අතුරුදහන් කොමිසම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අතුරුදහන් කොමිසම

අතුරුදහන් කොමිසම යාපන සාක්ෂි විමසුම අරඹයි





තමාත් දරුවන් දෙදෙනාත් ඉදිරියේ 2009 දී හමුදාවට භාර වූ සිය ස්වාමිපුරුෂයා එක් වතාවක් දැක ගන්නට ලැබුණු නමුත් ඉන් අනතුරුව ඔහු අතුරුදහන් වී සිටින බව එල්ටීටීඊ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී රේගන්ගේ බිරිඳ ප්‍රකාශ කරයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදහන් වූවන් පිළිබඳව විමසා බලන ජනාධිපති කොමිෂන් සභාව යාපනයේ සාක්ෂි විමසීම ආරම්භ කළ අවස්ථාවේ සාක්ෂි දෙමිනුයි ඇය ඒ බව කියා සිටියේ.

හමුදාවට භාර වීමෙන් අනතුරුව ඕමන්තේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් ඉන් අනතුරුව තමන්ට ඔහු දැකගන්නට නොලැබුණු බවත් රේගන් ගේ බිරිඳ තුලසිහා කොමිසම ඉදිරියේ කියා සිටියාය.

සිකුරාදා යාපනයේ සාක්ෂි විභාගය ආරම්භ කළ කොමිසම ලබන දාහත් වැනි දින දක්වා චාවකච්චේරි, කෝපායි සහ යාපනයේදී සාක්ෂි විමසීමට නියමිතයි.

1990 සහ 2009 යන කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැහැර ගෙන ගිය හෝ අතුරුදහන් වූ හෝ පුද්ගලයන් ගැන සොයා බලන කොමිසමට අතුරුදහන් වූවන් වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස ප්‍රකාශ කළේය.

එය පැමිණිලි හාර දහසකට ආසන්න සංඛ්‍යාවක්.

අතුරුදහන් වූ සිය සැමියන් හෝ ඥාතීන් ගැන තොරතුරක් සොයා ගැනීමේ අටියෙන් කාන්තාවන්, වියපත් පුරුෂයන් ඇතුළු විශාල පිරිසක් සාක්ෂි දීම පිණිස පැමිණ සිටි බවයි, බීබීසී යේ කොළඹ වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් යාපනයේ සිට වාර්තා කරන්නේ.

සිය ඥාතීන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතු බව ඇතැම් ඥාතීන් ප්‍රසිද්ධියේම චෝදනා කළ නමුත්, තමන්ට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.


BBC Sinhala Sandeshaya
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    avatar371091_12.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිනෙ අතුරුදහන් වුවන් මැරිල ඇති,නැතුව ඔකුන් අරලියගහ මන්දිරේ තියාගෙන ඉන්නවැ.:lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ''එල්ටීටීඊ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී රේගන්ගේ''

    මූව යවන්න ඇති මහ එකාගෙ ඔලුවට බෙහෙත් කරන්න :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''එල්ටීටීඊ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී රේගන්ගේ''

    මූව යවන්න ඇති මහ එකාගෙ ඔලුවට බෙහෙත් කරන්න :lol::lol::lol::lol::lol::lol:
    අනිවාර්යෙන්