තොරතුරු තාක්ෂණයෙන් උපන් අන්තර්ජාලය, සයිබර් අවකාශය වැනි අංග උපරිම තලයට භාවිත වන ඉන්දියාවේ තවමත් පාරම්පරික තාරකා ශාස්ත්‍ර කටයුතුවලට භාවිත වන ඓතිහාසික ඉදිකිරීම් සංකීර්ණයක් ගැනයි මේ කතාව. ඒ පෞරාණිකත්වයේ විභූතිමත් ගොඩනැඟිලි රැසක් පිහිටි ජායිපූර් නගරයේ ජන්තර් මන්තර් ස්මාරකය යි.
සියවස් තුනක් පැරණි මේ ස්ථානයේ නමෙන් ම කියවෙන්නේ යන්තර මන්තර කියල යි. එය පුරාණයේ ජ්‍යොතිෂ්‍යය සඳහා භාවිත කළ අබිරහස් තාරකා දොරටුවක් ලෙසට අදත් සැලකෙනවා.
ජන්තර් මන්තර් 1840 දී පැවති අන්දම - vikramjits.wordpress.com
හින්දු ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රඥයින් ජන්මපත්ර සැකසීමේ දී හා සුබ දවස් ගැන අනාවැකි කීමේදී භාවිතා කරනා ප්‍රධාන මෙවලම් ලෙස මේවා යොදාගෙන තිබෙනවා.
මෙම සංකීර්ණය වසර 300ක් පැරණි විද්‍යාත්මක ගොඩනැඟිලි 20කින් සමන්විත යි. එම ඉදිකිරීම් හඳුන්වන්නේ "යන්ත්‍ර" ලෙස යි. මෙම ගොඩනැඟිලිවලට තාරකා සහ ග්‍රහයන්ගේ පිහිටීම මත පදනම්ව නිවැරදි ව වේලාව පැවසිය හැකි යි. අදටත් එය ජ්‍යොතිෂවේදීන් භාවිත කරන බවයි පැවසෙන්නේ.
මහා රාජ් දෙවැනි ජායි සිං දැක්වෙන පැරණි චිත්‍රයක්- vikramjits.wordpress.com
ක්‍රිස්තු වර්ෂ 1688 දී උපත ලත් ජායි සිං අවුරුදු 11 දී රජ බවට පත් වුණා. ඔහු ජායිපූර් ප්‍රාදේශීය රාජධානිය 1699 සිට 1743 දක්වා පාලනය කළා. ඔහු තම අගනුවර පිහිටුවා ගත්තේ දිල්ලියෙන් කිලෝ මීටර 200ක් දුරින් පිහිටි ජායිපූරෙයේ යි ( එය අද රාජාස්ථාන් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය යි).
ඔහු බාල කාලයේ සිට ම ජ්‍යොතිෂ්‍ය විෂයයට උනන්දුවක් දක්වා තිබෙනවා. ජායි සිංට සංස්කෘත මෙන්ම පර්සියන් භාෂා ගැනත් හොඳ දැනුමක් තිබූ බව සඳහන්.
ස්මාරකය පිහිටා ඇති අන්දම - jaipurtourism.co.in
කපාලි යන්ත්‍රය - indiatales.com
ඔහු එවකට භාවිත වූ ශාස්ත්‍ර හා උපකරණ ගැන අවබෝධයක් ලැබීමට මධ්‍යම ආසියාවේ රටවල් හරහාත්, යුරෝපයටත් සමීක්ෂණ කණ්ඩායම් පිටත්කර හැර තිබෙනවා. එම කණ්ඩායම්වල සිටි පඬිවරුන් වූ සම්රත් ජගන්නාත් සහ කෙවාල් රාම් මේ කාර්යයන්වල මුල් තැන ගත් බව පැවසෙනවා.
එවකට ඉස්ලාමීය සහ යුරෝපීය තාරකා විද්‍යාඥන් වේලාව සහ රාශිවල පිහිටීම මැනීමට බහුලව භාවිත කළේ පිත්තල උපකරණ යි. ඒවායෙන් ලැබුණු ප්රතිඵලවල වැරදි තිබෙන බව සමීක්ෂණ කණ්ඩායම් හරහා සවායි ජායි සිං රජු සොයා ගත්තා.
ජන්තර් මන්තර් ගොඩනැඟිලි - jaipurtourism.co.in
ඔහු ඒවායේ නිරවද්‍යතාව ඉහළ නැංවීමට ඒවා පරිමාණයෙන් විශාලකොට, ස්ථායීභාවය වැඩිකිරීම සඳහා චාලක කොටස් අඩු කර, පහසුවෙන් භාවිත කළ හැකි අන්දමින් ඒවා කිරිගරුඬ හා කළුගල්වලින් ඉදිකරවූවා. ඔහු මුලින් ම 1724 දී දිල්ලිවල ජන්තර් මන්තර් නිරීක්ෂණාගාරයක් තැනුවා. පසුව උජ්ජයිනි, වරණාසි, සහ මථුරා සහ ජායිපුර් යන ස්ථානවලත් එළිමහන් නිරීක්ෂණාගාර තැනීමට ඔහු ක්‍රියා කළා.
අනෙක් නගරවලින් දැන් ඉතිරි ව පවතින්නේ ජන්තර් මන්තර් හතරක් පමණයි.
මථුරාහි ජන්තර් මන්තර් පසුකාලීනව කඩා විනාශ කර තිබෙනවා. 1734 දී ඉදිකරවූ ජායිපූර්හි ජන්තර් මන්තර් මේ අතරින් විශාලත ම නිර්මාණය යි. එය 1961 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර සංරක්ෂණය කළ අතර පසුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් ප්‍රකාශයට පත් කළා. ස්මාරකය අවට බිම උද්‍යානයක් ලෙස සකස් කර නරඹන්නන්ට පහසුකම් සලසා තිබෙනවා.
නරඹන්නන් පැමිණි අවස්ථාවක් -sandhyamanne.com
මෙහි පිහිටි යන්ත්‍ර අතරින් කිහිපයක් මෙසේ හැඳින්වෙනවා:
1 සාම්රාට් යන්ත්‍ර
2 ජයි ප්‍රකාශ් යන්ත්‍ර
3 නදී වාලය යන්ත්‍ර
4 පල්භා යන්ත්‍ර
5 ක්‍රාන්ති ව්රිට්ටා යන්ත්‍ර
6 යන්ත්‍ර රාජ් යන්ත්‍ර
7 උන්නන්තන්ෂ් යන්ත්‍ර
8 දක්ෂි නොට්ටාර් භිට්ටි
9 සෂ්තාන්ස්
10 චක්‍ර යන්ත්‍ර
11 කපාලි යන්ත්‍ර
12 රාම් යන්ත්‍ර
13 දිගන්ෂ් යන්ත්‍ර
14 ව්රිහට් සම්රට් යන්ත්‍ර
සාම්රත් සූර්ය ඝටිකාව -sandhyamanne.com
මෙහි සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය පෘථිවියේ අක්ෂයට සමාන්තර බව කියවෙනවා. දෙපසින් ඇති කොටස් දෙකින් සූර්ය සෙවණැලි භාවිතයෙන් පැය, විනාඩි සහ තත්පර ගණනය කළ හැකි යි. මෙම යන්ත්‍රය තත්පර දෙකක නිරවද්‍යතාවකින් යුතුව ප්‍රාදේශීය වේලාව අදටත් පෙන්වනවා.
ජයි ප්‍රකාශ් යන්ත්‍රය - indiatales.com
තවත් යන්ත්‍රයක් වන වක්රාකාර ජයි ප්‍රකාශ් යොදා ගන්නේ ජන්මපත්ර සැදීමේ දී ඉන්දීය වෛදික රාශීන් හරහා සූර්යයාගේ ගමන් පථය දිස්වන ආකාරය ගණනය කිරීමට යි. එය පොළොවට සවිකර ඇති කවාකාර බඳුනක හැඩැති උපකරණයක්. එහි ඇතුළට නෙරූ අර්ධය ආකාශ සිතියමක් මෙන් දැකගත හැකියි. ඒ හරහා යන කම්බියක සවිකළ කුඩා ලෝහමය තැටියක් මඟින් එය තුළට ඡායාවක් පතිතවනවා. ඒ ඔසේ කාලය ගණනය කෙරෙනවා.
ජායිපූර් සංචාරක කාර්යාංශය මෙම අපූරු ස්මාරකයට සංචාරකයන් ගෙන්වා ගැනීමට විවිධ වැඩසටහන් වර්තමානයේ ක්‍රියාත්මක කරනවා. සිසුන් සහ විද්‍යාඥයන් ද අදත් එහි ගණිතමය නිරවද්‍යතාව ගැන කුතුහලයෙන් අධ්‍යයනය කරනවා. ටිකට් පතක් මිලදී ගෙන මෙම ස්ථානය නැරඹීමට අවස්ථාව තිබෙනවා.
Kusumsiri Wijewardena @ ROAR
සියවස් තුනක් පැරණි මේ ස්ථානයේ නමෙන් ම කියවෙන්නේ යන්තර මන්තර කියල යි. එය පුරාණයේ ජ්‍යොතිෂ්‍යය සඳහා භාවිත කළ අබිරහස් තාරකා දොරටුවක් ලෙසට අදත් සැලකෙනවා.
ජන්තර් මන්තර් 1840 දී පැවති අන්දම - vikramjits.wordpress.com
ජන්තර් මන්තර්
පිටතින් බැලූ විට නම් ජන්තර් මන්තර් පේන්නේ ත්‍රිකෝණාකාර බිත්ති හා ඉහළට නැගෙන පළලින් අඩු පඩිපෙළින් හා විවිධ අමුතු හැඩයේ ගොඩනැඟිලි පිරුණු තැනක් ලෙස යි. එම විවෘත උද්‍යානයෙන් ජායිපූර්හි අනෙක් ඓතිහාසික ස්ථාන මෙන් අලංකාරත්වයක් පෙනෙන්නෙත් නැහැ. එයට යාබද ව දැකගත හැකි පැලස් මාලිගාවට තමයි කෙනකුගේ හිත යන්නේ. අසල පිහිටි ගෝවින්ද් දේව් ජී හින්දු කෝවිල හෝ හවා මහල් මෙන් සංකීර්ණත්වයක් අපට පෙනෙන්නෙත් නැහැ. නමුත් මෙම අපිළිවෙළ ගොඩනැඟිලි සමූහය, ඉන්දියාවේ රාජධානි යුගයේ දී පවා පැවති දියුණු තාරකා ශාස්ත්‍රයක් ගැන අපට පවසනවා.හින්දු ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රඥයින් ජන්මපත්ර සැකසීමේ දී හා සුබ දවස් ගැන අනාවැකි කීමේදී භාවිතා කරනා ප්‍රධාන මෙවලම් ලෙස මේවා යොදාගෙන තිබෙනවා.
මෙම සංකීර්ණය වසර 300ක් පැරණි විද්‍යාත්මක ගොඩනැඟිලි 20කින් සමන්විත යි. එම ඉදිකිරීම් හඳුන්වන්නේ "යන්ත්‍ර" ලෙස යි. මෙම ගොඩනැඟිලිවලට තාරකා සහ ග්‍රහයන්ගේ පිහිටීම මත පදනම්ව නිවැරදි ව වේලාව පැවසිය හැකි යි. අදටත් එය ජ්‍යොතිෂවේදීන් භාවිත කරන බවයි පැවසෙන්නේ.
මහා රාජ් දෙවැනි ජායි සිං දැක්වෙන පැරණි චිත්‍රයක්- vikramjits.wordpress.com
මහාරාජ් දෙවැනි සවායි ජායිසිං
මහාජරාජ් දෙවැනි ජායිසිං මෙය ඉදිකළේ ක්‍රිස්තු වර්ෂ 1737 දි යි. ගොඩනැඟිලි 20කින් යුත් මේ සංකීර්ණය තැනීමේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ හිරුගේ ගමන (පෘථිවි පරිභ්‍රමණය) මුල් කර ගත් ජ්‍යොතිෂ්‍ය කටයුතුවල රාශිවල පිහිටීම ගණනය කිරීමේ ගණිතමය කටයුතුවලට සහ වේලාව නිවැරදිව නිර්ණය කර ගැනීමට යි. ඒ කාලේ අද වගේ තත්පරයට වේලාව කියන ඔරලෝසු තිබුණේ නැහැ. ජ්‍යොතිෂ්‍ය දත්තවලට නිවැරදි වේලාව අත්‍යවශ්‍ය වුණා.ක්‍රිස්තු වර්ෂ 1688 දී උපත ලත් ජායි සිං අවුරුදු 11 දී රජ බවට පත් වුණා. ඔහු ජායිපූර් ප්‍රාදේශීය රාජධානිය 1699 සිට 1743 දක්වා පාලනය කළා. ඔහු තම අගනුවර පිහිටුවා ගත්තේ දිල්ලියෙන් කිලෝ මීටර 200ක් දුරින් පිහිටි ජායිපූරෙයේ යි ( එය අද රාජාස්ථාන් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය යි).
ඔහු බාල කාලයේ සිට ම ජ්‍යොතිෂ්‍ය විෂයයට උනන්දුවක් දක්වා තිබෙනවා. ජායි සිංට සංස්කෘත මෙන්ම පර්සියන් භාෂා ගැනත් හොඳ දැනුමක් තිබූ බව සඳහන්.
ස්මාරකය පිහිටා ඇති අන්දම - jaipurtourism.co.in
සවායි ජායි සිංගේ තාරකා විද්‍යාව
ඉන්දියාවේ පළමු සැලසුම්ගත නගරය ලෙස ජායිපූර් අලංකාර ගෘහ නිර්මාණ ශිල්පක්රම භාවිතයෙන් ඉදිකිරීමට ජායි සිං රජු උනන්දු වුණා. නගරය පිහිටුවීමේ දී ස්වභාව ධර්මය, තාරකා ශාස්ත්‍රය, සහ නක්ෂත්ර දැනුම උපයෝගීකර ගන්නා වාස්තු ශාස්ත්රයේ මූලධර්මයන්ට අනුකූල ව සිදුකිරීමට ඔහුට අවශ්‍ය වුණා. ජායිපූර් නගරය තාරකාවන් හා නියමාකාරයෙන් පෙළට සිටින සේ පිහිටුවීම රජුගේ අරමුණ අවශ්‍ය ව තිබුණා. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන්ගේ නක්ෂත්ර කටයුතුවලට සහායවීමටත්, කෘෂිකර්මාන්තයට අත්‍යාවශ්‍ය වන ප්‍රධාන කාලගුණික වෙනස්වීම් ගැන අනාවැකි පැවසීමටත් නිරවද්‍ය මිනුම් උපකරණ අවශ්‍ය බව රජු වටහා ගත්තා.
කපාලි යන්ත්‍රය - indiatales.com
ඔහු එවකට භාවිත වූ ශාස්ත්‍ර හා උපකරණ ගැන අවබෝධයක් ලැබීමට මධ්‍යම ආසියාවේ රටවල් හරහාත්, යුරෝපයටත් සමීක්ෂණ කණ්ඩායම් පිටත්කර හැර තිබෙනවා. එම කණ්ඩායම්වල සිටි පඬිවරුන් වූ සම්රත් ජගන්නාත් සහ කෙවාල් රාම් මේ කාර්යයන්වල මුල් තැන ගත් බව පැවසෙනවා.
එවකට ඉස්ලාමීය සහ යුරෝපීය තාරකා විද්‍යාඥන් වේලාව සහ රාශිවල පිහිටීම මැනීමට බහුලව භාවිත කළේ පිත්තල උපකරණ යි. ඒවායෙන් ලැබුණු ප්රතිඵලවල වැරදි තිබෙන බව සමීක්ෂණ කණ්ඩායම් හරහා සවායි ජායි සිං රජු සොයා ගත්තා.
ජන්තර් මන්තර් ගොඩනැඟිලි - jaipurtourism.co.in
ඔහු ඒවායේ නිරවද්‍යතාව ඉහළ නැංවීමට ඒවා පරිමාණයෙන් විශාලකොට, ස්ථායීභාවය වැඩිකිරීම සඳහා චාලක කොටස් අඩු කර, පහසුවෙන් භාවිත කළ හැකි අන්දමින් ඒවා කිරිගරුඬ හා කළුගල්වලින් ඉදිකරවූවා. ඔහු මුලින් ම 1724 දී දිල්ලිවල ජන්තර් මන්තර් නිරීක්ෂණාගාරයක් තැනුවා. පසුව උජ්ජයිනි, වරණාසි, සහ මථුරා සහ ජායිපුර් යන ස්ථානවලත් එළිමහන් නිරීක්ෂණාගාර තැනීමට ඔහු ක්‍රියා කළා.
අනෙක් නගරවලින් දැන් ඉතිරි ව පවතින්නේ ජන්තර් මන්තර් හතරක් පමණයි.
මථුරාහි ජන්තර් මන්තර් පසුකාලීනව කඩා විනාශ කර තිබෙනවා. 1734 දී ඉදිකරවූ ජායිපූර්හි ජන්තර් මන්තර් මේ අතරින් විශාලත ම නිර්මාණය යි. එය 1961 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර සංරක්ෂණය කළ අතර පසුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් ප්‍රකාශයට පත් කළා. ස්මාරකය අවට බිම උද්‍යානයක් ලෙස සකස් කර නරඹන්නන්ට පහසුකම් සලසා තිබෙනවා.
නරඹන්නන් පැමිණි අවස්ථාවක් -sandhyamanne.com
ජායිපුරයේ ජන්තර් මන්තර්
මෙම ස්මාරක සංකීර්ණය පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ, තාරකා විද්‍යාවේ, සහ විශ්වවිද්‍යාවේ නව ආකල්ප හෙළිකරන තැනක් ලෙසත් බටහිර, මැද පෙරදිග, ආසියාතික, සහ අප්‍රිකානු සංස්කෘතීන්ගෙන් පැමිණෙන ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් ද නියෝජනය කරන තැනක් විදිහටත් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරනවා.මෙහි පිහිටි යන්ත්‍ර අතරින් කිහිපයක් මෙසේ හැඳින්වෙනවා:
1 සාම්රාට් යන්ත්‍ර
2 ජයි ප්‍රකාශ් යන්ත්‍ර
3 නදී වාලය යන්ත්‍ර
4 පල්භා යන්ත්‍ර
5 ක්‍රාන්ති ව්රිට්ටා යන්ත්‍ර
6 යන්ත්‍ර රාජ් යන්ත්‍ර
7 උන්නන්තන්ෂ් යන්ත්‍ර
8 දක්ෂි නොට්ටාර් භිට්ටි
9 සෂ්තාන්ස්
10 චක්‍ර යන්ත්‍ර
11 කපාලි යන්ත්‍ර
12 රාම් යන්ත්‍ර
13 දිගන්ෂ් යන්ත්‍ර
14 ව්රිහට් සම්රට් යන්ත්‍ර
සාම්රත් සූර්ය ඝටිකාව -sandhyamanne.com
සාම්රත් සහ ජය ප්‍රකාශ් යන්ත්‍ර
මෙහි ස්මාරක අතරින් වඩාත් කැපී පෙනෙන මෙන් ම විශාලත ම යන්ත්‍රය වන්නේ "සාම්රත් යන්ත්‍ර" ලෙසින් නම්කර ඇති විශාල සූර්ය ඝටිකාව යි. මීටර 27ක් උස ත්‍රිකෝණාකාර බිත්තියකින් යුත් මෙය, දෙපසින් පියාපත් මෙන් විහිද ඇති සිහින්, අර්ධ කවාකාර බෑවුම් මං දෙකක් සහිත යි.මෙහි සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය පෘථිවියේ අක්ෂයට සමාන්තර බව කියවෙනවා. දෙපසින් ඇති කොටස් දෙකින් සූර්ය සෙවණැලි භාවිතයෙන් පැය, විනාඩි සහ තත්පර ගණනය කළ හැකි යි. මෙම යන්ත්‍රය තත්පර දෙකක නිරවද්‍යතාවකින් යුතුව ප්‍රාදේශීය වේලාව අදටත් පෙන්වනවා.