අතේ_ඇඟිලි_"12"යි

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අතේ_ඇඟිලි_"12"යි

අතේ ඇඟිලි එකතු කරලා
ගණන් හැදුවාම "12"යි

0a1ee8912afefc13f60e6a706700778c.jpg


"යො ඇන්ඩ්‍රි හෙර්නාන්ඩේස්‌ ගැරිඩ්ඩෝ" අපූරු පුද්ගලයෙකි. කියුබාවේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් "බොනැන්සා" හි ජීවත් වෙන ගැරිඩ්ඩෝ", ඇඟිලි 24 කට උරුමකම් කියන්නෙකි. ඒ දැතේ සහ දෙපයේ ඇඟිලි දොළොස බැගිනි. බොහෝ දෙනෙක්‌ මෙලෙස ඇඟිලි වැඩිවීම සාමාන්‍ය දෙයක්‌ හැටියට සලකන්නේ එවැනි අවස්‌ථා දැක ඇති නිසාය. එහෙත් දකින්නට ඇති පරිදි එවැනි බොහෝ පුද්ගලයන්ගේ ඇඟිලි පිහිටා ඇත්තේ යම් විකෘතිභාවයකින් යුක්‌තව බව ඔබට සිහිපත් වනු ඇත. විශේෂයෙන් එම "වැඩිපුර" ඇඟිලි එක හා සමානව පිහිටන්නේම නැති තරම්ය. ගැරිඩ්ඩෝ වෙනස්‌ වන්නේ මේ කාරණය නිසාය.
article-2030944-0D95E78700000578-316_306x436.jpg
article-2030944-0D96192100000578-64_306x436.jpg



ගැරිඩ්ඩෝගේ දෑතෙත් - දෙපයේත් ඇඟිලි පිහිටා ඇත්තේ සමාන ආකාරයටය. උනන්දුවෙන් නොබැලුවහොත් ඇඟිලි හයක්‌ එක්‌ අතක පිහිටා ඇතැයි සිතිය නොහැක. (ඡායාරූපය බලන්න)
article-2030944-0D95E0BD00000578-84_634x389.jpg

එහෙත් ගැරිඩ්ඩෝ මේ තත්ත්වය කිසි විටෙකත් වදයක්‌ කරගත්තේ නැත. පොල් කැඩීම රස්‌සාව හැටියට තෝරාගෙන ඇති ගැරිඩ්ඩෝ ශක්‌තිමත්, හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන්නෙකි.
article-2030944-0D95E0C300000578-140_634x412.jpg

තමන්ගේ රස්‌සාවෙන් හම්බ කරගන්නා මුදලට වඩා වැඩි යමක්‌ ගැරිඩ්ඩෝ උපයා ගන්නේ සංචාරකයන් සමඟ ඡායාරූප සඳහා පෙනී සිටීමෙනි. එසේ ඡායාරූපයකට පෙනී සිටීමට වුවමණා හැම සංචාරකයකුම ගැරිඩ්ඩෝට ඩොලර් දහයක මුදලක්‌ ගෙවිය යුතුය. විශේෂත්වය වන්නේ ගැරිඩ්ඩෝ එපමණ මුදලක්‌ හම්බ කළද, බොනැන්සා ප්‍රදේශයේ වැසියන්ගේ මාසික ආදායම ඩොලර් 20 නොඉක්‌මවීමය.

ගැරිඩ්ඩෝ ඉතා කුඩා අවධියේ ඔහුගේ මවුපියන් ඔහුගේ "ඇඟිලි ප්‍රශ්නය" විසඳා ගැනීමට කියුබාවේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට ගොස්‌ ඇත. එහෙත් වෛද්‍යවරයා ගැරිඩ්ඩෝගේ අත පය දැකීමෙන් අතිශය විස්‌මයට පත් වූ බව ඔහු කියයි.

"පොඩි කාලේ ඉඳලම මේක ගැන මම එච්චර හිතුවේ නෑ. මම හිතුවේ මේක මට ලැබිච්ච තෑග්ගක්‌ කියලයි."

ගැරිඩ්ඩෝ පුංචි පුංචි අර්බුදවලට මුහුණදුන් අවස්‌ථා ද තිබෙන බව කියයි.

"ඉස්‌කෝලේ පොඩි පංතිවල ඉගෙනගන්නකොට ටීචර් අහනවා පහයි, පහයි එකතු කළාම කීයද කියලා.... මම දන්නේ නැති නිසා නිකං ඉන්නකොට, ටීචර් කියනවා අතේ ඇඟිලි එකතු කරලා උත්තරේ කියන්න කියලා. මගේ උත්තරේ වුණේ දොළහයි. ඒ වෙලාවෙ තමයි ටීචර් කලබල වුණේ. එයා මගේ ඇඟිලි ගැන හරියටම දැක්‌කෙත් එතකොටයි..."

ගැරිඩ්ඩෝ කියන්නේ මෙතෙක්‌ ඔහුට කිසිවකුගෙන් හෝ අපහාසයක්‌, සමච්චලයක්‌ එල්ල වී නැති බවයි. මේ වන විට 39 වැනි වියෙහි පසුවන ගැරිඩ්ඩෝට මිලියනයක්‌ ඉක්‌මවූ මිතුරන් ඉන්න බව කියනවා. අපහාස උපහාස නොකළාට ඔහුගේ ළඟම මිත්‍රයන් ඔහුව හඳුන්වන්නේ "24" නමිනි. ගැරිඩ්ඩෝ පළමු විවාහයෙන් ඉවත්ව දෙවැනි බිරිඳ හා කාලය ගත කරන්නේය.




"දිවයින"