අදහස වෙනස් වුනාද?

අදහස වෙනස් වුනාද

  • එදා ඉඳන් එකම පක්ෂෙට තමයි මම. මොනවා දැක්කත් වෙනස් වුනේ නැහැ.

    Votes: 67 51.1%
  • දෙන්න හිටපු පක්ෂෙට නෙවෙඉ දැන් මම දෙන්නේ. මගේ අදහස වෙනස් වුනා.

    Votes: 43 32.8%
  • මම චන්දේ දාන්න හිටියේ. දැන් දන්නේ නැහැ. එක්කෝ, මම දාන්න නෙවෙයි හිටියේ එත් දැන් දානවා.

    Votes: 21 16.0%

  • Total voters
    131

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......


    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    කිඹුලා මාමේ උඹේ ප්‍රතිපත්තියට මමත් එකෙන්ම එකඟයි. එත් මේ මේසය අස් කරන්නනම් ඉස්සෙල්ල මේ මෙසේ වාදී වෙලා ඉන්න එවුන් එලවන්න ඕන. උන් ඉන්නකම් මේසේ අස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්ද මේ චන්දෙ බොහොම වැදගත් මේසෙ අස් කරන්න තියන පළමු පියවර විදිහට. ලංකාවේ නැති නිසා මට චන්දෙ දෙන්න විදිහක් නැහැ. එත් ඉන්න උඹල හංසයාට කතිරේ ගහල ඒ පළමු පියවර ඉදිරියට තියල සහයෝගයක් දිය යුතුයි. චන්දය දීමෙන් වැළකෙනවා කියන්නේ අපි අකමැති පාලනය තව දුරටත් පාලනයේ තියාගන්න අනුබල දෙනවා කියන එකයි.. පවතින රජය මේ චන්දයෙන් බලයෙන් පහ කරොත් තව අවුරුදු 10ක් යන්න කලින් මේසෙ අස් කරලා දාගන්න පුළුවන් වෙයි..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මෙතන කිඹුලා කියලා තියන එක අනුමත කරන්න බැහැ නේ බන්. මොකද චන්දය පාවිච්චි නොකර සිටීම, මරාට නැවත බලයට එන්න රුකුලක් වෙන්න පුළුවන් නේ? මොකද මේ වෙලාවෙත් මහින්දට චන්දෙ දෙන්න සැහෙන්න පිරිසක් ඉන්නවා. :dull:

    ඔව් මම කිබුලා කියන දේට එකග වෙන්නේ නැහැ. මොන කරනත් මහින්ද එළවලා ඉන්න ඕනි. මහින්ද තව පාරක් දින්නොත් කලින් වගේම අයතා විදියට 2/3 හදාගන්නවා. නැත්තම් මහමැතිවරණය මිටවඩා දුෂිත වෙයි. එට පස්සේ දැන් වගේ හොරු රජ කරගෙන, කුඩු එතනෝල් කොමිස් දුෂණ සංස්කෘතිය ගෙනව. 18 ගෙනාවෙත් මිනිහා මැරෙනකම්ම බලයේ ඉන්න හිතාගෙන.

    එකයි මේ වෙලාවේ මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරලා මහින්ද ගෙදර යවන්න උදවු කරන්න කියන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිඹුලා මාමේ උඹේ ප්‍රතිපත්තියට මමත් එකෙන්ම එකඟයි. එත් මේ මේසය අස් කරන්නනම් ඉස්සෙල්ල මේ මෙසේ වාදී වෙලා ඉන්න එවුන් එලවන්න ඕන. උන් ඉන්නකම් මේසේ අස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්ද මේ චන්දෙ බොහොම වැදගත් මේසෙ අස් කරන්න තියන පළමු පියවර විදිහට. ලංකාවේ නැති නිසා මට චන්දෙ දෙන්න විදිහක් නැහැ. එත් ඉන්න උඹල හංසයාට කතිරේ ගහල ඒ පළමු පියවර ඉදිරියට තියල සහයෝගයක් දිය යුතුයි. චන්දය දීමෙන් වැළකෙනවා කියන්නේ අපි අකමැති පාලනය තව දුරටත් පාලනයේ තියාගන්න අනුබල දෙනවා කියන එකයි.. පවතින රජය මේ චන්දයෙන් බලයෙන් පහ කරොත් තව අවුරුදු 10ක් යන්න කලින් මේසෙ අස් කරලා දාගන්න පුළුවන් වෙයි..

    ඔව් මේක හුදෙක් මයිත්‍රී, රනිල් , චන්ද්‍රික දිනවන්න නෙමයි කියන්නේ දුෂිත පාලනය අයින් කරන්න මහින්ද පරද්දන්න. එට පස්සේ මහමතිවරෙනේදී jvp එකට දෙන්න කියන්න තමයි වෙන්නේ. jvp දෙන්න අකමතිමනම්. කවර පක්ෂයක හෝ හොද අවංක කෙනෙක්ට දෙන්න. කුඩු එතනෝල් දුෂක, හොරුන්ට චන්දේ නොදී
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම හිතෙන දෙයක් කියන්නම් boss.
    ඔයා කැමති කෙනකුට දෙන්න. ok.
    දෙන නොදෙන එක ඔයාගේ කැමැත්ත.
    හැබැයි,
    ඔයා මහින්දට චන්දෙ දීමෙන් හෝ
    කුරුටු ගෑම නිසා අඩුවන චන්ද වලින් හෝ
    නැවත පත් වෙන්නේ මහින්ද ම නම්,
    ඔයා හිතන දේශපාලන මේසය ඔයාට මේ ජීවිතය අවසාන වීමට පෙර බලා ගන්න පුළුවන් වෙයි ද කියන එක මට නම් සැකයි....
    :yes:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    තව එක දිනයක් ඔබට ඇත!

    තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා දෙන්න. අපට අවශ්‍ය කුඩු, එතනෝල්, ස්ත‍්‍රී දුෂකයන් හට නීතියෙන්ම රකවරනය සලසා දෙන රට ආගාදයකට ගෙන යන, මුලු රටම මුදලට පාවා දී ඇති, බල තන්හාවෙන් මිරිකි සිටින කෘර පාලකයෙකුගෙන් රට බේරා ගැනීමට බව පවසන්න. කුරිරු යුද්ධයෙන් අප රට බේරා ගැනීමට ලබාදුන් දායකත්වයට අපි මහින්ද රාජපක්‍ෂ ජනපති තුමන් ඉතා ගෞරවයෙන් අගය කරන බව පවසන්න, යුද ජය දඩමිමා කරගෙන රට තම බූදලයක් කරගැනීමට අපි කිසිදා ඉඩ නොදෙන බවද පවසන්න. ඉදිරියේදී රජ පවුෙලේ සිහිනයක් වන බේබි කෙනෙකුට ඔවුන්ගේ බූදලයක් වශයෙන් අප රට ලියාදීමටද අපි අකමැති බවද නොබියව පවසන්න. ඔබගේ මිතුරා ITN, ජාතික Rupavahini, Lanka C news රෝගයෙන් පෙළෙන බව දුටුවහොත් හැකිතාක් ඉක්මනින් වෛද්‍ය වරයකුට මුනගස්වන්න.

    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්.



     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    14mf3ar.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වලපයයි ගොඩපයයි කිබුල ජබොක් :rofl:

    :D මචන් මන් ඕක එහෙම හිතලා එහෙම නෙවේ ඔන් දැම්මේ! කිඹුලා එහෙම හිතයිද දන්නේ නැති නිසා කියන්නේ! :dull: :D

    කිඹුලා මාමේ උඹේ ප්‍රතිපත්තියට මමත් එකෙන්ම එකඟයි. එත් මේ මේසය අස් කරන්නනම් ඉස්සෙල්ල මේ මෙසේ වාදී වෙලා ඉන්න එවුන් එලවන්න ඕන. උන් ඉන්නකම් මේසේ අස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්ද මේ චන්දෙ බොහොම වැදගත් මේසෙ අස් කරන්න තියන පළමු පියවර විදිහට. ලංකාවේ නැති නිසා මට චන්දෙ දෙන්න විදිහක් නැහැ. එත් ඉන්න උඹල හංසයාට කතිරේ ගහල ඒ පළමු පියවර ඉදිරියට තියල සහයෝගයක් දිය යුතුයි. චන්දය දීමෙන් වැළකෙනවා කියන්නේ අපි අකමැති පාලනය තව දුරටත් පාලනයේ තියාගන්න අනුබල දෙනවා කියන එකයි.. පවතින රජය මේ චන්දයෙන් බලයෙන් පහ කරොත් තව අවුරුදු 10ක් යන්න කලින් මේසෙ අස් කරලා දාගන්න පුළුවන් වෙයි..

    :yes: :yes:

    ඔව් මම කිබුලා කියන දේට එකග වෙන්නේ නැහැ. මොන කරනත් මහින්ද එළවලා ඉන්න ඕනි. මහින්ද තව පාරක් දින්නොත් කලින් වගේම අයතා විදියට 2/3 හදාගන්නවා. නැත්තම් මහමැතිවරණය මිටවඩා දුෂිත වෙයි. එට පස්සේ දැන් වගේ හොරු රජ කරගෙන, කුඩු එතනෝල් කොමිස් දුෂණ සංස්කෘතිය ගෙනව. 18 ගෙනාවෙත් මිනිහා මැරෙනකම්ම බලයේ ඉන්න හිතාගෙන.

    එකයි මේ වෙලාවේ මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරලා මහින්ද ගෙදර යවන්න උදවු කරන්න කියන්නේ.

    :yes: :yes: :yes: