අදිසි මහා රාජ්‍යය හා 2010 ජනාධිපතිවරණය.
චන්ද්‍රසේන පණ්ඩිතගේ
මේ වනවිට මෙරට ජනාධිපතිවරණ උණුසුම ක්‍රම ක්‍රමයෙන් ඉහල නැංවෙමින් පවතී. මෙය මෙරට ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පවත්වන තවත් මැතිවරණයකි.
On 15th January US ambassador of Sri Lanka, Patricia A. Buteric met the JVP leader, Comrade Somawansha Amarasinghe at the JVP head office Palawatta, Battaramulla.
නමුත් මෙය සමාජයට දිස්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර සිදුකරන ජනාධිපතිවරණයක් ලෙසිනි.තවද මෙරට ජනතාවගේ ඕනෑ එපා කම් වෙනුවෙන් තමන් තරග බිමට පිවිස සිටින බව අපේක්ෂකයින් දෙදෙනාම පැවසුවද; පවතින ඓතිහාසික තත්වයන් මනාව පෙන්නුම් කරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙරට ජාතික බලවේගයට නායකත්වය දීමට ඉතිහාසය බල කර ඇති අතර, ඊට අමතරව ප්‍රතිවිරුද්ධ සාධකයන් වන බටහිර විදේශිය බලවේග වල ඕනෑ එපා කම් උදෙසා පෙනී සිටීමට සරත් ෆොන්සේකා මහතාට සිදුව තිබෙන බවයි.
අප මෙසේ කථා කරන විට සැබෑ ලෙසම සරත් ෆොන්සේකා මහතාට දේශපාලනිකව මහත් හානියක් සිදුවෙන බැවින්, අපගේ නිගමනයන්ට හේතුවන කරැණු ජනතාවට පැහැදිලි කල යුතුමය.
මෙරට පැවත්වූ සෑම ප්‍රධාන මැතිවරණයක්ම පැවතියේ ඉහත සදහන් ආකාරයටමය. එනම් ජාතික බලවේගය හා බටහිර විදේශීය බලවේගය අතර පැවති තරගයක් ලෙසයි. මෙසේ මැතිවරණයන් පැවතියද 1994දී පැවති ජනාධිපතිවරයේදී ජාතික බලවේගය නම් වූ කඩතුරාවෙන් වසා ගෙන වුත් අග්‍ර ගණ්‍යයේ බටහිර නියෝජිතවරියක් බලයට පත්වූවාය. එය මෙරට ජනතාවගේ ඇස් වසා ලීම සදහා බටහිර බලවේග කල අති සාර්ථක උපක්‍රමයක් විය.
2010 ජනාධිපතිවරණය සදහා මෙරට සිටින බටහිර විදේශීය ඒජන්තයින්ට නිර්දේශිත නාමයන් තුනක් තිබිණ.
1. රනිල් වික්‍රමසිංහ මහතා.
2. හිටපු අග්‍ර විනිශ්චකාර, සරත් එන්. සිල්වා මහතා.
3. එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා.
එම තිදෙනායි. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා වුවද; ඔහුගේ දේශපාලන අසාර්ථක භාවය මැනවින් දත් ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාව තාවකාලිකව සටන් බිමින් ඉවත් කිරීමට තීරණය කලහ.
මීලගට සිටින නිර්දේශිත පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තෝරා ගැනීමේදී ඔවුන් අපේක්ෂා කරන වැදගත් කරැණු ගනනාවක් සරත් ෆොන්සේකා මහතා සතුව පවතින බැවින් එම මහතාව ඔවුනගේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කරණ ලදී.
මූලික වශයෙන් "සදාකාලික මිතුරෝත්, සදාකාලික සතුරෝත් අපට නැත. අපට ඇත්තේ අපේ අවශ්‍යතාවයන් පමණි" යන පාඨය පෙරට දමාගෙන ඉදිරියට එන අදිසි රාජ්‍යය. කාලාන්තරයක් තමන්ගේ අංක එකේ සතුරා වූ සරත් ෆොන්සේකා මහතාව, තමනගේ නියෝජිතයා වශයෙන් තෝරා ගැනීමට හේතුවූ විශේෂිතම වූ අංග රාශියක් ඔහු සතුව පවතී. අප ඒවා වටහා ගත යුතුමය.
වසර 35කට අධික කාලයක සිට මනාව සැලසුම් කර ඩොලර් බිලියන ගනනක් අයෝජනය කර, මුලු ආසියාවම පාලනය කිරීමේ අරමුණින් ගොඩනැංවූ කොටි යාන්ත්‍රණය විනාශ කර දැමීමට ඉතා විශාල මෙහෙයක් කල සරත් ෆොන්සේකා මහතාව; ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරා ගෙන නැවත කොටි සංවිධානය ගොඩනැංවීමේ කර්තව්‍යයට අත ගැසීමට කල තීරණය, අති විශාල නවතම යුධ සැලසුමක ප්‍රථම පියවරයි.
ඒ අනුව කිසිදා දේශපාලන කර්තව්‍යයන් සදහා මෙහෙයවීම් නොකල සරත් ෆොන්සේකා මහතාට දේශපාලනය කිරීම සදහා අවශ්‍ය කරන සියලුම දෑ පහල වන්නට විය. දේශපාලන පක්ෂ, මිල මුදල් ගලා එන්නට වූ අතර, එතුමා වෙනුවෙන්, පෝස්ටර්, දේශපාලන කටවුට්, කොඩිවැල්, කාර්යාල, වේදිකා නිර්මාණය විය; රැස්වීම් හා පෙලපාලිද සංවිධානය වන්නේය.
අදිසි මහා රාජ්‍යයේ අතවැසි දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂය, නව ජනතා විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ගනේෂන් මහතාගේ දේශපාලන සන්විධානය හා මංගල සමරවීර මහතාගේ දේශපාලන පක්ෂය "අන්තිම සටනට සැරසියව්" වදන යටතේ එකම වේදිකාවකට කඩිමුඩියේ කැදවා ඇති බවක් මනාව දිස්වේ.