අතුරුදන් ඉංජිනේරු සිසුවා නැවත පැමිණේ

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ඉකුත් 2 වැනිදා සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවා අධ්‍යයන කටයුතු සඳහා ඊයේ (12) පේරාදෙණිය සරසවිය වෙත වාර්තා කර ඇතැයි නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් දන්වා සිටියි.
    ඔහු සිය දෙමව්පියන්ට ඇමතුමක් ලබා දී ඇති බව මින් ඉහත පොලිසිය තහවුරු කර තිබුණි.

    තමන් හොදින් සිටින බවත්, සිටින තැන කීමට අපහසු බවත් එම සිසුවා දෙමව්පියන්ට දැනුම් දී ඇති බව පැවසේ.

    පශු වෛද්‍යවරයෙකු බව පැවසෙන මෙම සිසුවාගේ පියා සහ මව මේ ගැන පොලිසිය අමතා පවසා තිබේ.

    මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඔහු තබාගිය ලියමනෙහි සඳහන්වූයේ ආදර සම්බන්ධයක් ගැන ඇතිවූ කලකිරීමක් නිසා තමන්ට ජීවිතය කලකිරී ඇති බවයි. නමුත් ඔහු දිවි නසාගන්නා බවක් පවසා නොතිබුණි.
    සිසුවා පදිංචි ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේම තරුණියක සමගින් පෙරාතුව පවත්වාගෙන ගිය පෙම් සම්බන්ධතාවක් නිසා මානසික පීඩනයකින් පසුවී තිබෙන බවද පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.මෙලෙස අතුරුදන්ව හමුව ඇත්තේ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව් වන වසරේ සිසුවකු බව පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.

    මීට සති කිහිපයකට පෙර පේරාදෙනි ශාස්ත්‍ර පීඨ සිසුවෙකු මේ ආකාරයටම නේවාසික ස්ථානයකින් ඉවත්ව ගොස් සිරුර මහවැලිගගෙන් හමුවූ අතර මාධ්‍ය වාර්තා මගින් මෙම සිදුවීමද එයට සමාන කර තිබුණි.
    කෙසේ වෙතත් මෙම සිසුවාගේ ජීවිතයට අනතුරක්නැත.

    මේ අතර පෙරේදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී චන්දිමා හේරත් මහත්මිය ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් පැවසුවේ
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 140 දෙනකු ඉකුත් මාස දෙකක පමණ කාලයේදී විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශන සේවාවේ සහාය ලබාගෙන ඇතිබවයි.

    ඉන් සිසුන් 14 දෙනකු බරපතළ විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කරගන්නා මට්ටමකට පත්ව සිටි අය බවද වෛද්‍යවරිය කීවාය. එම සිසුන් වහාම රෝහල් ගතකර වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව වෛද්‍ය හේරත් මහත්මිය පැවසුවාය.

    සිසුවකු ආතති තත්ත්වයකට පත්වූ විට ඔහුට නිසි මගපෙන්වීමක් නොවුණහොත් විශාද තත්ත්වයට පත්ව ජීවිතය හානි කර ගන්නා තත්වයකට පත්වන බවද වෛද්‍යවරිය සඳහන් කළාය. විශාද තත්වයේ පසුවන පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී දේවාල හා කෝවිල් ගානේ රැගෙන යාමෙන් රෝගී තත්ත්වය බරපතළ වන බවද ඇය කීවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනකු ගෙවුණු මාස 8ක පමණ කාලය තුළ සියදිවි හානිකර ගැනීම බරපතළ බේදවාචකයකැයිද වෛද්‍යවරිය කීවාය.

    Reference:
    https://www.gossiplankanews.com/2022/10/peradeniya-student-lost-foind.html?m=1
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    ඌ මැරෙනකං බලං හිටපු සෙට් එක දැන්

    wjTT5Iv.gif
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ඌ මැරෙනකං බලං හිටපු සෙට් එක දැන්

    wjTT5Iv.gif
    මිනිහ ලියල තිබ්බ ලිපිය දැක්කම නන් මට හිතුන pressure එකෙන් මිදෙන්න ගිහිල්ල මිසක මැරෙන්න නෙමෙයි කියල