අනුර ජනාධිපති වරයා පසුගිය දිනයේ ඉන්දියාවේ නිළ සංචාරයක් සදහා සහභාගී වූ අවස්තාවේ එරට අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අනුර ජනාධිපති වරයාගේ කරට අත දාමාගෙන ඔහුගේ මන්ධීරය වෙත කැටුව ගියා අපි දැක්කා. ආණ්ඩු විරෝධීන් මර ලතෝනි දුන්නේ අනුර රටම පාවා දුන් බව පවසමිණි. ඒ අනුව කලින් ජනාධිපති රනිල් සැලසුම් කර තිබූ ආකාරයට අධානි සමාගමට මේ ආණ්ඩුවද සියල්ල ලබා දෙන බව පවසමින් ඔවුන් පොලොවේ හැපි හැපී අනුරටත් NPP ආණ්ඩුවටත් බැන අඩ ගැසුවේය. නෝන්ජල් ජනාධිපතිගෙන් ඕනම දෙයක් ගැනීමට පුලුවන් කියමින් කජු සීයාගේ ගුණම වැනුවේය. අද අධානි සමාගම ශ්‍රී ලංකාවේ ගෞරවය හා ස්වෛරී බවය රකිමින් අදාල ගිවිසුමෙන් ගෞරවාන්විත ලෙස ඉවත්වූවේය. ලෝකයම පිළිගත් අද්දැකීම් තියෙන අභිමානවත් රනිල් අධානි සමාගමට ඕන ලෙස ගිවිසුම් අත්සන් කර අපේ රටේ ස්වෛරී බව කෙලෙසීමට කටයුතු කර තිබියදී, ලංකාවට වාසි වෙන ලෙස ව්‍යාපෘතිය සිදුවන්නේ නැත්නම් කුමන මට්ටමේ ව්‍යාපෘතියක් උවද අත හැර අපේ රටේ ගෞරවය හා ස්වෛරී බව ආරක්ෂා කර ගැනීමට තබුත්තේගම රම්බන්ඩාගේ පුතාට කොන්දක් තිබිණි. නායකත්වය කියන්නේ ඇදුමෙන්, ලපෙන්, ඇවිදින විදියෙන් මැණිය හැකි දෙයක් නොවන බව දැන් ඔප්පු වී ඇත. මේ රට කොමිස් වලට පාවාදුන් පළපුරුදු ත්‍රාඩ ප්‍රභූ සෙට් එකත් උන්ගේ අඹුඩ හෝදන්නුත් ඉගෙන ගත යුතු දෙය එයයි.