අද්භූත_ස්ථාන_10ක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,340
    113
    අද්භූත_ස්ථාන_10ක්

    ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක්


    1- මොන්ත ක්‍රිස්තෝ ගෙවත්ත – ඕස්ට්‍රේලියාව


    ueHxbpk.jpg

    මෙම ස්ථානයේ සිදු වෙලා තියෙන ඛේදජනක සහ බිහිසුණු මරණයන් ගණන සලකා බලනකොට, ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි, ලෝකයේ තිබෙන අද්භූතම ස්ථානයක් ලෙස මෙතන සැලකුවත් පුදුමයක් නෙවෙයි.

    මෙතන දී හිතාගන්න බැරි විදියට මිනිසුන් බොහෝ දෙනෙක් ක්ෂණිකව හදිසි අනතුරු වලින් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම, මිනීමැරුම් වල ගොදුරු බවට පත්වෙලා තියෙනවා. මෙතැන වාර්තාගත වන තරමට අද්භූත ආකාරයේ මරණ සිදුවෙලා තිබෙන බවයි කියන්නේ.


    2 – ගුඩ් හෝප් මාළිගාව – දකුණු අප්‍රිකාව


    1Dh6y2U.jpg


    දකුණු අප්‍රිකාවේ තියෙන මේ ගුඩ් හෝප් මාලිගාව ඇතුලේ 20 වන සියවසේ මුල් භාගයේ ඉඳන්ම විවධ භූත ආත්ම සැරිසරනවා ලු. ඒ වගේම මේ මාලිගාව වටේ තියෙන තාප්පේ උඩ ඇවිදින මනුස්සයෙක් අවතාරයකුයි සහ හිටිහැටියේම මිනිසුන්ගේ ඇගට පනින බලු අවතාරයකුයි හොල්මන් කරනවලු.

    හැබැයි ගොඩක්ම සිත් ඇදගන්න කතාව තමා , අද්භූත කාන්තාවක් මේ මාළිගාව ඇතුලේ හඬමින් දුවගොස් අතුරුදහන් වෙනවා කියන කතාව. පස්සේ කාලෙක මේ කාන්තාව අතුරුදහන් වෙනවා කියන තැන කැනීම් කරලා තියෙනවා. එතනදී කවුරුත් නොහිතපු විදියට වළ දාපු ගැහැණු සිරුරක් සොයාගෙන තියෙනවා.


    3 – ලන්ඩන් කුලුණ


    gMw6H1A.jpg


    වර්ෂ 1078 පමණ කාලයේ දී ඉදි කළ බව පැවසෙන මේ බලකොටුව අද්භූත සිදුවීම් ගණනාවකට නිවස්නය වූ තැනක්. මේ මාළිගාවේ දක්නට ලැබෙන බව කියන ප්‍රසිද්ධ අවතාර තමයි හිස නැති ඈන් බෝලීන්ගේ සහ ජේන් ග්‍රේ ආර්යාවගේ අවතාර. ඒවගේම, 1483 දී තමන්ගේ මාමා වූ 3 වන රිචඩ් රජුව ඝාතනය කළ කුමාරවරුන් දෙන්නෙකුගේ අවතාරත් ලන්ඩන් කුළුණේ ගැවසෙන බව කියන අවතාර ලැයිස්තුවට ඇතුලත්.


    4 – බනාෆ් ස්ප්‍රින් හෝටලය, කැනඩාව


    WlbLPLB.jpg


    මේ ඓතිහාසික හෝටලය විවිධාකාර භූතාත්ම වලට ප්‍රසිද්ධයි. මෙතැන දකින්නට ලැබෙන එක භූතාත්මයක් මෙහි සේවය කළ පැරණි සේවකයෙක්ලු. ඒ භූතාත්මය මේ හෝටලයට එන අමුත්තන්ට තමන්ගේ ගමන් මලු ඔසවාගෙන යෑමට උදව් කරනවා කියලා තමයි කියන්නේ.

    ඒ වගේම බාල් නර්තන ශාලාවේ නර්තනයේ යෙදෙන මනාලියක්, සහ මිනීමැරුමකට ගොදුරු වුණු පවුලකුත් මේ හෝටලයට අරක් ගත් ආවතාර ගොඩේ ඉන්නවාලු.


    5 – බෝනික්කෝ දුපත – මෙක්සිකෝව


    rDmJiTA.jpg


    1950 ගණන් වල දී එක පුද්ගලයෙක් මෙක්සිකෝවේ පාළු දූපතකට තනිව ගිය බව පැවසෙනවා. ඔහු එහි ගොස් ඇත්තේ අවුරුදු 10කට පමණ පෙර දියේ ගිලී මියැදුණු ගෑණු ළමයෙක්ගේ අණ කිරීමකට අනුවලු. ඉන්පසු ඔහු ඇයව සතුටු කීරීමට මේ දුපත පුරාවටම ගණන් කරන්නට බැරි තරම් බෝනික්කන් එල්ලා තිබෙනවා. නමුත් පසුව ඔහුට තේරුම් ගියාලු ඇයට අවශ්‍ය ඔහුත් මියගොස් ඇය සමඟ අවතාරයක් වීම මිස වෙන කිසිවක් නෙවෙයි කියලා.

    මෙම අවබෝධයත් සමඟ බියට පත්වුණු මේ පුද්ගලයා තම ඥාතියෙකුට මේ ගැන කිව් දිනයේම හවස් ඔහුගේ මල සිරුර හමුවූ බව කියනවා. ඒ, ඊට අවුරුදු 10කට පෙර අර ගෑනු ළමයා දියේ ගිලී මියැදුණු තැනදිමයි. දැන් මේ ආත්ම දෙකම මේ දූපතේ සැරිසරන බව තමයි මෙක්සිකෝ වාසීන් කියන්නේ. ඒ විතරක් නම් නෙවෙයි, මේ දූපතේ ඇවිදින්න යන අයට මේ බෝනික්කන් කොඳුරනවා ඇහෙනවා කියලත් ඔවුන් කියනවා.


    6 – සැලි නිවස – කැන්සාස් , ඇමරිකාව


    qTlzqLZ.jpg


    මේ නිවසට අරක්ගෙන ඉන්නවා කියන්නේ නම් පුංචි ගෑනු ළමයෙකුගේ ආත්මයක්. ඇගේ ආත්මය කොතරම් බලවත් ද දුෂ්ට ද කියනවා නම් මේ ගෙදර ජීවත් වුණු පවුල බියවද්දා මේ නිවසින් එළියට ඇද දමා තිබෙනවා.

    7 – පරණ චංගි රෝහල, සිංගප්පූරුව


    luuCWaK.jpg


    1930 සිට රෝහලක් ලෙස පවත්වාගෙන ආ මේ ගොඩනැගිල්ල දෙවන ලෝක යුද සමයේ දී බන්ධනාගාරයක් සහ ජපන් රහස් පොලිසියේ වධකාගාරයක් බවට පත් කර තිබෙනවා.

    කොහොම නමුත් මේ ගොඩනැගිල්ලේ පිරිමි, කාන්තා වගේම, පුංචි දරුවන්ගේ අවතාරත් ඔහේ ශාලා දිගේ ඇවිද යනවාත් දක්නට ලැබෙනවාලු. එපමණක් නොවෙයි, ලේ පෙරා ගත් සොල්දාදුවන් ද මේ ගොඩනැගිල්ල තුළ සැරිසරනවා දුටු අය සිටිනවාලු.


    8 – හයිගේට් සොහොන් පිටිය, එංගලන්තය

    1ckJHoO.jpg


    1839 දී පිහිටුවා තිබෙන මෙම සුසාන භුමිය 170,000 කට පමණ පිරිසකට සමාදානයේ සැතපෙන්නට ඉඩ සලසා දී තිබෙන තැනක්. හැබැයි මෙතැන සිදුවන අද්භූත සිද්ධි සංඛ්‍යාවක් ඉහළ බව තමයි කතාවට කියන්නේ.

    මෙතැන තිබෙන ප්‍රසිද්ධම කතාව තමයි ලේ උරා බොන වැම්පයර් කෙනෙකුගේ කතාව. දිග, අඳුරු පැහැ කබායක් ඇඟ ලා ගත් උස පුද්ගලයෙකුගේ වෙසින් පෙනී සිටින බවට කියන මේ වැම්පයර් අඳුරු ඇස් වලින් යුතු අයෙක්ලු. ඒ වගේම තවත් වියරු වැටුණු වයසක කාන්තාවකගේ ආත්මයක් සොහොන් ගෙවල් අතරින් දිව යමින්, ඇය විසින් මරා දැමූ දරුවන්ගේ ආත්ම සොයනවා කියලත් කියනවා.


    9 – තහනම් නගරය – බිජිං , චීනය


    9Byq5ot.jpg

    සියවස් ගණනාවක් තිස්සේ චීන රාජකීයයන්ට සෙවණ දුන් බෙයිජිංහි තහනම් නගරය තුලදී වසර ගණනාවක් තිස්සේ මරා දමන ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව ගණනය කරන්න බැරි තරම්ලු. ඒ බොහෝ ඝාතන සිදුවෙලා තියෙන්නේත් පුද්ගලික පළිගැනීම් මුදුන්පත් කරගැනීම මුල් කරගෙන බව බෙයිජිංහි ප්‍රසිද්ධ කතාවක්.

    ඉතින් එසේ මරා දැමූ අය අතරේ අන්තඃපුර කාන්තාවන්, කාර්ය මණ්ඩල සේවකන් පමණක් නොවෙයි, බිසෝවරුත් ඉදලා තියෙනවා. ඉතින් ඒ අය මේ භුමියේ අදටත් සැරිසරනවා සංචාරකයින්ට දකින්නට ලැබෙන බව කියනවා.


    10 – සියදිවි නසා ගන්නා කැලය (Aokigahara ) – ජපානය


    hutan-1.png


    සියවස් ගණනාවක පටන්ම Aokigahara නම් ස්ථානය අමනුෂ්‍ය ආත්මවලටම වෙන් වූ තැනක් ලෙසයි ජපන් වැසියන් විසින් හඳුන්වන්නේ. සියදිවි නසා ගැනීමටම වෙන් වූ කැලයක් ලෙසිනුත් සමහරු මේ තැන හදුන්වනවා. මොකද ඇතැම් අවස්ථා වල මේ කැලෑව තුළ සියදිවි නසා ගත් පිරිස වසරකට 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා

    එසේ සියදිවි නසාගත පිරිස් මෙතැන හොල්මන් කරනවා කියලා තමයි කියන්නේ. ජපන් ජාතිකයින් මෙම ස්ථානය යක්ෂයාට වෙන්වුණු ස්ථානයක් විදියටත් සලකන්න මෙය හේතුවක් වන්නට ඇති.

    මේ සියල්ල ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාවේත් ඔබ දන්නා මෙවැනි ස්ථාන තිබෙනවා ද? එසේ නම් ඒ ගැන අපටත් කියන්න.





    පින්තුර: sherlockedseattle.com

    Aruni Kalupahana
    Contributor
    roar.එල්k​
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    Ane manda ban.mama nam holman wishwasa karanne naha.eth mewa dakinakota wishwasa nokarath baha.
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    10 – සියදිවි නසා ගන්නා කැලය (Aokigahara ) – ජපානය



    menna meka gana film ekak tiyada koheda bn
    The Forest. kiyala wage tamai mataka
    rep+7​
     

    Similar threads