අතීතයේ සිටි දරුණුම දාම ඝාතකයා (Serial killer)

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    රෑ සපුව රැක ගැනීමට ලේ පානය කල එලිසබෙත්.
    ඝාතන 600 කට අදිකයි.


    2A9M0J9_3x2.jpg



    කාන්තාවන් සාමාන්‍යයෙන් තමන්ගේ රූමත් බව ගැන පිරිමින්ට වඩා වැඩියෙන් සිතයි. ඒ සදහා ඔවුන් නානාප්‍රකාර දෑ සිදු කරයි. 1561 හංගේරියාවේ උපන් එලිසබෙත් බැතොරි ද එවැනිම අයෙකි. මැයට අතිශයින්ම අලංකාර රෑ සපුවක් තිබුණි. එලිසබෙත් තමන්ගේ මෙම රූ සපුව ජීවිතකාලය පුරාවටම තබාගැනීමට තැත් කලාය. පුදුමයට කරුණ නම් මැය ඒ වෙනුවෙන් මිනිස් ජීවිත අති විශාල ප්‍රමාණයක් බිල්ලට දීමයි. මේ ඇයගේ කතාවයි.

    images


    එලිසබෙත් විවාහ වූයේ වයස අවුරුදු 15 දීය. ඒ උසස් රාජ්‍ය නිළදාරියෙක් සමඟය. මේ හේතුවෙන් ඇයට බොහෝ දෙනාගේ ගෞරවය හා රජ මාලිගයේ වාසය කිරීමටද අවස්ථාව හිමි විය. 1604 දී එලිසබෙත්ගේ ස්වාමිපුර්ෂයා අවාසනාවන්ත ලෙස මිය ගියේ ය. මේ වන විට එලිසබෙත්ගේ වයස අවුරුදු 43කි. වැන්දඹුවක් ලෙස එලිසබෙත් නැවත විවාහයක් ගැන ආසාවෙන් සිටියාය.

    වයස අවුරුදු 43ක් වූ නිසා මැයගේ මුහුණ, අත්, පා රැලි වැටීමට පටන් ගත්තාය. මේ හේතුවෙන් එලිසබෙත් බොහෝ කනස්සල්ලට පත් විය. දිනක් එලිසබෙත් මාලිගාවේ සක්මන් කරමින් සිටියාය. ඒ අතරතුර මාලිගාවේ සේවිකාවක් ඇයගේ ඇඟේ ගැටුනාය. මෙයින් කෝපයට පත් එලිසබෙත් සේවිකාවට වැරෙන් පහර දුනි. සේවිකාවගේ නහයෙන් පිටවුනු ලේ එලිසබෙත්ගේ අතේ තැවරිණි. එසේ ලේ තැවරුණු විට තමන්ගේ අතේ රැලි ගැසී තිබීම පහව ගියාක් මෙන් ඇයට දැනෙන්නට වූවාය. ඈ මේ පිලිබඳව බොහෝ සතුටට පත්වී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයින් හමුවීමට ගියාය.



    Elizabeth-Bathory.jpg



    එලිසබෙත් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ඉගැන්වීම මුල් කරගෙන අවිවාහක තරුණ කාන්තාවන් මාලිගයට ගෙන්වා ගත්තාය. 1604 දෙසැම්බර් මාසයේ දිනක් මෙසේ සිදුවිය. එලිසබෙත් පොලොව යට අදුරු කාමරයකට ගොස් පැය දෙකකට පමණ පසු උඩු මහලට නිරුවත් සිරුරින් පැමිණියා ය. ඇය උඩට පැමිණෙන විට මුලු සිරුර පුරාවටම මඩ වන් දෙයකින් නැහැවී තිබුණි. මේ සියල්ල සේවිකාවක් වූ වෙරෝනිකා දුටුවාය. මේ පිලිබඳ සැක කල වෙරෝනිකා එලිසබෙත්ගේ සිරුරේ තැවරී තිබූ මඩ වන් දෙය ස්වල්පයක් ඇඟිල්ලට ගෙන ආලෝකයට අල්ලා බැලුවාය. පුදුමයෙන් පුදුමයට පත් වූ ඇය ඒ ලේ බව පසක් කර ගත්තා ය. එලිසබෙත්ගේ පොලොව යට අදුරු කාමරයේ සිදුවන ක්‍රියාදාමය වෙරෝනිකාට සොයා ගැනීමට මාස හතරක කාලයක් ගත විය. එලිසබෙත් විසින් මිනිසුන්ගේ ලේ බී , ලේ වලින් පිරුණු බේසමක නානවා ඇය දුටුවේ ය. මාලිගාවේ සිටීම වඩා භයානක බව පසක් කරගත් වෙරෝනිකා තම සැමියා සමඟ හංගේරියාවෙන් පිටත් විය.

    1609 වසරේදී හංගේරියාවේ කපාතියන් කඳුකරයේ සේජි මාළිගාවේ තාප්පය අසල තරුණ කාන්තා මළසිරුරු හතරක් සම්බවුණි. ඒ සිරුරු සියල්ලේම ලේ තිබුනේ නැත. මෙම කාන්තාවන් හතර දෙනාම එලිසබෙත්ගේ පන්ති වලට පැමිණි අය බව පසුව සොයා ගන්නා ලදි.

    මෙයින් කෝපයට පත් රට වැසියන් හංගේරියාවේ දෙවන මෙතියස් රජ මාලිගය ඉදිරිපිට රැස්ව රජතුමාට මේ ගැන කන්නලව් කිරීමට පටන් ගත්තේ ය. එමනිසා රජතුමා මේ ගැන පරීක්ෂණයක් වහා ක්‍රියාත්මක කරන ලෙස අණ කලේ ය. එයින් අනාවරණය වූයේ එලිසබෙත්ගේ පොලොව යට අදුරු කාමරයේ තවත් තරුණ කාන්තා මළසිරුරු දහඅටක් තිබෙන බවයි. මේ කාන්තාවන් සියල්ල මියැදී තිබෙන්නේ අධික රුධිර වහනයෙන් බවද අනාවරණය කරගන්නා ලදි.



    1_bcY9wvqAe5BU-i4lpYp3fA.jpeg



    තම පන්ති වලට පැමිණෙන තරුණ කාන්තාවන්ගෙන් කෙනෙක් රාත්‍රියේ මේ අදුරු කාමරයට ගෙන්වා නිරුවත් කොට හිස පහලට වැටෙන සේ එල්ලා සෙබළෙක් ලවා පහර දී ඔවුන්ගෙන පිටවෙන ලේ බේසමකට රැස් කරගන්නා බව අනාවරණය විය. එමෙන්ම එවිට එලිසබෙත් එම ලේ බේසම තුලට බැස කෝප්පයකට ලේ අරගෙන එම ලේ බිව් බවද අනාවරණය විය. මෙසේ මරණය ලඟා කරගත් කාන්තාවන් ගණන 650 ද ඉක්මවිය.

    ජීවිතාන්තය තෙක් සිරගත වීම එලිසබෙත් බැතොරිට හිමි විය. ඇයගේ සිර කුටිය වූයේ පෙර කී පොලොව යට අඳුරු කාමරයයි. 1614 අගෝස්තු 21 වන දින එලිසබෙත් බැතොරි බොහෝ දුක්විද මිය ගියේ ය.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ජීවිතාන්තය තෙක් සිරගත වීම එලිසබෙත් බැතොරිට හිමි විය. ඇයගේ සිර කුටිය වූයේ පෙර කී පොලොව යට අඳුරු කාමරයයි. 1614 අගෝස්තු 21 වන දින එලිසබෙත් බැතොරි බොහෝ දුක්විද මිය ගියේ ය.
    Happy ending