අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,960
    193,539
    113
    Colombo, Sri Lanka
    1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 40ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත.


    xTH6L64.jpg




    1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


    70l2spN.jpg


    මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ සහ ට්‍රක්‌ රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

    මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.



    qxHhDXk.jpg


    කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය.
    "1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා."


    ae6jdub.jpg


    "ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ."
    "තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා."

    "ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය.





    kxTqThK.jpg


    1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.
    එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි.



    කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය.


    F7U2jCS.jpg


    මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය.
    මෙයින් හතලිස් වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය.

    ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ.
    "මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය.




    QxGpW5l.jpg


    නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය.
    "මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ."


    PZGwhEZ.jpg

    කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක්



    මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.
    වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි.



    W918PXL.jpg


    රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ.

    කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2023 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 40 වන වසරයි.


    මුලාශ්‍ර:
    BBC DOC
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,255
    87,268
    113
    ගොඩක් ගම්වල වැඩේ ස්ටාට් කරලා තියෙන්නේ ඒ ගමේ උන් නෙවෙයි පිට ගමන්වලින් ආවා උන් කියල තමා සීයලා, මාමලා නං කියන්නේ. මොකද සමහර දෙමළ අයව ගෙවල් අස්සේ දාගෙන බේරාගෙන ත්ටියෙන්නේත් ඒ ගමේම උන් තමා.

    කෝමත් සිංහළු ලේසියෙන් අවුස්සල ගන්න පුළුවන් මතකනේ ගිය අවුරුද්දේ මැයි 9.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    704
    1,961
    93
    ගිය අවුරුද්දේ ජේවීපී කාරයෝ ගෙවල් ගිනි තියලා මහජන නියෝජිතයෝ මරලා සිදුකලේ ඔකේ අලුත් වර්ෂන් එක නේද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,255
    87,268
    113
    ලංකවේ විනසෙ ඉක්මන් කරපු තවත් දෙයක්. අපරාදේ කාලකන්නි කරපු දේවල් නිසා පේනවද රටට වෙලා තියන දේ.
    ඔව් දෙමළ මොලේ තියෙන මිනිස්සු රටෙන් අයින් වෙච්ච එක කෙල වෙන්න ලොකු හේතුවක් උන්ටික මෙහෙ හිටිය නන් යුද්ධෙ උනත් මෙච්චර කල් ඇදෙන්නෙ නැති වෙන්න තිබ්බ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    ඔය කළු ජූලියේදී සින් එකක් මතකයි කියනව කව්රු හරි, මුස්ලිම් එකෙක් ඉන්න වාහනයක් වට කරගෙන හිටියලු සිංහල උන් දෙමල මිනිහෙක් කියල සැක කරන්. සිංහල උන්ගේ අතේ කඩු පොලු තියන අරුව එලියට ගන්න දගලනකොට ඒ මිනිහ බයටම බෙල්ල කපාගෙන පිහියකින්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    ඔව් දෙමළ මොලේ තියෙන මිනිස්සු රටෙන් අයින් වෙච්ච එක කෙල වෙන්න ලොකු හේතුවක් උන්ටික මෙහෙ හිටිය නන් යුද්ධෙ උනත් මෙච්චර කල් ඇදෙන්නෙ නැති වෙන්න තිබ්බ.
    ඔව් බන් හිටපු හොදම දෙමල මිනුස්සු ගිය. බාගයක් උන් මරුවා, ඔය කරපු පවු තමයි මේ අපේ පිටින් යන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,103
    27,880
    113
    බණ්ඩාරනායක බේසිගේ පුතා තමයි මේ හැම දේටම මුල.
    පරයා සිංහල රාජ්‍ය භාෂාව නොකරන්න,
    අදටත් සිංහලු දෙමලු සමගියෙන් ඉන්නවා
    දක්ෂ දමිළ මොළ රටේ දියුණුවට යොදවන්න තිබුණා.
    බොහෝ දුරට 1971 වගේ කැරැල්ලක් නොවෙන්න පවා ඉඩ තිිබුණා.
    (1971 වගේ කාලේ වෙද්දි ඉංග්‍රීසි නොදන්න තරුණ පරම්පරාවක් බිහි වීමෙන් ඔවුන් අව වරප්‍රසාදිත තත්වයට වැටිලා තිබුනේ)
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,622
    12,962
    113
    Ursa Major
    Once a beautiful, peaceful paradise, was ruined by politicians. Those buggers only needed the power. What they did was ultimate treason, which some people still can't understand. I remember my father saying that those thugs asked a series of Sinhalese words to identify Tamils. since Tamil speakers have distinct pronunciation, they can easily identify. That's how they selectively killed those who lived in Sinhalese areas. These are the disgraceful events that worsen the situation in our country, but they are neither the first nor the last. We should always remember how the stupidity of the general public can ruin a country.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    2019 දී අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගැහුවා කඩ ගිනි තිබ්බ ? ඒ කරපු පොන්නයෝන්ගේ videos tv වලත් ගියා නේද කෝ එකෙක්වත් හිරෙ ගියද ?
    කළු ජූලියේදී මිනි මරපු පොන්නයෝ තාම එළියේ,

    රටක නීතිය බල්ලට ගියාම වෙන දේවල් . කළු ජුලිය 40 කට කලින් කියමු ඒක නිසා යුද්දේ 3න් පාරක් ප්රෙමදසයා ගේ කාලේ එක පාරක් චන්ද්‍රික ගේ කාලේ 2 පාරක් යුද්දේ ඉවර කරන්න ගානට ගෙනාවා , ඒ 3න් පාරම කළු ජූලිය නිමිත්තක් උනා යුද්දේ නවත්තන්න නොදී බලපෑම් එන්න

    වැඩි ඕන නැහැ 2019 කොහෙවත් යන ත්‍රස්තවාදියෙක් බෝම්බ ගැහුවම , පොන්නයෝ ගිහින් ඒකට අදාල නැති මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ,ගෙවල් වලට ගැහුවා . මිනිස්සුන්ට ගැහුවා ,උන් එකෙක් හිරේ ගියාද?

    70l2spN.jpg


    මේ photo වල ඉන්න පොන්න ත්‍රස්තවාදියෝ ,අද 60-90 වයස් වෙලා ඇති , උන්ව එල්ලුම් ගස් යවන්න ඕන 40 කට කලින් උන දෙකට උනත් එහෙම කරලා තිබ්බ නම් 2019 දී මුස්ලිම් මිනිස්සු ගුටි කන්නේ නැහැ(සිංහල දෙමල මිනිස්සුන්ගේ කඩ වලටත් ගිනි තිබ්බ 2019 දී ) පොන්නයෝන්ගෙන් . ප්‍රතිවිපාක ලැබෙන බව දන්නවා නම් ඕව කරන්නේ නැහැ 99.99% .
    ------ Post added on Jul 23, 2023 at 9:49 PM