අනවශ්‍ය විදුලි පහන් ඇතුළු විද්‍යුත් උපකරණ සවස 6.30ත් 10.30ත් අතර කාලයේදී ක්‍රියා විරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ නොරෙච්චෝලේ බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක්කරන තුරු මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම වැදගත් බවයි.