නුගේගොඩ අධිකරණයට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් මස 12 වනදා දක්වායි.
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට එල්ලවු චෝදනාව සම්බන්ධයෙනි.
මෙම සිදුවිමට කෙරෙන විමර්ශනවලට අදාලව අගෝස්තු 18 වනදා නුගේගොඩ අධිකරණය මඟින් රතන හිමියන්ට වරෙන්තු නිකුත් කළා.
එලෙස වරෙන්තු නිකුත් කල සිටි රතන හිමියන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.