අතුරුගිරියේ වෙඩි තැබීමේ තවත් අයෙක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    wasantha-murder-athurugiriya


    අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (08) පෙරවරු දහයට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගියේය.

    එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ.

    අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීම සිදුව තිබේ.

    වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

    එහිදී ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇත.

    වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

    ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි
     
    • Like
    Reactions: adeeezzz