අදටත් ඒ අදහස එසේමය...
LTTE ත්‍රස්තවාදය පැරදු දින ඇතිවූ ආඩම්බරය හා ඇති වූ ගෞරවයේ සිට මේ රට ගැන ඇතැම් අවස්ථාවලදී දුකක් ඇති ඇති වුයේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝල බාලයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් නිසාය...
පුතාලා විසින් පියාගේ බලය අයුතු ලෙස පාලනය කිරීමත් කුඩු කාරයින් සහ දුෂිත දේශපාලකයින්ව වටේ තියාගෙන ඔවුන් කරන කියන වැරදි වලට දඬුවම් නොදීම ගැන අපට ඒ කාලයේ ඇති වුයේ ඉමහත් දුකක් බව සැබෑය...
නමුත් ඔය අතරදී අප නොදුටු පැතිද ඇති විය.මේ රටේ මහා සංවර්ධනයක් විය.අලුත් අලුත් ව්‍යාපෘති ඇති විය.උමා ඔය,නොරෝච්චලය,හම්බන්තොට වරාය,කොළඹ නාගරික සංවර්ධනය,මහා මාර්ග සංවර්ධනය,අධිවේගී මාර්ග,ගුවන් පාලම්,ජලාශ,ගුවන්තොටුපළවල්,නෙලුම් පොකුණ,රන්මිණිතැන්න කලා ගම්මානය දුම්රිය මාර්ග සංවර්ධනය සහ දුම්රිය බලවේග කට්ටල ගෙන්වීම ඇතුළු එකී නොකී මෙකි විශාල සාමාන්‍ය ජනයාගේ ඇස නොගැටුණු තවත් කුඩා පරිමාණයේ ව්‍යාපෘතිද මේ රටේ සිදු වූ බව අපි හැමෝම තර්කයකින් තොරව පිළිගත යුතුය...
මෙයට ඇතැම් අය ඔය උන්ගේ සල්ලි වලින් හදපුවා නෙමෙයි අපේ සල්ලි වලින් හදපු ඒවා යැයි කියමින් ගොන් තර්ක දැමීමට හැකිය..
අපි ඔවුන්ට අනුකම්පා කරන්නෙමු.මන්ද ඔවුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුවාට පසු රටෙහි ඉපදුනු පොඩි උන් බැවිනි.ඔවුන් මේ රටේ අනිත් ජනාධිපතිවරු ඉන්නා කාලයේදී සිටියේ නැති උන් බැවිනි..
කෙසේ වෙතත් රසවත් පලතුරු ගොඩක් මැද එක නරක පළතුරක් තිබුණොත් මිනිසුන්ට ඒ පලතුරු වට්ටියම එපා වන ලෙසම මහින්ද රාජපක්ෂ පන්නා දැමිය යුතු යැයි සිති ගියේ 2014 වර්ෂයේ යලිත් ජනාධිපතිවරණයක් තැබූ දිනයේදීය...
අලුත් වෙනසක් අපි බලාපොරොත්තු වුනෙමු...
නමුත් අවාසනාවක මහතට විරුද්ධ පක්ෂයෙන් නැගී සිටියේ මෛත්‍රිපාල සිරිසේනය...
සමාජයේ ඇවිද සමාජයෙන් බැට කා පන්නරයක් ලැබූ අපට මෛත්‍රිපාල සිරිසේනගේ පාලනයක් ආවොත් මේ රටට වෙන්න යන වින්නැහිය එදා නිකන් දිවැසින් සේ පෙනුණේ අද අප ඉන්නා අසරණ මොහොත ලෙසටමය...
නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි යැයි සිතා අපි එදා සිට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියේ මහින්දට ඇති කැමැත්තක් නිසා නොව මෛත්‍රිපාලගේ පාලනය රටට ආවොත් රටට වෙන්න යන වින්නැහිය තේරෙන නිසාය....
අපි සමහරවිට දේශප්‍රේමින් නොවෙන්නට ඇත.නමුත් මේ රට ගැන පොඩි හරි කැක්කුමක් මගේ හදවතේ ධමනියේ හෝ ඇති බව ජාතික ගිය අසද්දී ඇඟේ හිරිගඩු පිපෙන විට මට විටෙක හැඟී ඇත.
දින 100 කින් විධායකය අහෝසි කර මේ රටේ ඒකාධිපති පාලනය නැති කර දුෂිත දේශපාලනය නැති කරන බව පවසා මිනිසුන් රවටා ඔහු ජනාධිපති විය...
එය දැන ගත් එදින අපගේ දෑසට කඳුලක් ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමින් වෙන් වී ගිය නිසා නොව රටට වෙන්න යන විනාශයත් ඒ රට බේරීමට සිටි සිංහයෙක් අහිමි වී ගිය බවත් දැනුන නිසාය...
කෙසේ වෙතත් දින 100 ගත විය..රනිල් අගමැති විය...
යලිත් ඡන්දයක් පැවතිණි.මහින්ද රාජපක්ෂව අගමැති කිරීමටද අප උත්සහ කලේ දින 100 ඇතුලත මේ රටේ සිදුවූ පොඩි පොඩි ජිල් මාට් ගැන තේරුම් ගිය නිසාය...
එදිනද ඡන්දයෙන් පැරදී රනිල් යලිත් අගමැති විය...
එදා මෙදායින් පසු අපි නිහඬව රට ඕනි පැත්තකට ගියපු දෙන් යැයි අත හැර දැමුවේ දැන් කෑගසා නිකන් හිරේ විලංගුවේ වැටෙන එකේ තේරුමක් නැති නිසාවෙනි..
අදටත් ඒ අදහස එසේමය...
නමුත් මේ ටික මා මතක් කර දීමට කැමතිය...
ගතවූ අවුරුදු කිහිපය තුල මා මේ රටේ සැණකෙළි සහ ලස්සන සෞභාග්‍යමත් උත්සව ඇතුළු සංවර්ධනයක් දුටුවෙමි...
ඒ සියල්ල දැන් නැත...නෙලුම් පොකුණේ දැන් එඩ්වඩ් ජයකොඩිගේ ගීත අසන්නට ජනාධිපති කෙනෙක් නැත..
ක්‍රිකට් ක්‍රීඩකයින් මැච් එකක් ගහලා එනවිට ඔවුන්ට සුබ පතා කෑමක් බිමක් දෙන්නට කෙනෙක් නැත...
කලා කරුවන් සියල්ල එක තැනකට ගෙනිහින් ඔවුන්ට කෑම බිමක් දී මේ රටේ තව තවත් කලා කටයුතු කිරීමට ශක්තියක් වෙන්නට ජනාධිපති කෙනෙක් මේ රටේ නැත..
හම්බන්තොට වරායේ මත්තල ගුවන්තොටුපල නිරීක්ෂණය කිරීමට ජනාධිපති කෙනෙක් නැත...
මිනිසුන් සමඟ හිනා වී ඔවුන් සමඟ මල ගෙදරට මගුල් ගෙදරට ගොස් මිනිසුන් සමඟ ඉන්නා ජනාධිපති කෙනෙක් අද නැත...
මේ රටේ තවත් ගුවන් පාලම ආකේඩ් නාවල උයන මෙන් උයන් මිනිසුන්ට සතුටු වීමට රිලැක්ස් වීමට නිදහස් ස්ථාන හැදෙන පාටක් නැත...
කොටින්ම දැන් මේ රටේ මිනිසුන් ජීවිතය ගෙවන්නේ ඉපදිලා රස්සා කරලා මැරෙන ජිවිතයක්ය....
ඕනිවට වඩා හිතන එකෙක් නිසා මට මේ වගේ කරුම දේවල් හිතෙන එක සමහරවිට මගේ වැරද්දක් වන්නට ඇත...
නමුත් මෙය සැබෑවක් බව ඔබට කීබෝඩ් එකෙන් එලියට බැස පාරේ තොටේ ඇවිදිද්දී සිතෙනු ඇත...
ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත

හේතු තියෙනවා ඕන තරම්.