මට ඔයවගේ ගෙදරක ඉන්න ආසයි

කීයක් වෙයිද ඔය වගේ තැනක්?
මම දන්නා මරු තැනක් තියනව.. අර මම දවසක් දාපු අපේ ආච්චිලගේ ගෙදර ට පෙන්නේ නැති , google map එකටවත් උඩින් වත් පෙන්නේ නැති , හැබැයි ඒ වත්තේ වම් මායිමට වෙන්න පහලට බහින්න තියන ගල් පඩි පාරේ උඩට පඩි 10ක් විතර උඩට ගියාම මෙන්න යකෝ තඩි පරණ ගෙයක්. විශ්වාස කරපං ඒ ගෙදර යටට පෙන්නේ නෑ . ලොකු ගස් වලින්ම වැහිලා.මිදුලේ වල් ගස් වලින් වහිල නෙවෙයි. දවල්ට ගියත් වෙනම අදුරු ලෝකෙකට ගියා වගේ. ඒ ගෙදර ඒ කාලේ තනියම වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ . එයාව මම පහලදී දැකලම නෑ . (උඩින් ගෙදර නැන්දම්මා කියලා අම්මල කිව්වේ ) .
මම ඔය ගෙදරට ගිහින් තියනව හවසක අම්ම එක්ක. ඇතුලට ගියේ නෑ , එළියේ ඉදන් කතා කරේ. ඇත්තටම view එකට ඇතුලට යන්න බය හිතුන . ඒ ගෙදර නයි දෙන්නෙක් ඉන්නව කියලා අනිත් අය කිව්වා. කරදරයක් නෑලු.
මම එතන ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලෙන් එලියට වවුල්ලු ගියා යකෝ.

.
ඇතුල මරුවට හොල්මන් වගේ ඇති. බටකොළ ආච්චි ට කියාපු ගෙදර.