මෙබඳු භයානක පනතක් අපේ රටේ ඉතිහාසයේ මීට පෙර සම්මත වෙලා නෑ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193න් මේ ජාත්‍යන්තර සම්මුතිය පිළිඅරගෙන තිබෙන්නෙ රටවල් 52 යි. අපේ රටත් ඒ 52 ට අයිතියි.
ඉන්දියාව, ඇමරිකාව, චීනය, රුසියාව මේ සම්මුතිය පිළිගන්නෙ නෑ.
ආත්මගරුත්වයක් තියෙන කිසිම රටක් මේ සම්මුතියට අත්සන් කරන්නෙත් නෑ.
පිළිගන්නෙත් නෑ. පිළිගන්නෙ නැත්තේ අත්සන් කරන්නෙ නැත්තේ මේ ජාත්‍යන්තර සම්මුතියෙ තියෙන භයානක කොන්දේසි නිසා.
ජාත්‍යන්තර සම්මුතියේ එන බලහත්කාරයෙන් අතුරුදන් කරවීම අර්ථ නිරූපණය කර ඇති වගන්තිය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කළේ නෑ.
එහි සිංහල පිටපතක් කිසිවෙකුට දුන්නෙත් නෑ. එහෙම එකක් ඇත්තෙත් නෑ.
කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඉන් මිදී වෙනත් රටකට පලාගොස් හෝ සැඟවී සිටියහොත් මේ අනුව ඔහු අතුරුදන් වූ තැනැත්තෙකු සේ සලකා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග දුන් සහ එය ක්‍රියාත්මක කළ සියලුම නිලධාරීන් නීතිය ඉදිරියේ අපරාධයක් සිදුකළ තැනැත්තන් බවට පත්වෙනවා. නියෝගය දුන්නේ ජනාධිපති වුවත් එය නිදහසට කාරණයක් නොවන බව එහි සඳහන්. ඒ අනුව ඉහත ආකාරයට අතුරුදන් වූ පුද්ගලයකු වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අණ දුන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ සෑම නිලධාරියකුම ඉහත රටවල් 52 තුළ කවර රටක සිටියත් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියි.
අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පත්කරගන්නේ රජයේ නිලධාරි නෙමෙයි. ඕනෑම එන්ජීඕ කාරයෙකුට වුණත් මේකට පත් වෙන්න පුළුවන්. මේ කාර්යාලයේ නිලධාරීන්ට රටේ ඕනෑම ආරක්ෂක හමුදා කඳවුරකට, රජයේ කාර්යාලයකට ඕනෑම වේලාවක ඇතුල් වී ඕනෑම ලේඛනයක් හෝ උපකරණයක් පරීක්ෂා කර බැලීමට සහ අවශ්‍ය නම් රැගෙන යැමට බලතල තිබෙනවා. එවැනි බලතල අපේ රටේ කිසිම ආයතනයකට නෑ. සුප්‍රිම් උසාවියටත් නෑ. හමුදා කඳවුරු, පොලීසි, රහස් පොලිසිය, බුද්ධි තොරතුරු මධ්‍යස්ථානය වැනි රටේ ඕනෑම ආරක්ෂක ස්ථානයකට ඇතුළු වී අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගැනීමට ඕනෑම උපකරණයක් අත්අඩංගුවට ගැනීමට සීල් තැබීමට ඔවුන්ට බලතල ලබා දී තිබෙනවා. ඔවුන්ගේ නියෝගවලට පිටුපෑම ඇපල් උසාවියේ නියෝගයක් නොපිළිපැදීම හා සමාන දඬුවම් ලැබිය හැකි වරදක්. මීට පෙර අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් වාර්තාවල සඳහන් පුද්ගලයින් පිළිබඳවත් පරීක්ෂා කිරීමේ බලතල මේ කාර්යාලයට පවරා තිබෙනවා. විදේශයක සිට සාක්ෂි දෙන පුද්ගලයකු මෙරටට නොගෙන්වා අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දර්ශන මගින් දෙන සාක්ෂි භාරගැනීමටත් මේ කාර්යාලයට බලතල තිබෙනවා. මුහුණ වසාගෙන වුවත් සාක්ෂි දෙන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව වගඋත්තරකරුවකු හමුදාවේ හෝ පොලිසියේ නිලධාරියෙකුට දුන් කටඋත්තරයක් ඔහුට එරෙහි සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ කාර්යාලයට අවශ්‍ය නම් චූදිතයෙක් ඔවුන්ට දුන් කටඋත්තරයක් එම චූදිතයාට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ බලතල ලබාදී තිබෙනවා. අපේ රටේ නීතිය අනුව ප්‍රවාද සාක්කි එනම් මට මේක අහවලා කිව්ව. ඔහුට කියල තියෙන්නෙ අහවලා ආදී වශයෙන් දෙන සාක්ෂි අපේ උසාවිය පිළිගන්නෙ නෑ. නමුත් මේ කාර්යාලයට ඒ බලතලත් දීල තියෙනව. ඇත්තවශයෙන්ම මේ කාර්යාලය පිහිටුවා තිබෙන්නේ නැති සාක්කි හදන්න. මේක සාක්කි නිෂ්පාදනාගාරයක්.
මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්යක්ෂ
නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ලිපිය