අදත් මැකො අතුරුදහන් - ඡන්ද මංකොල්ලයටදැයි &#352

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අදත් මැකො අතුරුදහන් - ඡන්ද මංකොල්ලයටදැයි &#352

අදත් මැකො අතුරුදහන් - ඡන්ද මංකොල්ලයටදැයි සැකයක්

2010 මහ මැතිවරණය පැවැත්වු අද (08) දිනයේදී ද මැතිවරණ කොමසාරිස්වරයා සිටිනා ස්ථානය නිශ්චිතව අනාවරණය කර ගත නොහැකි වී ඇත. මීට පෙර මැතිවරණ පැවැත්වූ සෑම අවස්ථාවකදීම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ පක්ෂ නියෝජිතයින් සම්බන්ධ වූ මැතිවරණ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කරනු ලබන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ වන අතර, මෙවර මැතිවරණයේදී එය වෙනස් කර මැතිවරණ මෙහෙයුම් මැදිරිය කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ස්ථාපිත කර තිබිණි.

වෙනත් මැතිවරණවලදී අදාල මැතිවරණ මෙහෙයුම් මැදිරිය ආරම්භ කිරීමේදී මැතිවරණ කොමසාරිස්වරයා පැමිණ සියලුදෙනා පිළිගෙන එම මෙහෙයුම් මැදිරියේ කටයුතු ආරම්භ කරන නමුත් මෙවර මැතිවරණයේදී අදාල කාර්ය සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සම්බන්ධව නැත. එමෙන්ම වෙනත් මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරයා විටින් විට අදාල ස්ථානයට පැමිණ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කරන නමුත් අද දිනයේදී කොමසාරිස්වරයා එක් වරක් ‍හෝ අදාල ස්ථානයට පැමිණ නැත.

ඒ අතරම කිසිදු අවස්ථාවකදී පක්ෂ නියෝජිතයින්ට හෝ මෙහෙයුම් මැදිරියේ නිලධාරීන්ට මැතිවරණ කොමසාරිස්වරයා දුරකතනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. මැතිවරණ කොමසාරිස්වරයාගේ දුරකතනයට ඇමතුම් ලබා දෙන සැම අවස්ථාවකදීම එම දුරකතනයට පිළිතුරු ලබා දී ඇත්තේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු විසිනි.

මීට පෙර පැවැති පක්ෂ නියෝජිත හමුවකදී මාධය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා අතුරුදහන් වූ පුවත පිළීබඳව දැඩි කෝපයකින් කතා කර ඇති මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙවර මැතිවරණයේදී දිනය පුරා මෙන්ම රාත්‍රිය පුරාම තමන් මෙහෙයුම් මැදිරියේ සිටින බවත්, ඕනෑම අයෙකුට තමන් සමඟ සම්බන්ධ විය හැකි බවත්ය. මෙම ප්‍රකාශයට අනුව අද දින ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන නිලධාරීයා හා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙ මෙහෙයුම් මධ්‍යස්ථායා නිලධාරීන් විසින් අද රාත්‍රිය පුරාම මෙහෙයුම් මධ්‍යස්ථානයේ රැඳී සිටීමට ඉල්ලිමක් කර ඇති අතර, මේ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අතිරේක මැතිවරණ කොමසාරිස් සුමනසිරි මහතා පවසා ඇත්තේ එවැනි කටයුත්තක් අවශ්‍ය නොමැති බවයි.

අප වෙත වාර්තාවන පරිදි අද දිනය පුරාම කිසිදු පක්ෂ නියෝජිතයෙකුට හෝ මැතිවරණ කොමසාරිස්වරයා හමුවී නැති අතර, දුරකතනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

මෙම තත්ත්වය යටතේ ‍අද දිනයේදීද මැතිවරණ කොමසාරිස්වරයා අතුරුදහන්ව ඇති අතර, මැතිවරණ කොමසාරිස් කාර්යාලය අවට ජනාධිපති ආරක්ෂක අංශ (PSD) නිලධාරීන් රැඳී සිටින බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මේ අනුව මෙවර මහ මැතිවරණයේදි ජනාධිපතිවරණයේදී සිදු වූ ආකාරයටම ඡන්ද මංකොල්ලයක් සිදු වීමේ අනතුරක් ඇති බවට සැකයක් මතුව ඇති බව මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයෝ පැවසූහ.

LT
 

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    EC in office, rumours false

    Elections Commissioner Dayananda Dissanayaka told Ada Derana that he is in his office and anyone who needs to verify this could call up the Rajagiriya Elections Secretariat. This comments come in the backdrop of another spate of rumours that the Commissioner is missing.

    Adaderana
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    EC in office, rumours false

    Elections Commissioner Dayananda Dissanayaka told Ada Derana that he is in his office and anyone who needs to verify this could call up the Rajagiriya Elections Secretariat. This comments come in the backdrop of another spate of rumours that the Commissioner is missing.

    Adaderana
    jeppange pacha:lol:
     
    akki meka elakiri jokes eke danna....
    ඔවු ඒක තමයි වෙන්න ඕන.ඔයාල වගේ අන්තගාමී අනුගාමිකයෝ මේ රටට වාසනාවන්.
    කිසිම නිරීක්ෂයෙකුට කිසිම ගනන් කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුලුවෙන්න අවසර නෑ.කොමා කාර්යාලයේ නෑ.අවසන් නිවේදනය පරිගනකයක් හරහා අන්තර්ජාලයෙන්....ලස්සනයි නේද?

    (මේ සටහන මගේ ආදරණීය මිතුරාට නොව,අන්තවාදී පාක්ෂිකයාට පමනයි.සමාවෙන්න.)
     

    SaNI Je

    Member
    Nov 19, 2009
    47
    8
    0
    Elections Commissioner Dayananda Dissanayaka told Ada Derana that he is in his office and anyone who needs to verify this could call up the Rajagiriya Elections Secretariat. This comments come in the backdrop of another spate of rumours that the Commissioner is missing.

    adaderana..\

    adath paradina bawa danna hinda mokak hari boruwak damma hada ganna epai..lol...
     
    ඒ දවස් වල මැරුනේ දුසිම් ගනන්.දන්නෙ නැත්නම් තාත්තගෙන් අතීතය ගැන අහපන්...
    ඔය කියන වූඩ් ගැන මම සහතික වෙන්නෙ නෑ-මේක අහක යන උපුටා ගැනීමක්:D
    ඒ කාලේ වෙච්ච දේවල් අදත් කෙරෙන්න ඕනද?:P