අදටත් ඒ අදහස එසේමය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අදටත් ඒ අදහස එසේමය...

LTTE ත්‍රස්තවාදය පැරදු දින ඇතිවූ ආඩම්බරය හා ඇති වූ ගෞරවයේ සිට මේ රට ගැන ඇතැම් අවස්ථාවලදී දුකක් ඇති ඇති වුයේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝල බාලයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් නිසාය...
පුතාලා විසින් පියාගේ බලය අයුතු ලෙස පාලනය කිරීමත් කුඩු කාරයින් සහ දුෂිත දේශපාලකයින්ව වටේ තියාගෙන ඔවුන් කරන කියන වැරදි වලට දඬුවම් නොදීම ගැන අපට ඒ කාලයේ ඇති වුයේ ඉමහත් දුකක් බව සැබෑය...

නමුත් ඔය අතරදී අප නොදුටු පැතිද ඇති විය.මේ රටේ මහා සංවර්ධනයක් විය.අලුත් අලුත් ව්‍යාපෘති ඇති විය.උමා ඔය,නොරෝච්චලය,හම්බන්තොට වරාය,කොළඹ නාගරික සංවර්ධනය,මහා මාර්ග සංවර්ධනය,අධිවේගී මාර්ග,ගුවන් පාලම්,ජලාශ,ගුවන්තොටුපළවල්,නෙලුම් පොකුණ,රන්මිණිතැන්න කලා ගම්මානය දුම්රිය මාර්ග සංවර්ධනය සහ දුම්රිය බලවේග කට්ටල ගෙන්වීම ඇතුළු එකී නොකී මෙකි විශාල සාමාන්‍ය ජනයාගේ ඇස නොගැටුණු තවත් කුඩා පරිමාණයේ ව්‍යාපෘතිද මේ රටේ සිදු වූ බව අපි හැමෝම තර්කයකින් තොරව පිළිගත යුතුය...
මෙයට ඇතැම් අය ඔය උන්ගේ සල්ලි වලින් හදපුවා නෙමෙයි අපේ සල්ලි වලින් හදපු ඒවා යැයි කියමින් ගොන් තර්ක දැමීමට හැකිය..
අපි ඔවුන්ට අනුකම්පා කරන්නෙමු.මන්ද ඔවුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුවාට පසු රටෙහි ඉපදුනු පොඩි උන් බැවිනි.ඔවුන් මේ රටේ අනිත් ජනාධිපතිවරු ඉන්නා කාලයේදී සිටියේ නැති උන් බැවිනි..

කෙසේ වෙතත් රසවත් පලතුරු ගොඩක් මැද එක නරක පළතුරක් තිබුණොත් මිනිසුන්ට ඒ පලතුරු වට්ටියම එපා වන ලෙසම මහින්ද රාජපක්ෂ පන්නා දැමිය යුතු යැයි සිති ගියේ 2014 වර්ෂයේ යලිත් ජනාධිපතිවරණයක් තැබූ දිනයේදීය...
අලුත් වෙනසක් අපි බලාපොරොත්තු වුනෙමු...
නමුත් අවාසනාවක මහතට විරුද්ධ පක්ෂයෙන් නැගී සිටියේ මෛත්‍රිපාල සිරිසේනය...
සමාජයේ ඇවිද සමාජයෙන් බැට කා පන්නරයක් ලැබූ අපට මෛත්‍රිපාල සිරිසේනගේ පාලනයක් ආවොත් මේ රටට වෙන්න යන වින්නැහිය එදා නිකන් දිවැසින් සේ පෙනුණේ අද අප ඉන්නා අසරණ මොහොත ලෙසටමය...
නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි යැයි සිතා අපි එදා සිට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියේ මහින්දට ඇති කැමැත්තක් නිසා නොව මෛත්‍රිපාලගේ පාලනය රටට ආවොත් රටට වෙන්න යන වින්නැහිය තේරෙන නිසාය....
අපි සමහරවිට දේශප්‍රේමින් නොවෙන්නට ඇත.නමුත් මේ රට ගැන පොඩි හරි කැක්කුමක් මගේ හදවතේ ධමනියේ හෝ ඇති බව ජාතික ගිය අසද්දී ඇඟේ හිරිගඩු පිපෙන විට මට විටෙක හැඟී ඇත.
දින 100 කින් විධායකය අහෝසි කර මේ රටේ ඒකාධිපති පාලනය නැති කර දුෂිත දේශපාලනය නැති කරන බව පවසා මිනිසුන් රවටා ඔහු ජනාධිපති විය...
එය දැන ගත් එදින අපගේ දෑසට කඳුලක් ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමින් වෙන් වී ගිය නිසා නොව රටට වෙන්න යන විනාශයත් ඒ රට බේරීමට සිටි සිංහයෙක් අහිමි වී ගිය බවත් දැනුන නිසාය...
කෙසේ වෙතත් දින 100 ගත විය..රනිල් අගමැති විය...
යලිත් ඡන්දයක් පැවතිණි.මහින්ද රාජපක්ෂව අගමැති කිරීමටද අප උත්සහ කලේ දින 100 ඇතුලත මේ රටේ සිදුවූ පොඩි පොඩි ජිල් මාට් ගැන තේරුම් ගිය නිසාය...
එදිනද ඡන්දයෙන් පැරදී රනිල් යලිත් අගමැති විය...
එදා මෙදායින් පසු අපි නිහඬව රට ඕනි පැත්තකට ගියපු දෙන් යැයි අත හැර දැමුවේ දැන් කෑගසා නිකන් හිරේ විලංගුවේ වැටෙන එකේ තේරුමක් නැති නිසාවෙනි..
අදටත් ඒ අදහස එසේමය...
නමුත් මේ ටික මා මතක් කර දීමට කැමතිය...
ගතවූ අවුරුදු කිහිපය තුල මා මේ රටේ සැණකෙළි සහ ලස්සන සෞභාග්‍යමත් උත්සව ඇතුළු සංවර්ධනයක් දුටුවෙමි...
ඒ සියල්ල දැන් නැත...නෙලුම් පොකුණේ දැන් එඩ්වඩ් ජයකොඩිගේ ගීත අසන්නට ජනාධිපති කෙනෙක් නැත..
ක්‍රිකට් ක්‍රීඩකයින් මැච් එකක් ගහලා එනවිට ඔවුන්ට සුබ පතා කෑමක් බිමක් දෙන්නට කෙනෙක් නැත...
කලා කරුවන් සියල්ල එක තැනකට ගෙනිහින් ඔවුන්ට කෑම බිමක් දී මේ රටේ තව තවත් කලා කටයුතු කිරීමට ශක්තියක් වෙන්නට ජනාධිපති කෙනෙක් මේ රටේ නැත..
හම්බන්තොට වරායේ මත්තල ගුවන්තොටුපල නිරීක්ෂණය කිරීමට ජනාධිපති කෙනෙක් නැත...
මිනිසුන් සමඟ හිනා වී ඔවුන් සමඟ මල ගෙදරට මගුල් ගෙදරට ගොස් මිනිසුන් සමඟ ඉන්නා ජනාධිපති කෙනෙක් අද නැත...
මේ රටේ තවත් ගුවන් පාලම ආකේඩ් නාවල උයන මෙන් උයන් මිනිසුන්ට සතුටු වීමට රිලැක්ස් වීමට නිදහස් ස්ථාන හැදෙන පාටක් නැත...
කොටින්ම දැන් මේ රටේ මිනිසුන් ජීවිතය ගෙවන්නේ ඉපදිලා රස්සා කරලා මැරෙන ජිවිතයක්ය....
ඕනිවට වඩා හිතන එකෙක් නිසා මට මේ වගේ කරුම දේවල් හිතෙන එක සමහරවිට මගේ වැරද්දක් වන්නට ඇත...
නමුත් මෙය සැබෑවක් බව ඔබට කීබෝඩ් එකෙන් එලියට බැස පාරේ තොටේ ඇවිදිද්දී සිතෙනු ඇත...
ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත:(:(:(
national%20day_sandhira_13908231870890.jpg
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පිරියයි ඔයි දැන් ඕක නවත්තනවකෝ....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචං අර භුගත ගේ අැත්ත සීන් ඵකක්ලු නේද.වෙන රටවල නම් ඵහෙම දෙයක් කරනවනම් මිනිස්සු දැනගන්න ඕන.මොකද ඕවට වියදම් කරන්නේ රටේ සල්ලි නිසා.ඵහෙම හොරෙන් කරානම් ඒකම අැති මිනිස්සු පාරට බැහැලා රටේ නායකයව පුටුවෙන් අැදලා දාන්න..දැන් අාණ්ඩුවත් හොරා කන්න පටන් අරංලු..මහින්ද කරා නම් අපිට බැරි මොකෝ කියලා හිතලා වෙන්න අැති.ලංකාවේ දේශපාලනය කියන්නේ හොද බිස්නස් ඵකක්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ රටවල් වල අගමැතිල මෙච්චර දේවල් කරලත් මිනිස්සුන්ගෙන් අහන කතා දැක්කොත් උබ බෙල්ලෙ වැල දාන් මැරෙනව. මේ මගුල දැන්වත් නවත්තපන්කො වැලහින්නක් වගේ උදේ හවා අඬනව. මහින්ද ඔව්ව කලේ උගෙ සල්ලි වලින් නෙවෙයි තමා ඇයි නය ගත්තම ගෙවන්නෙ උඹේ බාප්පොච්චිද? ඒකත් ගෙවන්නෙ මේ රටේ අහින්සක මිනිස්සු මිසක් ඔය බෙන්ස් වලින් යන දේශපාලුවො නෙවෙයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
    නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත:(:(:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මහින්ද කියන්නේ නාස්තිකාරයෙක්.රටට වැඩක් කරා ඒ උනාට සල්ලි ඕනවට වඩා නාස්ති කරා..චන්දයක් ලං වෙනකොට ගෙදරටම මිනිස්සු ගෙන්නලා බුරියානි කවපු ජනපති විදිහට මහින්ද ඉතිහාසගත වෙනවා.නළු නිළියන්ට ගෙවල් දීලා කන්න බොන්න දුන්නේ ආදරේට නෙමේ උන් ලවා මිනිස්සුන්ගේ මතේ වෙනස් කරන්න.මහින්දගේ හොද කියවන්න.මොකද මහින්ද දන්නවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මොළේ ගැන.අන්තිමට ස්ටේජ් නග්ගන්න සල්මන් ඛාන් වත් ගෙන්නුවා නේ.ඉතිහාසේ රන් අකුරින් ලියවෙන්නේ ඕවා..:P:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
    නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත:(:(:(

    දුකයි මහින්ද ඉන්න කාලේ මහින්දගේ දුන්තෙල් බතක් කන්න බැරි උන එකට.:(
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    එදා සන්වර්දනෙ පොඩි පොඩි ගැටලු තිබුන.....අවස්ය තැනටද අවශ්ය දේවල් ලැබුනෙ..(හම්බන්තොට ගුවන් පාලම්,මත්තල වගෙ දේවල්- සොබනේට කරන්න අපි ඩියුනු රටක් වත් ඉහල ආර්තිකයක් ටියන රටක්වත් නෙවේනෙ- නයට සල්ලි අරන් ගොන් ආතල් ගන්නා..යොදවන මුදලින් සදාරනව විනිවිදව වැඩේ කෙරුනද...මම නම් හිතනව මේ ආන්ඩුවට තව ටිකක් කල් දෙන්න ඔන කියල...මහින්ද මහත්තය පටන් ගත්තට වඩා නම් මෙයාලගෙ පටන් ගැන්ම ගොඩක් අවුල්... මම නම් කොල පාට නිල් පාට නෙවෙයි... රටට අව්ස්ය වෙලාවට අවස්ය දේසපාලනය කරන කෙනෙක්...මහින්ඩ උන්නැහෙටත් මනප දිල ටියනව
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    එදා සන්වර්දනෙ පොඩි පොඩි ගැටලු තිබුන.....අවස්ය තැනටද අවශ්ය දේවල් ලැබුනෙ..(හම්බන්තොට ගුවන් පාලම්,මත්තල වගෙ දේවල්- සොබනේට කරන්න අපි ඩියුනු රටක් වත් ඉහල ආර්තිකයක් ටියන රටක්වත් නෙවේනෙ- නයට සල්ලි අරන් ගොන් ආතල් ගන්නා..යොදවන මුදලින් සදාරනව විනිවිදව වැඩේ කෙරුනද...මම නම් හිතනව මේ ආන්ඩුවට තව ටිකක් කල් දෙන්න ඔන කියල...මහින්ද මහත්තය පටන් ගත්තට වඩා නම් මෙයාලගෙ පටන් ගැන්ම ගොඩක් අවුල්... මම නම් කොල පාට නිල් පාට නෙවෙයි... රටට අව්ස්ය වෙලාවට අවස්ය දේසපාලනය කරන කෙනෙක්...මහින්ඩ උන්නැහෙටත් මනප දිල ටියනව

    මම දෙපාරක් චන්දෙ දුන්න මෑන්ට..මේ පාර දුන්නේ නෑ.:no:හේතු තියෙනවා ඕන තරම්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
    නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත:(:(:(

    උඹ ඒලියන් කෙනෙක්ද කොල පාට නිල් පාට ලේ තියෙන්න? මගෙ නං ලේ රතු පාටයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ඇයි නම් එතින් කලින් ජමදිපතිවරනෙකට ගිහින් අවදානමට ලක්කලේ මේ රට. කලින් ජනදිපතිවරනෙකට ගිහින් රට ජාතිය බුද්දාගම සියල්ල අයි බන් අනතුරක දැම්මේ. අපි නම් ජෙප්පෝ බඩ පිරෙනවන්ම් එච්චරයි රටට හෙන ගහුවත් අපිට අව්ලක් නැහැ/ යු එන පි කාරයෝ බලන් ඉන්නේ රට කොටියට දෙන්න.

    එත් රට ජාතිය ගැන හිතන උදාර ජනරංජන නායකයට, ලබ්බෙන් ගහලා යුද්දය කරපු නායකයට තිබුනා නේද කලපනා කරන්න, මෙවෙලේ ජනදිපතිවරනයකට යනවා කියන්නේ රටම අවදනමේ දැමීමක්. දිනු නිදහස අනතුරේ දාන්නේ ඇයි කියලා ?? උබට වත් එක පැහැදිලි කරලා දෙන්න හිතුවේ නැද්ද ? අදුම ගානේ එහෙම කිව්වනම් උබට දිගටම කුවේට් නමින් එළකිරි වත් එන්න තිබ්බ නේද :D

    ජනවාරි 8 මහින්ද තමයි දාගත්තේ. බඩගැන හිතන අපි ජෙප්පෝ මහින්දව , රට කොටියට ලියන යු එන පි කරොත් එක්ක එකතුවෙලා මහින්ද පරද්දුව.

    හැබයි මහින්ද ජන්දිපතිවරණය කලින් තිබ්බේ නැත්තම් මේ මම කොටන වෙලාවෙත් ජනාදිපති. එක මතක තියාගෙන් කතා කරන්න
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
    නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත:(:(:(

    :yes::yes::yes::yes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේ අන්ඩුවෙ නරක හොද දෙකම තියෙනව.කොහොමත් මහින්ද කරපුවට වඩා හොදයි වගේ පේන්නෙ.education වල budget එක එහෙම සෑහෙන්ඩ වැඩි කරල.එකම දේ යටින් game දෙන ගතියක් තියෙනව.බලමුකො.අපි පත් කලේ අවුරුදු 5 කටනෙ.කොහොමත් මහින්ද කලා වගෙ ප්‍රශ්න වටේ යනවට වඩා මෙ අන්ඩුව ප්‍රශ්න වලට උත්තර හොයනව.ඒක හොද දෙයක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද ඇයි නම් එතින් කලින් ජමදිපතිවරනෙකට ගිහින් අවදානමට ලක්කලේ මේ රට. කලින් ජනදිපතිවරනෙකට ගිහින් රට ජාතිය බුද්දාගම සියල්ල අයි බන් අනතුරක දැම්මේ. අපි නම් ජෙප්පෝ බඩ පිරෙනවන්ම් එච්චරයි රටට හෙන ගහුවත් අපිට අව්ලක් නැහැ/ යු එන පි කාරයෝ බලන් ඉන්නේ රට කොටියට දෙන්න.

    එත් රට ජාතිය ගැන හිතන උදාර ජනරංජන නායකයට, ලබ්බෙන් ගහලා යුද්දය කරපු නායකයට තිබුනා නේද කලපනා කරන්න, මෙවෙලේ ජනදිපතිවරනයකට යනවා කියන්නේ රටම අවදනමේ දැමීමක්. දිනු නිදහස අනතුරේ දාන්නේ ඇයි කියලා ?? උබට වත් එක පැහැදිලි කරලා දෙන්න හිතුවේ නැද්ද ? අදුම ගානේ එහෙම කිව්වනම් උබට දිගටම කුවේට් නමින් එළකිරි වත් එන්න තිබ්බ නේද :D

    ජනවාරි 8 මහින්ද තමයි දාගත්තේ. බඩගැන හිතන අපි ජෙප්පෝ මහින්දව , රට කොටියට ලියන යු එන පි කරොත් එක්ක එකතුවෙලා මහින්ද පරද්දුව.

    හැබයි මහින්ද ජන්දිපතිවරණය කලින් තිබ්බේ නැත්තම් මේ මම කොටන වෙලාවෙත් ජනාදිපති. එක මතක තියාගෙන් කතා කරන්න

    meka tamai matat ahanna tiyenne :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං අර භුගත ගේ අැත්ත සීන් ඵකක්ලු නේද.වෙන රටවල නම් ඵහෙම දෙයක් කරනවනම් මිනිස්සු දැනගන්න ඕන.මොකද ඕවට වියදම් කරන්නේ රටේ සල්ලි නිසා.ඵහෙම හොරෙන් කරානම් ඒකම අැති මිනිස්සු පාරට බැහැලා රටේ නායකයව පුටුවෙන් අැදලා දාන්න..දැන් අාණ්ඩුවත් හොරා කන්න පටන් අරංලු..මහින්ද කරා නම් අපිට බැරි මොකෝ කියලා හිතලා වෙන්න අැති.ලංකාවේ දේශපාලනය කියන්නේ හොද බිස්නස් ඵකක්..
    උඹලට දැන් තමා ඕක රහස් කාමර වුනේ.. ඕක හදපු කාලේ උඹ ලංකාවේ නේද හිටියේ.. එපා කිවුවද හදන්න.. ඒ කාලේ තිබුනා බං යුද්ධයක්. එක පාරක් කොළඹටම ආපු කොටි පැය ගාණක් කොළඹ සටන් කලා. මතකද ලේක් හවුස් එකත් අල්ල ගත්තා.. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදි රටේ නායකයන්, නිලධරයන් සදහා පහසුකම් සැපයිමට තමා ඕය වගේ තැන් කිපයක්ම හැදුවේ. මොකද තානාපති අංශ වල ඉන්න අයට උනත් දෙන්න පුලුවන් වෙන්න. අර උඹලා තාමත් කියන්නේ ටොයිලට් AC කලා කියලා. අන්න ඒ ප්‍රමිතියට. වටෙන් විශ ගැහුවත් ඇතුලට නොයන AC පවා මේකේ මන් දන්න තරමින් එලියෙන් ක්‍රියාවිරහිත කරන්න බෑ. යුද්දෙන් පස්සේ මේවා තවත් මොඩර්න් කරලා හදපු නිසා තමා අර ඇමරිකන් ලේකම් ආපු වෙලාවෙ එහෙම උඹලගෙ මහ ටොයියා අර තඩි පුටුවක වාඩි වෙලා ඌට එහෙයි කිය කිය උන්නේ.. මේක ගැන උඹලා දන්නේ නැත්තේ යුද්දේ කාලේදිවත් රටෙ උනේ මොනවද කියලා උඹලා දන්නෙ නැති නිසා බං. අඩුම ගානේ මතකද අපි අපේ ගෙදර වර්ල්ඩ් කප් එක බල බල ඉද්දි කොටි කොළඹට බොම්බ දැම්මා..අර අපි කළුවරේ හිටියේ, බීපු ටිකත් බැහැල ගියේ.. මතකද උඹට..
    උඹලට නිකමටවත් හිතුනද ආණ්ඩුව පෙරලිලා මාස ගාණක් ගියාට පස්සේ මේ හදිසියෙ මේ ආණ්ඩුවෙ උන් ජනාධිපතිමන්දිරයෙන් මේක අද හොයා ගත්තා වගේ ප්‍රචාරය කරන්නේ ඇයි කියලා? අපේ අලුත් ලොක්කා ඒයාගේ මන්දිරේ මොඩර්න් කරන්න පරිපුරක ඇස්තමේන්තුකින් කෝටි 25ක් මට මතක විදියට පාස් කර ගත්තා, එක ගැන රටේ ඇතුවුන මතය වහන්න, වෙන පැත්තකට හරවන්න ගෙනාපු අලුත් විජ්ජාව තමා මේ.. දැන් මේක හදලා ඉවර එකනේ බං.. අන්න අර අලුතින් හදන එක නවත්තපල්ලකෝ නාස්තිය පිටු දකින්න. උඹලා කිවුවේ වැරදි කලොත් පාරට බහිනවා කියලා නේද.. කෝ බං දැන් කියක් කලාද? පාරට මොකෙක්වත් එන්නේ නෑ.. පොස්ට් නෑ.. මොකද ඩේටා ඉවරද වැරදි පෙන්නන්න..
    දැන් වත් කරපුවගේ දිග පලල මනින් නැතුව මේ කරනවා කියපුවා කරන්න කියපන් බං.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහින්ද ඇයි නම් එතින් කලින් ජමදිපතිවරනෙකට ගිහින් අවදානමට ලක්කලේ මේ රට. කලින් ජනදිපතිවරනෙකට ගිහින් රට ජාතිය බුද්දාගම සියල්ල අයි බන් අනතුරක දැම්මේ. අපි නම් ජෙප්පෝ බඩ පිරෙනවන්ම් එච්චරයි රටට හෙන ගහුවත් අපිට අව්ලක් නැහැ/ යු එන පි කාරයෝ බලන් ඉන්නේ රට කොටියට දෙන්න.

    එත් රට ජාතිය ගැන හිතන උදාර ජනරංජන නායකයට, ලබ්බෙන් ගහලා යුද්දය කරපු නායකයට තිබුනා නේද කලපනා කරන්න, මෙවෙලේ ජනදිපතිවරනයකට යනවා කියන්නේ රටම අවදනමේ දැමීමක්. දිනු නිදහස අනතුරේ දාන්නේ ඇයි කියලා ?? උබට වත් එක පැහැදිලි කරලා දෙන්න හිතුවේ නැද්ද ? අදුම ගානේ එහෙම කිව්වනම් උබට දිගටම කුවේට් නමින් එළකිරි වත් එන්න තිබ්බ නේද :D

    ජනවාරි 8 මහින්ද තමයි දාගත්තේ. බඩගැන හිතන අපි ජෙප්පෝ මහින්දව , රට කොටියට ලියන යු එන පි කරොත් එක්ක එකතුවෙලා මහින්ද පරද්දුව.

    හැබයි මහින්ද ජන්දිපතිවරණය කලින් තිබ්බේ නැත්තම් මේ මම කොටන වෙලාවෙත් ජනාදිපති. එක මතක තියාගෙන් කතා කරන්න

    Jara cut eka...;):lol: