අදටත් නොවිසඳුණු Tylenol ඔසුවේ මාරාන්තික අභිරහස

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ඛේදජනක, වෛද්‍ය අභිරහසක් උගුරේ අමාරුවක් සහ නාසයෙන් ලේ ගලා යාමෙන් 1982 සැප්තැම්බර් 29 වන දින උදෑසනක ආරම්භ විය. චිකාගෝහි උප නගරයක් වන එල්ක් ග්‍රෝව් ගම්මානයේ 12 හැවිරිදි මේරි කෙලර්මන් ඇගේ රෝග ලක්ෂණ ගැන තම මවට සහ පියාට පැවසුවේ එවිට ය.

    ඔවුහු ඇයට එක් ටයිලෙනෝල් කරලක් ලබා දුන්හ. එය ගිල දැමීමෙන් පසු මේරි කෙලර්මන් එදින උදේ 7 ට මිය ගියා ය. ඇගේ මරණය මුළු ජාතියම භීතියට පත් කරන්නට සතියක් ඇතුළත හේතු විය.

    bXx4UqkGJDL8HIQf_Tylenol-Extra-Strength-Allen-via-Flickr-cc.jpg


    80 දශකයේ tylenol ඖශධ- skograndpr.com
    ඉලිනොයිස් හි ආර්ලින්ටන් හයිට්ස් හි ඇඩම් ජැනස් නම් 27 හැවිරිදි තැපැල් සේවකයෙක් හෘදයාබාධයක් හේතුකොට ගෙන එදින ම මරණයට පත්විය. අනතුර හෘදයාබාධයක් ලෙස මුලින් සිතූ නමුත් පසු ව සිදු කළ විපරම් කිරීමෙන් දැනගන්නට ලැබුණේ ඔහු සයනයිඩ් විෂ වීමකින් මිය ගිය බව ය. ඉලිනොයිස් හි ලිස්ලේ හි ජිවත් වූ ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය වන ස්ටැන්ලි සහ තෙරේසා ඔවුන්ගේ ආදරණීය සොහොයුරාට උදවු වීම පිණිස ඔහුගේ නිවසට දිව ගියහ.

    අවාසනාවකට මෙන් මේ දෙදෙනා ම එදින හිසේ කැක්කුමක් අත්විඳ ඇති අතර දෛවයේ සරදමකට මෙන් ඔවුන් දෙදෙනා ද ප්‍රතිකාරයක් ලෙස භාවිත කළේ කලින් දවසේ ඇඩම් භාවිත කළ බෝතලයෙන් ගත් ටයිලෙනෝල් කරල් එකක් හෝ දෙකකි. සිද්ධියේ උණුසුම තව තවත් වැඩි කරමින් ස්ටැන්ලි එදින ම මිය ගිය අතර තෙරේසා ඉන් දින දෙකකට පසුව මිය ගියා ය.

    සිද්ධිය පිලිබද වූ පුවත්පත් වාර්තා


    සිද්ධිය පිළිබද පුවත්පත් වාර්තා - www.linkedin.com
    ඊළඟ දින කිහිපය තුළ තවත් අමුතු මරණ තුනක් සිදු විය. ඉලිනොයිස් හි එල්ම්හර්ස්ට් හි 35 හැවිරිදි මේරි මැක්ෆාලන්ඩ්, චිකාගෝ හි 35 හැවිරිදි පෝලා ප්‍රින්ස් සහ ඉලිනොයිස් හි වින්ෆීල්ඩ් හි 27 හැවිරිදි මේරි වයිනර් එලෙස මරණයට පත් වූ අය අතර වූහ. මෙම මරණවල ද දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ ඔවුන් සියල්ලන් ම මිය යාමට ටික කලකට පෙර ටයිලෙනෝල් ඖශධය ලබා ගෙන තිබීම ය.

    ටයිලෙනෝල් හා මරණ සහ අතර සම්බන්ධය

    1982 ඔක්තෝම්බර් මස මුල දී, විමර්ශකයෝ එවකට එක්සත් ජනපදයේ අලෙවි වූ හොඳ ම වේදනා නාශකයක් වූ ටයිලෙනෝල් හා විෂ ශරීරගත ව සිදු වූ මරණ අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කළහ. ජෙලටින් මත පදනම් වූ කරල් විශේෂය එකල ජනප්‍රිය වූයේ එය සිහින් සහ ගිලීමට පහසු එකක් වූ බැවිනි. අවාසනාවන්ත ලෙස, සෑම වින්දිතයෙක් ම මාරාන්තික සයනයිඩ් මාත්‍රාවක් සහිත ටයිලෙනෝල් කැප්සියුලයක් ගිල දමා තිබිණි.

    James Burke එවකට් tylenol හි ප්‍රධාන විධායක නිලධාරි


    සිදුවීම වන කාලයේ දී Johnson & Johnson හි ප්‍රධාන විධායක නිලධාරි ames Burke - www.nj.com

    McNeil Consumer Products, සෞඛ්‍ය සේවා දැවැන්තයාගේ අනුබද්ධ ආයතනයක් වූ Johnson & Johnson සමාගම එවක Tylenol නිෂ්පාදනය කර තිබිණි. සිදුවූ අවාසනාවන්ත සිද්ධි දාමයට පසු සමාගම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ අතර මාධ්‍යවලින් ලබා ගත් සහාය ද සමඟ ටයිලෙනෝල් බෝතල් මිලියන 31 කට වඩා නැවත කැඳවන ලෙස වහා ම ඉල්ලා සිටියේ ය.

    අහඹු මිනීමැරුම්

    ඔක්තෝම්බර් මස මුලදී චිකාගෝ ප්‍රදේශයේ තවත් සිල්ලර වෙළඳසල් සහ ඖෂධ ගබඩා කිහිපයකින් Tylenol කරල් සොයා ගත් නමුත්, වාසනාවකට මෙන්, ඒවා තවමත් විකුණා හෝ පරිභෝජනය කර නොතිබිණි. McNeil සහ Johnson & Johnson සමාගම්, මෙම අහඹු මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයා හෝ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු දන්නා ඕනෑම කෙනකුට ත්‍යාගයක් පිරිනමන බවට ප්‍රකාශ නිකුත් කළේ ය.
    මෙම නඩුව පොලිසියට, ඖෂධ නිශ්පාදන සමාගමට සහ පොදුවේ මහජනතාවට අතිශයින්ම ව්‍යාකූල එකක් විය. Tylenol, ඖෂධ කම්හලෙන් පිට වූ පසු ඒවාට සයිනයිඩ් ඇතුළු කිරීම සිදු කර ඇති බව Johnson & Johnson සමාගම තහවුරු කළේ ය. චිකාගෝ ප්‍රදේශයේ දේශීය සිල්ලර වෙළෙන්දන්ගේ සහ ඖෂධ ගබඩාවල රාක්කවලින් බෝතල් ඉවත් කර, කරල්වලට සයනයිඩ් මිශ්‍ර කර පසු ව ඒවා අලෙවියට තබා මේ කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර ඇති බව පොලීසිය උපකල්පනය කළේ ය.

    කෙසේ වෙතත් අද වනතුරුත් මෙම ඝාතන සිදු කළ අපරාධකරුවන් සොයා ගැනීමට හැකි වී නැත.

    සැකකාර James William Lewis


    සැකකාර ජේම්ස් ලුවිස් - chicagoreader.com

    ජේම්ස් ලුවිස් නම් මිනිසෙක් තමන් ටයිලෙනෝල් ඝාතකයා යැයි කියා ගනිමින් Johnson & Johnson සමාගම වෙත “කප්පම්” ඉල්ලමින් ලිපියක් ලියා තිපුණේ මේ අතර ය. මෙය නවතා දැමීමට අවශ්‍ය නම් ඩොලර් මිලියනයක් අවශ්‍ය බව ද ඔහු ඉල්ලා සිටියේය. දීර්ග විමර්ශනවලින් පසුව ලුවිස් නිව් යෝර්ක් හි ජීවත් වූ බවටත් චිකාගෝ සිදුවීම්වලට සම්බන්ධ නොමැති බවටත් පොලිසිය සහ ෆෙඩරල් විමර්ශකයෝ තීරණය කළහ. කෙසේ නමුත් ඔහුට එල්ල වූ කප්පම් චෝදනා නිසා වසර 20 ක සිර දඬුවමක් නියම විය. ඔහු වසර 13 ක් පමණක් සිරබත් කෑමෙන් පසු 1995 දී නිදහස් කෙරිණි.
    1982 අර්බුදයට පෙර, Tylenol වේදනා නාශක වෙළඳපොළෙන් සියයට 35 කට වඩා පාලනය කළේ ය. මිනීමැරුම්වලින් සති කිහිපයකට පසුව, එම සංඛ්‍යාව සියයට 8ට වඩා අඩු මට්ටමකට ඇද වැටිණි. තම සමාගමේ සිදුවූ බරපතළ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට Johnson & Johnson විධායක නිලධාරීහු කඩිනම් ක්‍රියාමාර්ග ගත්හ.

    නව නිෂ්පාදන ආරක්ෂණ ක්‍රම

    Johnson & Johnson සමාගම නව නිෂ්පාදන ආරක්ෂණ ක්‍රම සහ අනාගතයේදී තම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා වඩා හොඳින් කටයුතු කිරීමට යකඩ ආවරණ සහිත ඖශධ බෝතල් හදුන්වා දීම සිදුකළේ ය.
    අවාසනවාකට ඔසු විෂ වීමෙන් ඇති වූ ඛේදවාචක කිසි විටෙකත් ආපසු හැරවිය නොහැක. නමුත් ඖෂධ සමාගම් තම නිෂ්පාදනවල ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට මෙම සිදුවීම් පෙළ හේතු විය. Tylenol වේදනා නාශක භාවිතයෙන් හට ගත් මරණ, ඖෂධ මිලදී ගන්නා මිලියන සියගණනකට වඩා පිරිසකට ආරක්ෂිතව එම ඖෂධ ලබා ගැනීම සඳහා ඉවහල් වන වැදගත් පියවර මාලාවක් ඇති කළේ ය.

    Oshada Dilshan @ ROAR
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඒඩ්ස් හැදුන එකෙක්ගෙ වැඩක් වෙන්නත් බැරි නෑ. අහල තියනව ඉස්සර කාලෙ ඒඩ්ස් භීතිකාවක් විදියට යන කාලෙ හැදුන සමහර එවුන් සමාජයෙන් පලි ගන්න එක එක අලුගුත්තේරු වැඩ කරා කියල ලෙඩේ පැතිරෙන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,883
    113
    Gampaha
    😮😮👍👍



    TFS keep it UP

    දැන් එළකිරියේ මේ වගේ ඒවා පොස්ට් වෙන්නෙම නෑ.... දවස ගෙවාගන්න ඒවා තිබ්බට මේ වගේ ඒවා බොහොම අඩුයි......
    තියෙන ඒව බම්ප් වෙන්නෙත් නෑ...😥