අදහස් බූන්දි ආතල් දරීද්‍රතාවය මුලිනුපු&#3495

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    අදහස් බූන්දි ආතල් දරීද්‍රතාවය මුලිනුපු&#3495

    පූර්ව ජන්මයෙහි කළ පින් බලයෙන් ගරු දුමින්ද සිල්වා මන්ත්‍රී උතුමාණන් නිදහස් වී හෝටල් කාමරයෙන් (සොරි... සොරි...) රෝහල් කාමරයෙන්, ස්වකීය වාසභවනයට සැපත් වූ සුපුවත මේ ලියන මොහොත වෙද්දීත් පිළුණු පුවතක් ය. වසර දෙකකට කලින් දීර්ඝ කෝමා නින්දකට ලක් ව සිහි සුන්ව සිටි කිසියම් පුද්ගලයෙකු, ඊයේ රෑ (අප්‍රේල් 27) අවදිව හිරු නාලිකාවේ පුවත් නැරඹුවා යැයි නිකමට සිතන්න. අහෝ... ඒ අසරණ රෝගියා හිරු මුල් පුවතින් දකින දෙය කෙලෙස නම් වටහා ගන්නද? රෝහල් කාමරයෙන් සුදට සුදේ පාවී එන ඇත් රාජයා, උණ්ඩයකින් මස්තිෂ්කය විනිවිද ගිය අසනීපකාරයෙකු බව කෙලෙස නම් හඟින්නද? එපමණක් ද? ඒ ගිජිඳා එන පෙරමග බලමින් පාඟිලි තුඩු මත වරු ගණන් නැග නියපොතු වික විකා (මාලු පාන් කකා- කිරි පැකට් බිබී) හුන් ඒ මහා ජනතා ගංගාව? ඔහුට මතක් වන්නට ඇත්තේ බැටිස්ටාට බැස්ටිය දුන් ෆිදෙල්ලා චේලා එනතුරු හවානාවේ පොදි කෑ ඒ මහ සෙනඟ කන්දරාව හෝ ලෝක කුසලානය දිනූ අර්ජුන ඈ පිරිවර එන තෙක් හිටි මහ ජන සන්නිපාතය හෝ විය යුතුය. ඒ සා විසල් සෙනඟක් පොදි කෑවේ ඇප ලබා එන මිනීමරුවෙකු පිළිගන්නට යැයි අර අසරණ කෝමා රෝගියෙකුට (තබා හොඳ සිහියෙන් හොරට නිදි වගේ ඉන්නා මහාචාර්යවරයෙකුටවත්) කෙලෙසක නම් වටහා දෙන්නද?

    නල පුපුරන නව ලෝක ද්වාරය ලඟ සිටි ඒ මහ ජනතාව වනාහී, ඇතුළේ හිටි ඇඟ මහත "ෆිදෙල් කස්ත්‍රෝ"ගේ ම මාළු බනිසියානු- කිරි පැකටියානු කුලීකාර ජනයා බව කෝමා රෝගියෙකුට කෙලෙස නම් වටහා දෙන්නද? එපුවත වන වනා ගුවනට මුසු කරන ඒ හිරු නාලිකාව වනාහී, ඒ එළියට ආ ශාන්තුවරයාගේ ම පවුලේ නාලිකාව බව කෙලෙසක නම් අදහන්නද? සැර මරා, සොමි නගා එපුවත රටට කී කවියෙන් පුවත් කියන සුවර්ණවාහිනිය ඇතුළු සකල විධ රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සහ පුවක්පත් සියල්ලම මේ වන විට, ඒ ශාන්තුවරයාගේ දෙව් පියවරුන්ට ම සේවය කරන බව දරුණු කෝමාවකින් මේ දැන් ඇහැරුණු අයෙකු කෙලෙස නම් වටහා ගන්න ද?


    ඉදින් මිට්‍රවරුනි,එක් රෝගියෙකු නොව දූපතේ මුළු ජනගගණයම පාහේ ඉන්නේ දීර්ඝ අධිමූර්ච්ඡාවක ය; අවිච්ඡින්න- දීර්ඝ කෝමා නිද්‍රාවකය. වරින් වර මාධ්‍ය සංදර්ශන ඇල්පෙනෙත්තකින් ඇහැට ඇණ ඇහැරවනු ලබන ඔවුන් දකින්නේ හීන ද සෑබෑව ද යන්න ගැන ඔවුනට ම නිනව්වක් නැත. එක් විටෙක ඇහැරෙන විට, පාරමිතා පෙරහැරකි. තව විටෙක ඇහෙරෙන විට, නැපිය පිටින් පාර්ලිමේන්තු ගිය බබියෙකි. තව විටෙක ඇහැරෙන විට ග්‍රීස් යක්ෂයෙකි. ඊළඟට ආච්චිලා ඝාතනය කරන අදිසි වැම්පයරයෙකි. ඊටත් පස්සෙන් පහු හිස සුන් රිසානාවකි. පෙම් සුන් චතුරිකාවකි. ඇප ලද ධර්මසිරියෙකි. පින් කළ පුස්ප කුමරෙකි. වල මැද ගුවන් තොටෙකි. කුණු බිත්තර නාන සාරයෙකි. ගල් ගසන මුඩු මහණෙකි. අන්තිමටම ඇහෙරෙන විට දැක්කේ චබීම චබී හුරතල් විදුලි බිලකි.... !

    ඉතින්, අපේ කතානායක- "කිරා"ලා කරන්නේ, අර කී ඇල්පෙනෙත්ති විදුමේ සැර ට සමානුපාතික කාලයක් ප්‍රශ්ණයේ කේන්ද්‍රයට නොව පරිවාරයට බුරා- බැණ- ගේම ඉල්ලා යළි නිද්‍රාවට පිවිසීමය. හරියටම කිවහොත් සියලු ප්‍රශ්ණ වල පියා ද සියලු පාතල වල දෙව් පියා ද වන්නේ බැති සිතින් තමන් අදහන ජාතියේ පියා ම බව තේරුම් ගැනීමට මෙකී පිංපියන් ට නොහැකිය. එනිසා, ජාතියේ මහා පිං-පියා අත නැටවෙන දුමින්ද සිල්වා, අති පූ: ගලගොඩඅත්තේ ඥාණසාර, පවිත්‍රා වන්නිආරච්චි වැනි රූකඩ දෙස බලා උන්ට වයිර කොට උන්ගේ කාටූන සමග සටන් කොට බඩගින්න විඳ දරා ගනිති. කුප්‍රකට ඝාතකයෙකුට ඇප ලැබුනේ කෙසේද, ඇප ලැබුණු බව තබා, ඔහුට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වන බව එක වචන මාත්‍රයකින් නොකියා, ඔහු රෝහලින් වීරයෙකු මෙන් පිටව යාමේ පුවත රටට පෙන්වන්නට රූපවාහිනී නාලිකාවකට ඇති සදාචාරය කුමක්ද වැනි ප්‍රශ්ණ ඉදිරියේදී කිසිවෙකු විසින් නොනගනු ඇත. ඒ වෙනුවට දුමින්ද සිල්වාගේ අප්‍රකට සිංගප්පූරු දිවියේ රස මුසු තැන් සෙවීමට මාධ්‍යවේදීන් යොමු වෙනු ඇත. වෙඩි උණ්ඩයක් හිස පසාරු කිරීමෙන් පසුත් බොඩි එක මේ තරම් නිරෝගීව තබා ගන්නේ කෙසේද යන්න ගැන දේශන පැවැත්වීමට දුමින්ද සිල්වා ට ආරාධනා ගලා එනු ඇත. දුමින්ද සිල්වාට, "උණ්ඩයක් සමග රෝහල් ඇඳක් මත" හිසින් සතිපතා දියත අතිරේකයට කොලමක් ලිවීමට ද හැකි අතර පසුව එය පොතක් ගසා තමන්ගේ දෙව් පියාටම පිළිගන්වා රත්තරං වාගේ ශ්‍රේෂ්ට ලේඛකයෙක් වීමට වුවද හොඳටෝම ඉඩ ඇත.

    කිසියම් චැනලයක්, ඉදිරියේදී, මේ වර්ගයේ දෙව් පිය කරුණාව ලබා එළියේ ඉන්නා දුමින්ද සිල්වා, තංගල්ලේ සම්පත් පුෂ්පකුමාර, සුනිල් සාරුවා, මර්වින් සිල්වා, මාලක සිල්වා, ජූලම්පිටි අමරේ, චන්දන කැත්‍රිආරච්චි, සදහම් සිරිසේන, කහවට්ටේ දම්මසේන වැනි සුධීමතුන් එක් කොට එකම මැදිරියකට ගෙන්වා චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනක් කිරීමට ද ඉඩ ඇත. ඒ වන විට බිල් ගෙවා ගන්නට බැරි වීමෙන් විදුලිය විසන්ධි කොට නොතිබුණහොත්, ඔබට ද දුරකථනයෙන් ඒ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනට සෙට් විය හැකිය. සුනිල් සාරුවා වැනි සුධීමතෙකු අමතා "ජීවිතයේ අමතක නොවෙනම දූෂණය කුමක්ද" වැනි පැණි බේරෙන ප්‍රශ්ණයක් ඇසීමට වුවද ඔබට හැකිය. එසේ නොවේ නම් තංගල්ලේ පුෂ්පකුමාර අමතා "සංචාරක කර්මාන්තයට ස්ත්‍රී දූෂණයේ ඇති වැදගත්කම කුමක්ද" වැනි ටිකක් බැරෑරුම් ප්‍රශ්ණයක් වුවද ඇසිය හැක.


    තව වෙන මොන ආතල්ද මිට්‍රවරුනි? මිට්‍රවරුනි, මීටත් වඩා ආතල් සොයන්නේ නම් ඔබ රාජ්‍ය විරෝධී දේශද්‍රෝහී ත්‍රස්තවාදියෙකි.

    ප.ලි.
    මෙනයින්, අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ උතුමාණන් විසින් රට පෙළන ආතල් දරීද්‍රතාවය නැමති ඒ භයානක උවදුර මුලිනුපුටා දමා හමාර බව දත යුතුය! එබැව්, තීන්දු ය. නිවාරණ ය.


    උපුටා ගැනීමකි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මිට්‍රය, සිරි ලංකා වාසි ජනයා දීර්ඝ කෝමා තත්වයකට පත්ව සිටී.


    මාගේ මේ ටිකිරි මොලයට මතක විදිහට නම්, හිට්ලර් ගේ පටන් ගඩාෆි දක්වා මෙවැනි නාට්‍ය රගදක්වා ලෝකප්‍රසිද්ධ වී පසු කලෙක මෙලොව හැර ගියහ. එවන් ආශ්චර්යක් අනාගතයේ දකින්න අපි පිං කලා හසන්ත !!
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මිට්‍රය, සිරි ලංකා වාසි ජනයා දීර්ඝ කෝමා තත්වයකට පත්ව සිටී.


    මාගේ මේ ටිකිරි මොලයට මතක විදිහට නම්, හිට්ලර් ගේ පටන් ගඩාෆි දක්වා මෙවැනි නාට්‍ය රගදක්වා ලෝකප්‍රසිද්ධ වී පසු කලෙක මෙලොව හැර ගියහ. එවන් ආශ්චර්යක් අනාගතයේ දකින්න අපි පිං කලා හසන්ත !!

    :P:P:P:P:P:confused::confused::confused: