ පමණ දී සිය පියා වූ මායාදුන්නේ රජුගේ සේනාවේ අණ දෙන තනතුරක් දැරීමට පවා සමත් විය. ඒ බව “කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා, ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා“ නම් ජන කවියෙන් මොනවට ඔප්පුවේ.

    කෝට්ටේ රාජධානිය නතු කරගත් පෘතුගීසීන් ගේ ඊළඟ අභිප්‍රාය වූයේ සීතාවක රාජධානිය ද අත්පත් කර ගැනීමයි. මේ වෙනුවෙන් ඉතා දරුණු සටන් රැසක් ම විටින් විට පාතුගීසීන් විසින් දියත් කරනු ලැබූ අතර මුල්ලේරියාව දක්වා ම පහර දී ගෙන පැමිණි පෘතුගීසීහු 1562 දී මුල්ලේරියාව අසල වේරගොඩ ගමේ වාඩිලා ගත්හ.

    පළමුවන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජු ගේ යුද උපායශීලීත්වය අසම සම විය. “යුදට උපන් කුමරා” ලෙස ජන කවියා විසින් ද හඳුන්වනු ලැබූ එතුමා මුළු සීතාවක රාජධානියේ ම යුද මර්මස්ථානයන් හි බලකොටු තැනවී ය. ඒ අතර වර්තමාන කළුඅග්ගල බොස්කෝ විද්‍යාලය පිහිටි භූමියේ තිබුණු ගිරාඉඹුල බලකොටුව ද අතීතයේ ගුරුබැවිල නමින් හැඳිනු වූ වත්මන් හංවැල්ලේ පිහිටි බලකොටුව ද කඩුවෙල පිහිටි කඩවත් බලකොටුව ද සීතාවක රාජධානියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස අතිශයින් ම වැදගත් විය.

    http://mulleriyabattlefield.blogspot.com/p/blog-page_5310.html
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවන රාජසිංහ රජතුමා

    සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය.ක්‍රි.ව.1630 දී රන්දෙණිවෙල සටන මෙහෙයවීම හේතුවෙන් රජ වීමට පෙර සිටම කීර්තියට පත්ව සිටි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පෘතුගීසීන් ලක්දිවෙන් තුරන්කොට සමස්ත දේශයෙහිම පාලකයා වීමය.

    තමා ත්‍රීසිංහලාධීශ්වර බව දැන්වූ රජු යම් යම් වරප්‍රසාද භුක්ති විදි විදේශිකයින් කප්පම් ගෙවිය යුතු බවටද නියෝග කළේය.පෙර රජවරු පෘතුගීසි ප්‍රදේශවල වරින් වර කැරලි ඇතිකොට එම ප්‍රදේශවල හානි පැමිණවීමෙන් තාවකාලීකව පෘතුගීසි බලය මර්දනය කළහ.පෘතුගීසීන් සහමුලින් පන්නා දැමීමට එම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඒ සඳහා බලගතු නාවික ශක්තියක් තිබිය යුතු බවද දෙවන රාජසිංහ රජු වටහා ගත්තේය.පළමුවන රාජසිංහ රජු මෙන් දෙවන රාජසිංහ රජුද පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත් වුවද පෘතුගීසින්ගේ නාවික ශක්තිය හේතුවෙන් එයට එහා යමක් කළ නොහැකි විය.එයට පිළියම් වශයෙන් ඔහු ඒ වන විට ඉන්දියා දූපත් සමග දූත මෙහෙවරද ලිපි ගනුදෙනු කළේය.ජාවා දිවයිනේ ජාකර්තාවල බලය පිහිටුවා ගෙන සිටි ලන්දේසීන් වෙළදාමට අමතරව අන් යමක් බලාපොරොත්තු නොවෙතැයි සිතූ රජු ඔවුන්ට කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය හා වරායන් පමණක් ලබා දීමෙන් පෘතුගීසීන් පලවා හැරීමට උදව් ලබාගත හැකියැයි සිතීය.ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමේදී දෙවෙනි රාජසිංහ රජු එක් විදේශීය ජාතියක් වෙනුවට තවත් විදේශීය ජාතියක් මෙරටට වැද්ද ගැනීමට කිසිවිටෙකත් නොසිතීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ පෘතුගීසීන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම නිදහස් කර ගැනීමය.

    දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් උපකාර පැතීම පෘතුගීසීන් රුසන්නක් නොවීය.ඒ අනුව එවකට මෙරට පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි දියෝගුද මේලෝ කිසිවෙකුගේ අදහස් නොවිමසා ක්‍රි.ව.1638 දී නැවතත් උඩරට ආක්‍රමණය කළේය.එසේ වුව රණශූර දෙවන රාජසිංහ රජු දියෝගුද මේලෝ පවා මරමුවට පත් කරමින් ආක්‍රමණය මැඩ පවත්වා පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දැමුවේය.ඉන් නොනැවතුණු රජු පහතරට ප්‍රදේශවල ජනතාව ලවා කැරලි ඇතිකොට පෘතුගීසි පාලනය අවුල් කොට දැමුවේය.

    අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් නැමැත්තා යටතේ ලන්දේසි නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟා වූයේ මේ අවධියේය.පෘතුගීසීන්ට පහරදීම සදහා කදිම අවස්ථාවක් එළඹ ඇති බව වටහා ගත් හෙතෙම මඩකලපු වරාය අපහසුවකින් තොරව අල්ලා ගත්තේය.මෙයින් සතුටට පත් රජතුමා අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් සමග 1638 දී අලුත් ගිවිසුමකට එළඹියේය.

    ක්‍රි.ව.1638 දී අත.්සන් තබන ලද එම ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවීමටද එතෙක් ඔවුන් භුක්ති විදි කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය ලන්දේසීන්ට පැවරීමට එකඟ විය.පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලද බළකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කිරීමට හෝ පිළිසකර කොට ලන්දේසීන්ට නතර වී හිඳීමට ඉඩදීමටද රජු එකඟ විය .එසේ වුවද එහදී ලන්දේසීහු “උඩරට රජු කැමති පරිදි”යන්න සිතාමතාම තමන්ගේ පිටපතෙහි සදහන් නොකිරීමට වගබලා ගත්හ.

    ඔවුන්ගේ අභිප්‍රාය වූයේ පෙරදිගදී තමන්ට වෙළද වාසි අත්කර ගත හැකි ප්‍රදේශ තමන් සතු කර ගැනීමය.ඒ අනුව එවකට ලෝකයේ ඉස්තරම්ම කුරුදු නිපදවන රට පෘතුගීසීන්ගෙන් නිදහස් කොට උඩරට රජුගේ ආධිපත්‍යයට නතු කොට එහි වෙළද අයිතිය පමණක් රදවා ගැනීමට ඔවුන් අදහස් කළේ නැත. ඒ අනුව ඉහත සදහන් උඩරට රජු කැමති පරිදි යන වගන්තිය ඇතුළත් නොකිරීම හේතුවෙන් ලන්දේසීන් මෙරට ඉන්නා තුරාවට උඩරට රජු හා ඔවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකි නොවීම.

    ක්‍රි.ව.1639 මැයි මාසයේදී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබූ එකම පෘතුගීසි බළකොටුව වූ ත්‍රිකුණාමලය අල්ලා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1640 පෙබරවාරි මාසයේදී මීගමුවද,ඊළඟ මාසයේදී ගාල්ලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව.1656 දී කොළඹ කොටුවද යටත් කර ගැනීමට හැකිවූ අතර ඒ අනුව පෘතුගීසීන් එළවා දැමීමේ රජුගේ අදහස සඵල වුවද රජු හා ලන්දේසීන් අතර මතභේදවල අඩුවක් නොවීය.

    කෙසේ වුවද ක්‍රි.ව.1645 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්බන්ධව ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති වූ අතර එය රාජසිංහ රජු කිසිසේත්ම ඉවසූ දෙයක් නොවීය.එම ගිවිසුමට අනුව මීගමුව සහ ගාලු වාරායන්ද,බෙන්තර ග‍ගේ සිට වළවේ ගඟ දක්වා රට අභ්‍යන්තරයට සැතපුම් 40 සිට 60 අතර ප්‍රමාණයක මුහුදුබඩ බිම් තීරයද ලන්දේසීන්ට අයත් බව පෘතුගීසීන් පිළිගෙන තිබුණි.තමාගේ උපකාරයට ගෙන්වා ගත් මිතුරා සතුරා සමග අත්වැල් බැද ගැනීම රාජසිංහ රජු අපේක්ෂා කළ දෙයක් නොවේ.මේ කාරණා හේතුවෙන් එම කාලයේදී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තේය.

    ඔය අතරේම පෘතුගීසීන්ද රජු හා සාම ගිවිසුමකට එළඹීමට කටයුතු කළහ.එසේවුව ක්‍රි.ව.1649 දී පමණ ඔවුන් එවූ තානාපතියා වෙත රජු ඔවුනට පිළිගත නොහැකි ආකාරයේ කොන්දේසි දෙකක් නැවතත් ඉදිරිපත් කළේ නැවතත් ඔවුන් හා සමගි සාමදානයකට එළඹීමට නොකැමති වූ නිසාය.මුළු ලංකාද්වීපයෙහිම අධිපතියා තමන් වියයුතු බව පළමු කොන්දේසිය වූ අතර දෙවැන්න වූයේ කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල වාසය කිරීමට ඉඩදෙන අතර පෘතුගීසීන් සතු සෑම ප්‍රදේශයකම නතරවීමේ බලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුවිය යුතු බවය.ඒ ආදී කාරණා මත සාම සාක්ච්ඡා මල්පල නොගැණුනි.

    ක්‍රි.ව.1650 අවසාන භාගයේදී ලන්දේසි-පෘතුගීසි මිත්‍රත්වයද බිඳ වැටුණි.ඒ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර,අගුරුවාතොට,කොළඹ,මන්නාරම හා යාපනය බළකොටු පමණි.ලන්දේසීන් නැවතත් එම ප්‍රදේශවලට පහරදීම ඇරඹූ අතර රාජසිංහ රජුද අවස්ථාව බලා ගොඩබිමින් පෘතුගීසීන් පහර දුන්නේය.ක්‍රි.ව.1655 දී කළුතර හා අගුරුවාතොට බළකොටු අල්ලා ගත් ලන්දේසීහු කොළඹ වෙත නෙත් යොමු කළහ.එසේ වුව කොළඹ කොටුවට පහර දෙනු ප්‍රමාද වෙනු දුටු ගැස්පා ෂිගේරා නම් පෘතුගීසි කපිතාන්වරයා යළිත් වරක් අගුරුවාතොට අල්ලාගෙන සතර කෝරළයේ හා සත් කොරළයේ සිටි සේනාවන්ට පහරදී පන්නා දමා එම ප්‍රදේශද,සබරගමුව හා බුලත්ගම ආදී ප්‍රදේශවලද තමන්ගේ බලය තහවුරු කර ගත්තේය.

    එසේ වුව දෙවන රාජසිංහ රජු රට අභ්‍යන්තරයේ පෘතුගීසි බළකොටුවලට පහරදී ජය ගනිමින් සිටි හේතුවද,ලන්දේසි හමුදාවන්ට ආහාර පානාදිය සපයමින් උපකාර කළ හෙයින්ද ක්‍රි.ව.1656 මැයි 12 වැනි දින කොළඹ කොටුව අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදු විය.ඉතිරිව තිබූ මන්නාරම හා යාපනය ද ක්‍රි.ව.1658 පෙබරවාරි හා ජුනි මාසවලදී අල්ලා ගන්නා ලදී.එසේ වුව තමන්ගේ ද ආධාර ඇතිව කොළඹ කොටුව අල්ලාගත් ලන්දේසීන් වගක් නොමැතිව තනිවම එය අත්පත් කරගෙන සිටීම දෙවන රාජසිංහ රජු පුදුමයට හා කෝපයට පත්විය.

    පෘතුගීසීන් පලවා හැරි කල රටේ ඔවුන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම ලන්දේසීන් සතු වූයේ යැයි නොසිතිය යුතුය.ලන්දේසීන්ගේ අරමුණ වටහා ගත් දෙවන රාජසිංහ රජතුමා හැකිතාක් එය වැළැක්වීමට පියවර ගත්තේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උඩරට රාජධානියට ඈදා ගැනීමට රජු සමත් වූයේය.ක්‍රි.ව.1638 දී පුත්තලමේ සිට මීගමුව දක්වා මුහුදුබඩ තීරය පෘතුගීසීන් සතුව පැවතියද ක්‍රි.ව.1658 වන විට ඒ ප්‍රදේශ අයිතිව තිබුණේ උඩරට රාජ්‍යයටය.ඒ අනුව කල්පිටිය හා මන්නාරම වරායන් උපයෝගී කරගෙන උඩරට වැසියනට සෘජුවම විදේශික වෙළදුන් හා වෙළද කටයුතුවල නිරත විය හැකිව අතර ඒ හේතුවෙන් උඩරට රාජ්‍යය තුළ ආර්ථික සංවර්ධනයක්ද ඇති විය.එයට අමතරව සත්කෝරළය සහමුලින්මච,සබරගමුවේ හා සතර කෝරළයේ වැඩි ප්‍රමාණයක්ද තමන්ගේ අණසක යටතට ගැනීමට උඩරට රජු සමත්ව සිටි අතර,
    කුරුදු නොවැවෙතැයි යන විශ්වාසය කළ මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන් විසින් රජුට භාරදී තිබුණි.ඒ අනුව බලන කල පෙර කිසි විටෙකත් නොවූ අන්දමට උඩරට රාජ්‍යය සතුව විශාල භූමි ප්‍රදේශයක් තිබුණි.උඩරට රජු කෝප ගැන්වීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දැන සිටි ලන්දේසීහු,රජු ත්‍රිසිංහලාධීශ්වර බව පිළිගනිමින් තමන් උඩරට රජුගේ සුච්ච කීකරු සේවකයින් බව ප්‍රකාශ කළහ.එසේම කුරුදු ලබා ගැනීමේදී ඔවුන්ට උඩරට රජුට කප්පම් ගෙවීමටද සිදුවිය.එසේවුව මේ සියල්ල එපරිද්දෙන්ම තබා ගැනීම සදහා ක්‍රි.ව.1658 න් පසුව උඩරට රජුට ලන්දේසීන් සමග බලවත් අරගලයක නිරත වීමට සිදුවිය.

    රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය.

    ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය.
    තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්‍රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව,
    ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ,

    මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි.

    ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය.

    නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී.

    ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය.

    ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය.

    එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත.

    ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ.

    අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට වියත