අදටත් ප්‍රභාකරන් කියන්නෙ මගේ දෙවියා MBBS, PhD, LLB ගත්තු මට පිටිපස්සට යන්න කියන්නෙ එයාට පිස්සුද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    3,773
    5,059
    113

    11/24/2024 01:37:00 PM

    dr-archuna-speaks

    වෛද්‍ය අර්චුනා රාමනාතන් පසුගිය සතියේ පුවත් මවන චරිතයක් බවට පත් විය. හෙතෙම යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරයෙකි. වෛද්‍ය රාමනාතන් පාර්ලමේන්තුව තුළ විපක්ෂ නායක පුටුවේ බලහත්කාරයෙන් අසුන් ගත් කාරණයේ සිට මන්ත්‍රී භෝජනාගාරයේ ආහාර ගනිමින් කළ වීඩියෝපටය දක්වාම ඔහුට සමාජ මාධ්‍ය හරහා එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයන්ය. පිළිගත් වෘත්තිකයෙකු ලෙස ඔහුගේ හැසිරීමෙහි ඇති අවිචාරවත් බව බොහෝ දෙනෙකුගේ විමසුමට බඳුන් විය.

    ඔහු හිටපු LTTE පොලිසියේ ප්‍රධානියෙක් වන රාමනාතන් ගේ පුත්‍රයාය. LTTE පොලිසියේ ප්‍රධානියෙක් වූ රාමනාතන් අවසන් සටනේදී මියගිය/අතුරුදන් පුද්ගලයෙකි. වෛද්‍ය අර්චුනා රාමනාතන් ඔහුගේ උපාධිය ලබා ගන්නේ යාපනේ විශ්වවිද්‍යාලයෙනි. 2024 ජුනි මාසයේ චාවකච්චේරිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස සේවයට බැඳී කෙටි කාලයකදී ඔහු ප්‍රකට චරිතයක් බවට පත් වන්නේ ජනතාව ඉදිරියේ එම රෝහලේ ඇති අඩුපාඩු දූෂණ අක්‍රමික ක්‍රියාවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙනි. වෛද්‍ය අර්චුනා රාමනාතන් සිය රැකියාවේ ද මේ හේතුව නිසා අර්බුද ඇති කර ගත් අයෙකු ලෙස ප්‍රකටය. එමෙන්ම, ඔහු TNA වැනි සාම්ප්‍රදායික දෙමළ පක්ෂ සමග ද මේ කාරණය හේතුවෙන් ගැටුම් ඇති කරගන්නේය. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාතන් අපට කී කතාවය.

    ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තුවට තේරී පත්වෙන ස්වාධීන කණ්ඩායම මොකද්ද?

    පිළිතුර – පක්ෂ කණ්ඩායම් අංක 17

    ප්‍රශ්නය – පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔබ වෛද්‍ය සේවයෙන් ඉවත් වෙලාද?

    පිළිතුර – ඔව්. ඉවත් වෙලා හිටියේ. 2024. 09. 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මගේ සේවය අත්හිටෙව්වා.

    ප්‍රශ්නය – සේවය අත්හිටුවන්න හේතුව මොකද්ද?

    පිළිතුර – ‘Unacceptable behavior of Dr. Ramanathan Archuna’ (වෛද්‍ය රාමනාතන් අර්චුනාගේ පිළිගත නොහැකි හැසිරීම) කියලා ඉංග්‍රීසියෙන් මාතෘකාව දාලා මට ලියුමක් ගහලා තිබුණා. 09 වෙනි මාසෙ 26 ඉඳලා 10 වෙනි මාසෙ 10 වෙනිදා වෙනකල් මං හිරේ හිටියා.

    හිරේ යන්න හේතුව 2024.06.13

    මම චාවකච්චේරි රෝහලේ අධ්‍යක්ෂක විදිහට පත්වුණා. එතකොට රෝහල ඇතුළේ වංචාවක් වෙලා තිබුණ නිසා මම වෘත්තිය සමිතිවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා එයාලට වැඩ කරන්න බෑ කියලා දවස් තුනක් රෝහලේ වැඩවර්ජනයක් කළා. ඒ දවස් තුන මම තනියම තමයි රෝහලේ වැඩකටයුතු බැලුවේ. ඊට පස්සෙ මම ඒ ගැන මාධ්‍යයට හෙළි කළාම මිනිස්සු එකතු වෙලා ඒ ඩොක්ටර්ස්ලට ගහන්න පටන්ගත්තා. එතකොට එයාලා සේරම එකතු වෙලා මට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඒ නඩුව තවමත් විභාග වෙනවා. හිරේ යන්න කලින් දවස් 180ක් මේ ප්‍රශ්න ඇදි ඇදී තිබුණා. ඒ නිසා තමයි මම එකපාරටම ස්වාධීනව ඉල්ලලා පාර්ලිමේන්තු ගියේ.

    ප්‍රශ්නය – උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඔබට චෝදනා එල්ල කරනවා තවමත් වෛද්‍ය වෘත්තියේ රැඳී ඉන්න ගමන් පාර්ලිමේන්තුවට තරග කළ බවට. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?

    පිළිතුර – 09 වෙනි මාසෙ 29 වෙනිදා මගේ සේවය අත්හිටුවපු ලියුම මගේ ෆේස්බුක් එකේ මම දාලා තියෙනවා. මම ඒ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තුවේදි කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. නඩුවේ මූලික පරීක්ෂණය 07 වෙනි මාසෙ 08 වෙනිදා පැවැත්වුණා. නමුත් අද වෙනකල් ඒ වාර්තාව එළියට දාලා නෑ. මං කරපු වරදවත් පැහැදිලිව මට කියලා නෑ. මම වෛද්‍යවරු කීපදෙනෙකුගේ රස්සාව නැති කරලා දාන්නත් උත්සාහ කළා. ඒකට හේතුව එයාලා කෙටි කාලයක් රජයේ රෝහලේ වැඩ කරලා ඉතිරි මාස කීපෙම පෞද්ගලික රෝහල්වල සේවය කිරීම. පස්සෙ මේ වෛද්‍යවරුන්ව ස්ථාන මාරු කළා. අපේ ඩයස්පෝරාවෙන් සල්ලි එකතු කරලා රෝහලට අරන් දුන්න මිලියන 17ක් වටින බඩු නැති වුණා. මම ඒ ගැන ෆේස්බුක් එකට දැම්මා. වෘත්තීය සමිතිවල සියල්ලන් මට විරුද්ධ වුණා. ඒ එක් වෛද්‍යවරයෙක් මට පහර දුන්නා. ඒ වගේ සිද්ධි ගොඩක් ඒ කාලෙ වුණා.

    ප්‍රශ්නය – ඔබ වෘත්තිකයෙක්. එසේ තිබියදීත් ඔබ විපක්ෂ නායකගේ අසුනේ අසුන් අරගෙන වේත්‍රධාරියාටත් අභියෝග කළා. මේක කොයිතරම් දුරට සදාචාරාත්මකද? ඔබගේ එදා ඒ හැසිරීම සාධාරණීකරණය කරන්නෙ කොහොමද?

    පිළිතුර – මෙහෙමයි. ඔයා පළවෙනි පාරට ඉස්පිරිතාලෙකට යනකොට ඔයා දන්නවද ICU ඇඳ තියෙන්නෙ කොහෙද කියලා? නෑනෙ. අනික මම වෛද්‍යවරයෙක්. රෝහලක අධ්‍යක්ෂවරයෙක්. මම දේශපාලනය දන්නෙත් නෑ. ඉතින් ඒ වගේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකගෙ පුටුව මොකද්ද, අහවලාගෙ පුටුව මොකද්ද කියන එක මං දැනන් හිටියෙ නෑ. අනිත් එක පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් බලන්නකො පළවෙනි දවසෙ කාටවත් අසුන් වෙන් කරලා තිබුණද කියලා. වේත්‍රධාරියා මට ඇවිත් කිව්වා මේක විපක්ෂ නායකට වෙන් කරපු අසුන කියලා. නමුත් ඒ වෙද්දි විපක්ෂ නායක කෙනෙක් හිටියෙ නෑ.
    එතකොට කවුරුහරි ඇවිත් කිව්වොත් මම තමයි විපක්ෂ නායක, ඔයා නැගිටින්න කියලා, මං නැගිටින්න ඕනෙද? කාටවත් ආසන වෙන් කරලා නෑ ඕන තැනක වාඩිවෙන්න කියලා කිව්වෙ ඇයි එහෙනම්? ඒක තමයි කියන්නෙ ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ කියලා. ඒක කියන්නෙ සිංහලයොමයි හරිද. එතකොට මාධ්‍යවල ලොකුවට යනවා විපක්ෂ නායකගේ පුටුවේ කොටියෙක් ඇවිත් වාඩි වුණා කියලා. සිංහලයා මෝඩයා කියලා කිව්වට මේ තරම්ම මෝඩයෝ කියලා මං දැනන් හිටියෙ නෑ.

    ප්‍රශ්නය – නමුත් පාර්ලිමේන්තුවක මුලින්ම වැදගත් වෙන්නෙ විනය. වේත්‍රධාරියා කරුණු පැහැදිලි කළාට පසුව හෝ ඔබට තිබුණා නේද කරුණු විමසලා එතනින් ඉවත් වෙන්න?

    පිළිතුර – වේත්‍රධාරියා ඇවිත් කිව්වා මං ඉඳගත්තේ එච්චර කාලයක් විපක්ෂ නායක වාඩිවුණ පුටුවේ කියලා. ඒක සාම්ප්‍රදායක්ලු. ඒත් මේක ඉස්කෝලයක් නෙවේනෙ. පරක්කු වෙලා ආවනම් කවුරු වුණත් පිටිපස්සෙන් ගිහින් වාඩිවෙන්න පුරුදු වෙන්න ඕනෙ. නැත්නම් මේ රට කවදාවත් දියුණු වෙන්නෙ නෑ. මම ඒ පුටුවෙ වාඩි වුණේ කොටියෙක් විදිහටවත් ප්‍රභාකරන්ගේ නම පාවිච්චි කරලවත් නෙවේ. විපක්ෂ නායකගෙ පුටුව වෙන් කරගන්න ඕනනම් අඩි කීපයක් උසට පුටුව හැදුව නම් හරිනෙ. පාර්ලිමේන්තුව ඇතුළෙ කවුරුත් සමානයි. මිනිස්සු මට ඡන්දෙ දුන්නෙ විපක්ෂ නායකට පුටුව දෙන්නද?

    ප්‍රශ්නය – නමුත් අවම සදාචාරය, අවම විනය කියලා දෙයක් තියෙනවනෙ මන්ත්‍රීතුමා. ඒක ඔබට රකින්න තිබුණා නේද?

    පිළිතුර – මෙහෙමයි. දැන් එතන ඒ පුටුව විපක්ෂ නායකට අයිතියි කියලා කොහෙවත් ලියලා තිබුණෙ නෑනෙ. එහෙම නම් අනුරගේ ආණ්ඩුව දැන්ම ඉඳන්ම බොරු කරනවා වෙන්න ඕනෙ. අපි දන්නෙ නෑ ඒ මෝඩයා ගිහින් එතන වාඩිවෙනවා කියලා. අදාළ නැති මිනිහෙක් ඇවිත් මට කියනවනම් පුටුවෙන් නැගිටින්න කියලා, නැගිටලා යන්න මට පිස්සුද? MBBS, PhD, LLB ඉගෙනගත්තු මට පිටිපස්සට යන්න කියන්නෙ එයාට පිස්සුද?

    ප්‍රශ්නය – ඔබ ඒ මොහොතේ පොඩි ළමයෙක් වගේ වීඩියෝ ඔන් කරන් බලාපොරොත්තු වුණේ මොකද්ද? ඔබ පාර්ලිමේන්තු භෝජනාගාරයේත් ඒ අයුරින්ම හැසිරුණා. රටකට වැඩක් කරන්න පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් මේ විදිහට හැසිරෙන එක හරිද?

    පිළිතුර – ඉතින් මම වීඩියෝ කරපු නිසානෙ ඔයාලා ඒ ගැන දැනගත්තෙ. නැත්නම් කවුරුත් දැනගන්නවද මෙහෙම දේවල් පාර්ලිමේන්තුව ඇතුළෙ වෙනවා කියලා?

    ප්‍රශ්නය – ඔබ ඒ කරපු වැඩෙන් වැරදි ප්‍රතිරූපයක් සමාජයට ගිය බව පිළිගන්නවද? මේක විශාල ජනතාවක් බලන් සිටි බව ඔබ පිළිගන්නවද?

    පිළිතුර – නෑ නෑ. මම මගේ උතුරේ ජනතාව එක්ක එවෙලේ ලයිව් වීඩියෝ එකකින් සම්බන්ධ වෙලා හිටියේ. ඒ මිනිස්සු දන්නෑනෙ පාර්ලිමේන්තුව ඇතුළෙ මොකද්ද වෙන්නෙ කියලා. එයාලා මට ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවෙදි ලයිව් වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්න කියලා. මම මගේ මිනිස්සු එක්ක ලයිව් සම්බන්ධ වෙන එක මගේ අයිතිවාසිකමක්නෙ.
    ඒ ලයිව් එකේ ඉද්දි තමයි මේ සිදුවීම වුණේ. අනිත් එක පාර්ලිමේන්තුව ඇතුළට ෆෝන් අරන් යන්න බෑ කියලා නීතියක් තිබ්බනම් මං ෆෝන් එක ගෙනියන්නෙත් නෑ. ඩොක්ටර් කෙනෙක් වුණ මම මෝඩයෙක්ද මේවා නොදැන ගිහින් එතන එහෙම හැසිරෙන්න? ඒක තමයි කියන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා.

    ප්‍රශ්නය – එතනින් පස්සෙ මොකද්ද සිද්ධ වුණේ?

    පිළිතුර – එතනින් පස්සෙ මං දිගටම ඒ පුටුවෙම වාඩිවෙලා හිටියා. නමුත් පොඩි සිද්ධියක් වුණා. තේ විවේකයෙන් පස්සෙ මම ආයෙත් පාර්ලිමේන්තු අසුන ගාවට එද්දි වේත්‍රධාරියගේ ගෝලයෙක්ද කොහෙද ඇවිත් මං වාඩිවෙලා හිටපු පුටුව අල්ලන් හිටියා මේක විපක්ෂ නායකගේ පුටුව කියලා. මං කිව්වා “කන පැලෙන්නෙ දෙන්නෙ. පලයන්. ඉවත් වෙනවා මෙතනින්” කියලා. මගේ බෑග්, ලැප්ටොප් සේරම එතන තියෙද්දි මෙයා ඇවිත් පුටුව අල්ලන් ඉන්නවා. හරිනම් මේ සේරම එළියට දාපු මට ඔයාලා ගරු කරන්න ඕන.

    ප්‍රශ්නය – ඔබ එක්තරා වීඩියෝපටයක සඳහන් කරනවා ප්‍රභාකරන් ඔබට දෙවියෙක් කියලා. මේ ප්‍රකාශයේ පදනම මොකද්ද? මොකද්ද රටට කියන්න හදන්නෙ?

    පිළිතුර – මම දැනුත් කියන්නෙ ප්‍රභාකරන් මගේ දෙයියො කියලා තමයි. ඔයාලා කැමති විදිහකට ඒක හිතාගන්න. මගේ තාත්තා ශ්‍රී ලංකා පොලිසියේ ඉඳලා පස්සෙ LTTE පොලිසියේ සේවය කළා. 2022 බැසිල්ව මිනිස්සු එලවනකොට කොච්චර සිංහල මිනිස්සු කිව්වද ප්‍රභාකරන් හිටිය නම් හොඳයි කියලා.

    ප්‍රශ්නය – අපි දන්න ආකාරයට නම් දකුණේ දේශපාලනය දිනවන්න ඡන්දය භාවිත කළ දෙමළ ජනතාවවත් දකුණේ සිංහල ජනතාවවත් එහෙම කියලා නෑ.

    පිළිතුර – (සිනාසෙමින්) ඒක තමයි කියන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න …..? මොකද්ද? ඔයා ඉතුරු කෑල්ල කියන්න.

    ප්‍රශ්නය – මන්ත්‍රීතුමා ඔබව ප්‍රශ්න කරන්නෙ මම. ඔබයි මට පිළිතුරු දෙන්න ඕන.

    පිළිතුර – ඔයාට අහන්න තියෙන ප්‍රශ්න එච්චරද? බොහොම ස්තූතියි.
     
    • Like
    Reactions: bruges and Asmodeus

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,773
    5,059
    113
    වැදගත්ම කොටස ඕක නෙමේ, හිරු මාදය සාකච්චාවෙදි කියනවා "මම සහය දක්වන්නේ අනුර කුමාරට කියලා"
    ඊබ්‍රාහිම් බෝම්බ නානාත් ලපයාගේ තුරුල්ලේ හුරතල් උන එකේ මේක මොකක්ද ඉතින් 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    වැදගත්ම කොටස ඕක නෙමේ, හිරු මාදය සාකච්චාවෙදි කියනවා "මම සහය දක්වන්නේ අනුර කුමාරට කියලා"
    ප්‍රතිපත්ති වලට සහය දක්වන්න බැරිද විපක්ශයේ ස්වාධීන අපේක්ශකයෙක්ට ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    ow puluwan.. eth muge prathioaththi monada kiyala balapanko... u sahaya dakwanne uta sahaya dakwana ewuntane
    ඌ ස්වාධීනයි නේ . ඌට සහය දකවන උන්ට ඌ සහය දක්වන එක සාධාරණයි ඌ පාර්ලිමේන්තුවට තේරිලානේ ඉන්නේ. එයා සපෝටර්ලා ටිකක් හදාගන්න ඕනේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,846
    4,165
    113
    mu parliment eke bomb ekak genath thibba dawasata thamai thiyenne 😁 225tam epa kiyalane minissu kiyannwth
    Ow. Mey wage exceptional psyco ewunta nohithana dewal karanna hitenawa. Mehema ekek okey edalama na history edala. 225 newe mu yana ena tenuth dangerous neda. Mewage mental abnormal ewunta kuriru aasawal enawa karanna.
    Tamil film wala inne blood dekata athal ganna psyco ewun. Ex wife tath wada deelalu neda. Mu Dayaporaa Slave nisa un kiyana oney deyak karala dei.Prabakaranta wada unta mugen weda ganna lesie
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,764
    57,272
    113
    මාලඹේ
    මූ සජිත් ව ම ඉලක්ක කරලා මඩ ගහන්නේ ආණ්ඩුවෙන් ගානක් අරගෙන වගේ🙃
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,773
    5,059
    113
    ප්‍රතිපත්ති වලට සහය දක්වන්න බැරිද විපක්ශයේ ස්වාධීන අපේක්ශකයෙක්ට ?
    ස්වාදීන අපේක්ශකයාගේ වීරයා ප්‍රබාකරන් දෙය්යෝ කියලා කියනවනේ. 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    මූ සජිත් ව ම ඉලක්ක කරලා මඩ ගහන්නේ ආණ්ඩුවෙන් ගානක් අරගෙන වගේ🙃
    ඌට මඩගහන්න වෙන උන් ඕනේද . සජිත් කියන්නේ තමන්ගේ නැව තමන්ම ගිල්ල ගන්න හාදයෙක්

    ස්වාදීන අපේක්ශකයාගේ වීරයා ප්‍රබාකරන් දෙය්යෝ කියලා කියනවනේ. 😂
    ඔව්, අපේ රජවරු හිටියේ ගිරුවාපත්තුවේ , ඊට පස්සේ හිට්ලර් ගෙනාවේ ගෙනල්ලා එලෙව්වේ.

    ඌ හැදුන වැඩුන පරිසරයේ ඌට දෙයියෝ ප්‍රභාකරන් තමා . ඔයා උතුරේ ගෙවල් වලට යන්න ගෙදර ඉස්සරම මල් මාල දාල ඉන්නේ පවුලේ මැරුණ සෙට් එකයි, ප්‍රභාකරන් . ඒ යකාගේ අප්පා ltte පොලිසියේ ඉතින් කෝම බලපෑමක් තියෙන්න ඇද්ද පොඩි කාලේ ඉදන් . සමාන්‍ය තත්වයක්
    ------ Post added on Nov 24, 2024 at 2:35 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    16,180
    16,530
    113
    ගම මහනුවරයි
    Ow. Mey wage exceptional psyco ewunta nohithana dewal karanna hitenawa. Mehema ekek okey edalama na history edala. 225 newe mu yana ena tenuth dangerous neda. Mewage mental abnormal ewunta kuriru aasawal enawa karanna.
    Tamil film wala inne blood dekata athal ganna. Ex wife tath wada deelalu neda. Mu Dayaporaa Slave nisa un kiyana oney deyak karala dei.Prabakaranta wada unta mugen weda ganna lesie
    anna ekane ban.. mehema ewun rate neethi hadana thanata path wenna denna hoda na!! konda pana na dan inna eeunta... mu eli pita wiwasthawa ullanganaya karanwa...

    mahinda ranila la parliment inna kale me sellam na bn kelinma gedara.... mahinda nam gedarata ekkan awilla kana palanawa... meka dan too much yanawa .. anik demaluth mun wage ewun parlilement yawai issarahata... unta therila dan yudda karanna ona na raten kallak kadaganna kiyala

    ඌ ස්වාධීනයි නේ . ඌට සහය දකවන උන්ට ඌ සහය දක්වන එක සාධාරණයි ඌ පාර්ලිමේන්තුවට තේරිලානේ ඉන්නේ. එයා සපෝටර්ලා ටිකක් හදාගන්න ඕනේ
    u karana wade waradi ne bn eth.. ekata action ekak ganne naththe anduwath muta support nisane! anika mokada muwa occhhara tv eke pumbanne?
    ------ Post added on Nov 24, 2024 at 2:38 PM
     
    • Like
    Reactions: Alexb

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,146
    2,470
    113
    Panadura
    ප්‍රතිපත්ති වලට සහය දක්වන්න බැරිද විපක්ශයේ ස්වාධීන අපේක්ශකයෙක්ට ?
    බෑ කියලා කිව්වේ නෑනේ එයා කිව්වේ "මම සහය දක්වන්නේ මාලිමාවට" කිව්වා කියලා..

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.
     
    • Like
    Reactions: weer 11

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    u karana wade waradi ne bn eth.. ekata action ekak ganne naththe anduwath muta support nisane! anika mokada muwa occhhara tv eke pumbanne?
    ------ Post added on Nov 24, 2024 at 2:38 PM
    ඇක්ශන් ගන්න ඌ වැරැද්දක් කරලා නෑනේ .

    ආසන පනවල නැති දවසක ඉදගන්න පුලුවන් වරදක් නෑ

    ප්‍රභාකරන් දෙයියෝ කිව්වට ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි. ඒම කියන්න හේතු පෙන්නලා තියනවා

    නිකං නඩු දාල ඉල්ලං ටිංකිරිගාගන්න ආන්ඩුවට ඕනේ නෑනේ. දැක්කනේ නඩු දාන්න ගිය සෙට් එක අර කලින් ආන්ඩු කාලේ බුදුපිලිම කේස්, සාෆි කේස් වලට නඩු දාපු උන්ම ගියේ . ජාතිකවාදි බලල් අත්

    බෑ කියලා කිව්වේ නෑනේ එයා කිව්වේ "මම සහය දක්වන්නේ මාලිමාවට" කිව්වා කියලා..

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.
    සහය දැක්වීමයි , ආන්ඩුවේ ගිවිසුම්ලත් පාර්ශවකාරයෙක් කියන්නේ දෙකක් නේ.

    උබලගේ හිතලුවලට නීතිය ක්‍රියාත්මක නොවේ.
    ------ Post added on Nov 24, 2024 at 2:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,472
    113

    අදටත් ප්‍රභාකරන් කියන්නෙ මගේ දෙවියා MBBS, PhD, LLB ගත්තු මට පිටිපස්සට යන්න කියන්නෙ එයාට පිස්සුද?

    11/24/2024 01:37:00 PM

    dr-archuna-speaks

    වෛද්‍ය අර්චුනා රාමනාතන් පසුගිය සතියේ පුවත් මවන චරිතයක් බවට පත් විය. හෙතෙම යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරයෙකි. වෛද්‍ය රාමනාතන් පාර්ලමේන්තුව තුළ විපක්ෂ නායක පුටුවේ බලහත්කාරයෙන් අසුන් ගත් කාරණයේ සිට මන්ත්‍රී භෝජනාගාරයේ ආහාර ගනිමින් කළ වීඩියෝපටය දක්වාම ඔහුට සමාජ මාධ්‍ය හරහා එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයන්ය. පිළිගත් වෘත්තිකයෙකු ලෙස ඔහුගේ හැසිරීමෙහි ඇති අවිචාරවත් බව බොහෝ දෙනෙකුගේ විමසුමට බඳුන් විය.

    ඔහු හිටපු LTTE පොලිසියේ ප්‍රධානියෙක් වන රාමනාතන් ගේ පුත්‍රයාය. LTTE පොලිසියේ ප්‍රධානියෙක් වූ රාමනාතන් අවසන් සටනේදී මියගිය/අතුරුදන් පුද්ගලයෙකි. වෛද්‍ය අර්චුනා රාමනාතන් ඔහුගේ උපාධිය ලබා ගන්නේ යාපනේ විශ්වවිද්‍යාලයෙනි. 2024 ජුනි මාසයේ චාවකච්චේරිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස සේවයට බැඳී කෙටි කාලයකදී ඔහු ප්‍රකට චරිතයක් බවට පත් වන්නේ ජනතාව ඉදිරියේ එම රෝහලේ ඇති අඩුපාඩු දූෂණ අක්‍රමික ක්‍රියාවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙනි. වෛද්‍ය අර්චුනා රාමනාතන් සිය රැකියාවේ ද මේ හේතුව නිසා අර්බුද ඇති කර ගත් අයෙකු ලෙස ප්‍රකටය. එමෙන්ම, ඔහු TNA වැනි සාම්ප්‍රදායික දෙමළ පක්ෂ සමග ද මේ කාරණය හේතුවෙන් ගැටුම් ඇති කරගන්නේය. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාතන් අපට කී කතාවය.

    ප්‍රශ්නය – ඔබ පාර්ලිමේන්තුවට තේරී පත්වෙන ස්වාධීන කණ්ඩායම මොකද්ද?

    පිළිතුර – පක්ෂ කණ්ඩායම් අංක 17

    ප්‍රශ්නය – පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔබ වෛද්‍ය සේවයෙන් ඉවත් වෙලාද?

    පිළිතුර – ඔව්. ඉවත් වෙලා හිටියේ. 2024. 09. 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මගේ සේවය අත්හිටෙව්වා.

    ප්‍රශ්නය – සේවය අත්හිටුවන්න හේතුව මොකද්ද?

    පිළිතුර – ‘Unacceptable behavior of Dr. Ramanathan Archuna’ (වෛද්‍ය රාමනාතන් අර්චුනාගේ පිළිගත නොහැකි හැසිරීම) කියලා ඉංග්‍රීසියෙන් මාතෘකාව දාලා මට ලියුමක් ගහලා තිබුණා. 09 වෙනි මාසෙ 26 ඉඳලා 10 වෙනි මාසෙ 10 වෙනිදා වෙනකල් මං හිරේ හිටියා.

    හිරේ යන්න හේතුව 2024.06.13

    මම චාවකච්චේරි රෝහලේ අධ්‍යක්ෂක විදිහට පත්වුණා. එතකොට රෝහල ඇතුළේ වංචාවක් වෙලා තිබුණ නිසා මම වෘත්තිය සමිතිවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා එයාලට වැඩ කරන්න බෑ කියලා දවස් තුනක් රෝහලේ වැඩවර්ජනයක් කළා. ඒ දවස් තුන මම තනියම තමයි රෝහලේ වැඩකටයුතු බැලුවේ. ඊට පස්සෙ මම ඒ ගැන මාධ්‍යයට හෙළි කළාම මිනිස්සු එකතු වෙලා ඒ ඩොක්ටර්ස්ලට ගහන්න පටන්ගත්තා. එතකොට එයාලා සේරම එකතු වෙලා මට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඒ නඩුව තවමත් විභාග වෙනවා. හිරේ යන්න කලින් දවස් 180ක් මේ ප්‍රශ්න ඇදි ඇදී තිබුණා. ඒ නිසා තමයි මම එකපාරටම ස්වාධීනව ඉල්ලලා පාර්ලිමේන්තු ගියේ.

    ප්‍රශ්නය – උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඔබට චෝදනා එල්ල කරනවා තවමත් වෛද්‍ය වෘත්තියේ රැඳී ඉන්න ගමන් පාර්ලිමේන්තුවට තරග කළ බවට. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?

    පිළිතුර – 09 වෙනි මාසෙ 29 වෙනිදා මගේ සේවය අත්හිටුවපු ලියුම මගේ ෆේස්බුක් එකේ මම දාලා තියෙනවා. මම ඒ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තුවේදි කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. නඩුවේ මූලික පරීක්ෂණය 07 වෙනි මාසෙ 08 වෙනිදා පැවැත්වුණා. නමුත් අද වෙනකල් ඒ වාර්තාව එළියට දාලා නෑ. මං කරපු වරදවත් පැහැදිලිව මට කියලා නෑ. මම වෛද්‍යවරු කීපදෙනෙකුගේ රස්සාව නැති කරලා දාන්නත් උත්සාහ කළා. ඒකට හේතුව එයාලා කෙටි කාලයක් රජයේ රෝහලේ වැඩ කරලා ඉතිරි මාස කීපෙම පෞද්ගලික රෝහල්වල සේවය කිරීම. පස්සෙ මේ වෛද්‍යවරුන්ව ස්ථාන මාරු කළා. අපේ ඩයස්පෝරාවෙන් සල්ලි එකතු කරලා රෝහලට අරන් දුන්න මිලියන 17ක් වටින බඩු නැති වුණා. මම ඒ ගැන ෆේස්බුක් එකට දැම්මා. වෘත්තීය සමිතිවල සියල්ලන් මට විරුද්ධ වුණා. ඒ එක් වෛද්‍යවරයෙක් මට පහර දුන්නා. ඒ වගේ සිද්ධි ගොඩක් ඒ කාලෙ වුණා.

    ප්‍රශ්නය – ඔබ වෘත්තිකයෙක්. එසේ තිබියදීත් ඔබ විපක්ෂ නායකගේ අසුනේ අසුන් අරගෙන වේත්‍රධාරියාටත් අභියෝග කළා. මේක කොයිතරම් දුරට සදාචාරාත්මකද? ඔබගේ එදා ඒ හැසිරීම සාධාරණීකරණය කරන්නෙ කොහොමද?

    පිළිතුර – මෙහෙමයි. ඔයා පළවෙනි පාරට ඉස්පිරිතාලෙකට යනකොට ඔයා දන්නවද ICU ඇඳ තියෙන්නෙ කොහෙද කියලා? නෑනෙ. අනික මම වෛද්‍යවරයෙක්. රෝහලක අධ්‍යක්ෂවරයෙක්. මම දේශපාලනය දන්නෙත් නෑ. ඉතින් ඒ වගේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකගෙ පුටුව මොකද්ද, අහවලාගෙ පුටුව මොකද්ද කියන එක මං දැනන් හිටියෙ නෑ. අනිත් එක පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් බලන්නකො පළවෙනි දවසෙ කාටවත් අසුන් වෙන් කරලා තිබුණද කියලා. වේත්‍රධාරියා මට ඇවිත් කිව්වා මේක විපක්ෂ නායකට වෙන් කරපු අසුන කියලා. නමුත් ඒ වෙද්දි විපක්ෂ නායක කෙනෙක් හිටියෙ නෑ.
    එතකොට කවුරුහරි ඇවිත් කිව්වොත් මම තමයි විපක්ෂ නායක, ඔයා නැගිටින්න කියලා, මං නැගිටින්න ඕනෙද? කාටවත් ආසන වෙන් කරලා නෑ ඕන තැනක වාඩිවෙන්න කියලා කිව්වෙ ඇයි එහෙනම්? ඒක තමයි කියන්නෙ ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා’ කියලා. ඒක කියන්නෙ සිංහලයොමයි හරිද. එතකොට මාධ්‍යවල ලොකුවට යනවා විපක්ෂ නායකගේ පුටුවේ කොටියෙක් ඇවිත් වාඩි වුණා කියලා. සිංහලයා මෝඩයා කියලා කිව්වට මේ තරම්ම මෝඩයෝ කියලා මං දැනන් හිටියෙ නෑ.

    ප්‍රශ්නය – නමුත් පාර්ලිමේන්තුවක මුලින්ම වැදගත් වෙන්නෙ විනය. වේත්‍රධාරියා කරුණු පැහැදිලි කළාට පසුව හෝ ඔබට තිබුණා නේද කරුණු විමසලා එතනින් ඉවත් වෙන්න?

    පිළිතුර – වේත්‍රධාරියා ඇවිත් කිව්වා මං ඉඳගත්තේ එච්චර කාලයක් විපක්ෂ නායක වාඩිවුණ පුටුවේ කියලා. ඒක සාම්ප්‍රදායක්ලු. ඒත් මේක ඉස්කෝලයක් නෙවේනෙ. පරක්කු වෙලා ආවනම් කවුරු වුණත් පිටිපස්සෙන් ගිහින් වාඩිවෙන්න පුරුදු වෙන්න ඕනෙ. නැත්නම් මේ රට කවදාවත් දියුණු වෙන්නෙ නෑ. මම ඒ පුටුවෙ වාඩි වුණේ කොටියෙක් විදිහටවත් ප්‍රභාකරන්ගේ නම පාවිච්චි කරලවත් නෙවේ. විපක්ෂ නායකගෙ පුටුව වෙන් කරගන්න ඕනනම් අඩි කීපයක් උසට පුටුව හැදුව නම් හරිනෙ. පාර්ලිමේන්තුව ඇතුළෙ කවුරුත් සමානයි. මිනිස්සු මට ඡන්දෙ දුන්නෙ විපක්ෂ නායකට පුටුව දෙන්නද?

    ප්‍රශ්නය – නමුත් අවම සදාචාරය, අවම විනය කියලා දෙයක් තියෙනවනෙ මන්ත්‍රීතුමා. ඒක ඔබට රකින්න තිබුණා නේද?

    පිළිතුර – මෙහෙමයි. දැන් එතන ඒ පුටුව විපක්ෂ නායකට අයිතියි කියලා කොහෙවත් ලියලා තිබුණෙ නෑනෙ. එහෙම නම් අනුරගේ ආණ්ඩුව දැන්ම ඉඳන්ම බොරු කරනවා වෙන්න ඕනෙ. අපි දන්නෙ නෑ ඒ මෝඩයා ගිහින් එතන වාඩිවෙනවා කියලා. අදාළ නැති මිනිහෙක් ඇවිත් මට කියනවනම් පුටුවෙන් නැගිටින්න කියලා, නැගිටලා යන්න මට පිස්සුද? MBBS, PhD, LLB ඉගෙනගත්තු මට පිටිපස්සට යන්න කියන්නෙ එයාට පිස්සුද?

    ප්‍රශ්නය – ඔබ ඒ මොහොතේ පොඩි ළමයෙක් වගේ වීඩියෝ ඔන් කරන් බලාපොරොත්තු වුණේ මොකද්ද? ඔබ පාර්ලිමේන්තු භෝජනාගාරයේත් ඒ අයුරින්ම හැසිරුණා. රටකට වැඩක් කරන්න පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් මේ විදිහට හැසිරෙන එක හරිද?

    පිළිතුර – ඉතින් මම වීඩියෝ කරපු නිසානෙ ඔයාලා ඒ ගැන දැනගත්තෙ. නැත්නම් කවුරුත් දැනගන්නවද මෙහෙම දේවල් පාර්ලිමේන්තුව ඇතුළෙ වෙනවා කියලා?

    ප්‍රශ්නය – ඔබ ඒ කරපු වැඩෙන් වැරදි ප්‍රතිරූපයක් සමාජයට ගිය බව පිළිගන්නවද? මේක විශාල ජනතාවක් බලන් සිටි බව ඔබ පිළිගන්නවද?

    පිළිතුර – නෑ නෑ. මම මගේ උතුරේ ජනතාව එක්ක එවෙලේ ලයිව් වීඩියෝ එකකින් සම්බන්ධ වෙලා හිටියේ. ඒ මිනිස්සු දන්නෑනෙ පාර්ලිමේන්තුව ඇතුළෙ මොකද්ද වෙන්නෙ කියලා. එයාලා මට ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවෙදි ලයිව් වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්න කියලා. මම මගේ මිනිස්සු එක්ක ලයිව් සම්බන්ධ වෙන එක මගේ අයිතිවාසිකමක්නෙ.
    ඒ ලයිව් එකේ ඉද්දි තමයි මේ සිදුවීම වුණේ. අනිත් එක පාර්ලිමේන්තුව ඇතුළට ෆෝන් අරන් යන්න බෑ කියලා නීතියක් තිබ්බනම් මං ෆෝන් එක ගෙනියන්නෙත් නෑ. ඩොක්ටර් කෙනෙක් වුණ මම මෝඩයෙක්ද මේවා නොදැන ගිහින් එතන එහෙම හැසිරෙන්න? ඒක තමයි කියන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා.

    ප්‍රශ්නය – එතනින් පස්සෙ මොකද්ද සිද්ධ වුණේ?

    පිළිතුර – එතනින් පස්සෙ මං දිගටම ඒ පුටුවෙම වාඩිවෙලා හිටියා. නමුත් පොඩි සිද්ධියක් වුණා. තේ විවේකයෙන් පස්සෙ මම ආයෙත් පාර්ලිමේන්තු අසුන ගාවට එද්දි වේත්‍රධාරියගේ ගෝලයෙක්ද කොහෙද ඇවිත් මං වාඩිවෙලා හිටපු පුටුව අල්ලන් හිටියා මේක විපක්ෂ නායකගේ පුටුව කියලා. මං කිව්වා “කන පැලෙන්නෙ දෙන්නෙ. පලයන්. ඉවත් වෙනවා මෙතනින්” කියලා. මගේ බෑග්, ලැප්ටොප් සේරම එතන තියෙද්දි මෙයා ඇවිත් පුටුව අල්ලන් ඉන්නවා. හරිනම් මේ සේරම එළියට දාපු මට ඔයාලා ගරු කරන්න ඕන.

    ප්‍රශ්නය – ඔබ එක්තරා වීඩියෝපටයක සඳහන් කරනවා ප්‍රභාකරන් ඔබට දෙවියෙක් කියලා. මේ ප්‍රකාශයේ පදනම මොකද්ද? මොකද්ද රටට කියන්න හදන්නෙ?

    පිළිතුර – මම දැනුත් කියන්නෙ ප්‍රභාකරන් මගේ දෙයියො කියලා තමයි. ඔයාලා කැමති විදිහකට ඒක හිතාගන්න. මගේ තාත්තා ශ්‍රී ලංකා පොලිසියේ ඉඳලා පස්සෙ LTTE පොලිසියේ සේවය කළා. 2022 බැසිල්ව මිනිස්සු එලවනකොට කොච්චර සිංහල මිනිස්සු කිව්වද ප්‍රභාකරන් හිටිය නම් හොඳයි කියලා.

    ප්‍රශ්නය – අපි දන්න ආකාරයට නම් දකුණේ දේශපාලනය දිනවන්න ඡන්දය භාවිත කළ දෙමළ ජනතාවවත් දකුණේ සිංහල ජනතාවවත් එහෙම කියලා නෑ.

    පිළිතුර – (සිනාසෙමින්) ඒක තමයි කියන්නෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න …..? මොකද්ද? ඔයා ඉතුරු කෑල්ල කියන්න.

    ප්‍රශ්නය – මන්ත්‍රීතුමා ඔබව ප්‍රශ්න කරන්නෙ මම. ඔබයි මට පිළිතුරු දෙන්න ඕන.

    පිළිතුර – ඔයාට අහන්න තියෙන ප්‍රශ්න එච්චරද? බොහොම ස්තූතියි.
    මුලින්ම කියනවා "මම මුකුත් දැනන් නෙවී ඒක කලේ කියලා" ඊටපස්සෙ පහල හරියේ කියනවා "සම්ප්‍රදාය දන්න එකා කියපු එක ගනන් ගත්තේ නෑ ඌ කවුද කියලා". මූ එක්කො ජෙප්පො වගෙ කියපු එක අමතක වෙච්ච එකෙක් නැත්තන් ජෙප්පො වගේ degree එකක් තිබ්බාම අනිත් උන් ඔක්කොම අඩු කුලේ හිතන තව එක පොන්නයෙක්.
     
    • Like
    Reactions: weer 11 and Alexb

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,146
    2,470
    113
    Panadura
    ඇක්ශන් ගන්න ඌ වැරැද්දක් කරලා නෑනේ .
    පාර්ලිමේන්තුවේ වීඩියෝ කරපු එක වරදක් කියලා තියනවා දැක්කා.

    රට දෙකඩ කරන්නේ නෑ කියලා දිවුරුම් දීලා ඌ පාර්ලිමේන්තුව ඇතුලෙයි එලියෙයි ටැමිල් ඊලාම් කියන එකත් වැරදි.
     
    • Like
    Reactions: weer 11 and Alexb

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    මුලින්ම කියනවා "මම මුකුත් දැනන් නෙවී ඒක කලේ කියලා" ඊටපස්සෙ පහල හරියේ කියනවා "සම්ප්‍රදාය දන්න එකා කියපු එක ගනන් ගත්තේ නෑ ඌ කවුද කියලා". මූ එක්කො ජෙප්පො වගෙ කියපු එක අමතක වෙච්ච එකෙක් නැත්තන් ජෙප්පො වගේ degree එකක් තිබ්බාම අනිත් උන් ඔක්කොම අඩු කුලේ හිතන තව එක පොන්නයෙක්.
    ඉතින් මිනිහෙක් ඉහල කුලේට යන්න අධාපනයෙන් නෙමෙයිද ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,146
    2,470
    113
    Panadura

    සහය දැක්වීමයි , ආන්ඩුවේ ගිවිසුම්ලත් පාර්ශවකාරයෙක් කියන්නේ දෙකක් නේ.

    උබලගේ හිතලුවලට නීතිය ක්‍රියාත්මක නොවේ.
    ------ Post added on Nov 24, 2024 at 2:47 PM
    බෑ කියලා කිව්වේ නෑනේ එයා කිව්වේ "මම සහය දක්වන්නේ මාලිමාවට" කිව්වා කියලා..

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.

    කියන ඒක තේරෙනවද පොන්නයා😂.
     
    • Like
    Reactions: weer 11 and Alexb

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,845
    41,815
    113
    සේදවත්ත
    බෑ කියලා කිව්වේ නෑනේ එයා කිව්වේ "මම සහය දක්වන්නේ මාලිමාවට" කිව්වා කියලා..

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.

    කියන ඒක තේරෙනවද පොන්නයා😂.
    සහය දක්වන එකයි, ආන්ඩුවේ ගිවිසුම්ලත් පාර්ශවකාරයෙක් කියන එක තේරුම් ගනින් පොන්ස්.

    සහය දැක්වීම එකපාර්ශවකයි .