අදට (no)ගැලපෙන නිර්මාණ
සුභාෂිත හෙවත් හිතෝපදේශය
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනූ
දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිනූ
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
කසයෙන් තලා හිස පළඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
රජෙකුගෙ වුනත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන වුවෙහි ලන මී පැණි ඉවතලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කෙපෙනු සටනට වැද ජය ලබනූ.
ගායනය : නන්දා මාලිනි
වැද්දගෙන්
සුභාෂිත හෙවත් හිතෝපදේශය
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනූ
දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පිටු දකිනූ
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ
කසයෙන් තලා හිස පළඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
රජෙකුගෙ වුනත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන වුවෙහි ලන මී පැණි ඉවතලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කෙපෙනු සටනට වැද ජය ලබනූ.
ගායනය : නන්දා මාලිනි
වැද්දගෙන්