අතුරුදන් වූ බව කී ජැක් මා යළි මතුවෙයි

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    අතුරුදන් වූ බව කී ජැක් මා යළි මතුවෙයි

    අතුරුදන් වූ බව කී ජැක් මා යළි මතුවෙයි​


    අතුරුදන් වූ අලි බාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා වීඩියෝ ඇමතුමක් සමග සම්බන්ධ වී තිබේ.

    ඔහු ග්‍රාමීය පාසල් ගුරුවරු 100 දෙනෙකු සමග පමණ දුරකථන සාකච්ඡාවක යෙදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
    ඔහු එම ඇමතුම මගින් පවසා ඇත්තේ, වසංගතය අවසන් වූ පසු අපි යළි හමු වෙුමු කියා ය.
    පසුගිය නොවැම්බර් මස සිට මේ දක්වා 56 හැවිරිදි ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ ය.
    ඔහු එලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ චීන, කොටස් වෙළඳපොළ නියාමන ආයතනය විවේචනයට ලක් කරමින් කළ ප්‍රකාශයට අනතුරුවයි.
    කෙසේ වෙතත් ඔහු අද දින පැවති වීඩියෝ සාකච්ඡාව සඳහා සහභාගී වූයේ කුමන ස්ථානයක සිට දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.