අතුරු සම්මත ගිණුම

buwa55

Member
Apr 18, 2018
48
10
0
අතුරු සම්මත ගිණුම

අතුරු සම්මත ගිණුමට ඡන්ද විමසූ දා දෙමළ සන්ධානයද සමග ආණ්ඩු පක්ෂයට තිබුනේ මන්ත්‍රීධූර 102කි. රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හොඳින්ම පැහැදිලි විය.

මහින්ද රාජපක්ෂට පහසුවෙන් අතුරු සම්මත ගිණුම පරාජය කිරීමට අවශ්‍ය මන්ත්‍රීධූර ගණනක් තිබුනි.

නමුත් ඔහු ඡන්දය දීමෙන් වැලකී අතුරු සම්මත ගිණුම සම්මත වීමට දුන්නේය.

යම්හෙයකින් මහින්ද අතුරු සම්මත ගිණුම පරාජය කළා නම් රාජ්‍ය සේවකයන්ට වැටුප් නැත. රජයේ ආයතනයන්හි සැපයුම් අඩාලය. සංස්ථා මණ්ඩලයන්ට මුදල් නොමැත.

කොටින්ම අතුරු සම්මත ගිණුම පරාජය වූවා නම් රටම බිඳ වැටෙන්නේය.

මහින්ද දේශපාලනයට වඩා ජනතාව සහ රට තෝරා ගනිමින් අතුරු සම්මත ගිණුම සම්මත වීමට දී නිහඬ විය.

නමුත් මහින්ද රාජපක්ෂගේ රජයකින් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළා නම් රනිල් ප්‍රමුඛ එජාපය, දෙමළ සන්ධානය සහ ජවිපෙ එක්ව එය පරාජය කරන බව නම් නියතය.

රනිල් වික්‍රමසිංහලා දේශපාලනයේදි සහ බලය වෙනුවෙන් ජනතාව පිළිබඳ තැකීමක් නැත. රට විනාශ වුවද, ජනතාව කුසගින්නේ මිය ගියද බලය වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට රනිල්ලා පසුබට නොවේ.

මහින්ද අගමැති ලෙස පත්වූ සැනින් අමාත්‍යංශ වැය ශිර්ෂ කපා දැමීමට එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය තීරණය කළේ ඉන් රටම නවතින බව දැන දැනත් ය. රට නැවතුනත්, ජනතාවට වැටුප් නොලැබුනත්, තෙල් නැවට, පාන් පිටි නැවට සහ පාකිස්තානු හාල් නැවට ගෙවීමට මුදල් නොමැතිව රටම නැවතුනත් බලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහලා ජනතාව අමතක කර තීරණ ගැනීමට පසුබට නොවීය. ඒ රනිල් වික්‍රමසිංහලාගේ වරදක්ම නොවේ.

ශ්‍රී ලංකාවේ දේශපාලකයෙක් වීමට නම් බලය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානම් විය යුතුය. කියන දේ නොකරන, කරන දේ නොකියන වංචනිකයෙක් විය යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහින්ද හැරගොස් පොදු අපේක්ෂකයා වූයේ ආණ්ඩුවෙන් ඉවත් නොවෙන බවට ධාතු කරඩුව මත අත තබා දිවුරා ඉන් පසුදිනය. ශ්‍රී ලංකාවේ දේශපාලකයෙක්ට සාර්ථක විය හැක්කේ එලෙසිනි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට අවංක වීමට නොහැකිය.

මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහලා ඇතුලු සෙසු දේශපාලකයන්ගෙන් වෙනස් වන්නේ මෙතනදීය. සෘජු ගති ඇති ඔහු තවමත් මුල් තැන දෙන්නේ රටට සහ ජනතාවට ය. ඔහුගේ තීරණයන්හි උපරිම සීමාව ජනතාවගේ සාමාන්‍ය ජන ජිවිතය පැවැත්වෙන සීමාවයි.

පසුගිය දේශපාලන ගේමෙන් මහින්ද රාජපක්ෂ අඩියක් පසුපසට ගත්තේද, රනිල්ලා ජය සැමරුවේද මහින්දගේ මෙම ගති ලක්ෂණ හේතුවෙනි.

පාර්ලිමේන්තු බහුතරයක් නැති මහින්ද, පාර්ලිමේන්තු බහුතරයක් නැති රනිල්ට බලය භාර දී ඉවත්ව ගියේ එම අර්බුධයට විසඳුමක් නොපෙනෙන සීමාවේදිය. අවශ්‍ය නම් මහින්දට ඉල්ලා අස් නොවි මෙම සෙල්ලම තව දුරටත් කරගෙන යාමට තිබුනි. මන්ද දෙදෙනාගෙන් කිසිවෙකුට පාර්ලිමේන්තු බහුතරයක් නැත.

නමුත් මහින්ද රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් බලය අත් හැරියේය. ඉන් පසු අර්බුධය නිමා කර පැමිණි නව රජයේ අතුරු සම්මත ගිණුම සම්මත කර රට ස්ථාවර වීමට ඉඩ දුන්නේය.

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති රනිල්ට එරෙහිව විනාඩි පහේ විශ්වාසභංග ගෙනැවිත් රට අස්ථාවර කිරීමට උත්සාහ නොකළේය.

මෙම අතුරු සම්මත ගිණුම පරාජය කර, රටේ වියදම් නවතා එජාප රජය අපහසුතාවයට පත් කිරීමට මහින්ද කටයුතු කළ යුතුව තිබුනැයි බොහෝ දෙනා කියයි.

නමුත් මහින්ද බලය වෙනුවෙන් බලු වීම තෝරා නොගත්තේය.

දේශපාලන මඩ ගොහොරුවේ ඌරන් අතර මහින්ද රාජපක්ෂ චරිතය වෙනස් වන්නේද, සුවිශේෂී වන්නේද එබැවිනි. එය දුර්වලකමක් නොව ඍජු බවයි, ජනතා ප්‍රේමීත්වයයි.

එවැනි නායකයෙක් වෙනුවෙන් පෙනි සිටීමත්, එවැනි නායකයෙක් විශ්වාස කිරීමටත් දෙවරක් සිතිය යුතු නැත.
 
  • Like
Reactions: Vandetta

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    oka kohomath sammatha wena nisa eda godak absent. mathaka nadda 6 parak mahindawa paradduwa parlement ekedi :lol: