ඉරිදා උදේ නිකමට වගේ ටීවී එකේ චැනල් මාරු කර කර ඉන්නකොට අතුල ශ්රී ගමගේගෙ සිංදුවක් ගියා චරණ ටීවී එකේ. ඒ කාලේ අපේ ෆේවරිට් ගායකයො. ප්රෝග්රම් එක පටන් අරන් වැඩිවෙලාවක් නෑ. රිවයින්ඩ් කරලා මුල ඉඳලා බැලුවා. ප්රෝග්රම් එකේ නම ගීලංකාරේ.
කාලෙකින් ලස්සන සිංදු සෙට් එකක් ඇහුවා. පොර ෆීල්ඩ් එකට ආපු හැටි, ඒ කාලේ කාපු කටු, ආපු කැපිලි කෙටිලි. හැබැයි කාටවත් දොස් කිව්වෙ නෑ. හැම වෙලාවෙම හිනාවෙලා කතා කළේ. උදවු කරපු හැමෝම වගේ මතක් කළා. පට්ට නිහතමානි චරිතයක්. ඒත් දෙයියනේ සඳුඳා හවස් වෙනකොට පොර මැරිලා කියලා නිවුස් එක ආවා. මාව නිකං කරකවලා අත ඇරියා වගේ.
මිණිස් හිත් සනසපු මිණිස්සුන්ට මෑත කාලෙක ඉඳලා බොහොම අපලයි.
නිවන් සුව අතුල ශ්රී ගමගේ කලාකරුවාණෙනි.