අදුරු යුගයේ මරණ 1.(සාගරිකා ගෝමස් )
පුතේ, මං අද හෘද රෝගියෙක්. අවුරුදු විසි හතරක් ගෙවුණත් මගෙ ඇහේ කඳුළු තවමත් දෝරෙ ගලනවා. සාගරිකා මගෙ පොඩි දුව. කුරා කුහුඹුවකුටවත් වරදක් නැති කෙනෙක්. අපේ මුළු පවුලේම ලොකු බලාපොරොත්තුවක් අපට සම්පූර්ණයෙන් අහිමි කළා. අනේ! මල්ලියේ මං කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා මේ තැනට ආවේ. මාව මරන්ඩ එපා. මට බලාගන්ඩ මගෙ පවුලෙ අහිංසකයො ගොඩාක් ඉන්නවා.
අනේ! මාව මරන්ඩ එපා මල්ලියෙ කියද්දි ඇයව උන් මරලා දැම්මෙ. අද මට බෙහෙත් ටික ගන්ඩවත් නැති තරම්. ප්‍රවෘත්තියක් ගීතයක් කීවාම මරන්ඩ තරම් ඇය කළ වරද මොකක්ද? අද මගෙ දුව කාටත් අමතකයි.
හඩ්සන් සමරසිංහ මහත්මයා නම් ඉඳහිට දුව මරලා දාපු ඒ දවස සමරන වෙලාවට සැප්තැම්බර් 14 වැනිදා ගුවන් විදුලියෙන් එයාව මතක් කළ අවස්ථා තියෙනවා. ඒ ඇරෙන්ඩ දුවගෙ සින්දුවක්වත් දැන් රූපවාහිනියක ප්‍රචාරය වෙන්නෙම නෑ. ඒ කාලකණ්ණි නාඳුනන තුවක්කුකාරයන්ට ඒක මෙහෙයවපු නායකයන්ට ඇයව මරලා ලැබුණු සෙත මොකක්ද?
මං දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරනවා. පිළිගන්නවා. දුව මරලා මාස 2 යි ගියේ. 1989 නොවැම්බර් 14 දා ජේ. වී. පී. නායක රෝහණ වීජේවරත් මළා. ඒ කල්ලියේ කට්ටියත් බුරුතු පිටින් මළා. අම්මා කෙනෙක් හැටියට කාගේ වුණත් ජීවිත නැති වෙනවට කැමැති නෑ.
ඒත් මගෙ රත්තරං කෙල්ල මැරුවට පස්සෙ මගෙ පවුලේ දරුවන්ගෙ දරුවො පොඩි එවුවො කවුරුත් නැටුමට, ගැයුමට දක්ෂ වුණත් මං ඉස්සරහට යවන්ඩ බයයි. සාගරිකා නැතිවුණාට පස්සෙ මේ ගෙදර සින්දු ගීත සාදත් නැවතුණා.
චාන්දනී සාගරිකා ගෝමස්ගේ මව රූපා ගෝමස්. මම මෙසේ සම්මුඛ වෙයි. ඒ ම්ලේච්ඡ ඝාතනයට ඇය පැහැරගත් දෙහිවල නිවසේ අද ඒ මවත් ඇගේ ස්වාමිපුරුෂයාත් හුදෙකලාව සිටිති.
1989 බිනර පොහොයට පායන පුන්සඳ සොලොස් කලා සකසමින් අහසේ දීප්තිමත්ව බැබළිණ. පෝයට ඇත්තේ තවත් එක් දවසකි. පිපෙන්නට වෙර දරන ඒ පුන්සඳට යටින් තවත් අඳුරු යමක් සිදුවෙමින් තිබිණ. ඒ සාගරිකා ගෝමස් මරා දැමීමේ කුමන්ත්‍රණයයි. එදින 1989 සැප්තැම්බර් 13 වැනිදා සාගරිකා පදිංචිව සිටි දෙහිවල ගෙදර සිටියේ මව රූපා හා පවුලේ අනෙකුත් කීප දෙනා පමණි. සාගරිකාත් ඇගේ පියාත් ගෙදර හිටියේ නැත.
හිරු අස්ථානගතවී ගෙවුණේ නිමේෂයකි. අනතුරක සේයාවක්වත් නොපෙන්වූ මොහොතක පස්දෙනෙකුගෙන් යුත් තරුණ නඩයක් අවි අමෝරාගෙන ඒ ගෙට පැන්නහ. ගෙයි සිටියවුන් බිය වද්දා ඒ ගෙයි දොරගුළු දැමිණ. විදුලිය ද ක්‍රියා විරහිත කෙරුණි.
“ඇයි? දරුවනේ මේ.” සාගරිකාගේ මවට කිව හැකි වූයේ එපමණකි. සාගරිකාගේ සහෝදරයා දත් මිටි කෑවේ ඉවසා ගන්නට බැරිම තැනය. ඔහුගේ හිසට ආයුධයක් එල්ල විය. අඳුරේම පැමිණි සැම්සන් (සාගරිකාගේ පියා) ගෙට ගත් දාමරිකයෝ ඔහුව ද ගෙදර සියලු දෙනා මෙන්ම එක තැනකට රැඳවූහ.
මෙසේ සියලු දෙනා ඒ ගෙදර ආලින්දයේ එක පොදියට එක්තැන් කළ දාමරිකයෝ අවි ගත්තෙක් එහි රඳවා ගෙදර පොත්පත් ලේඛන පෙරළ පෙරළා පරීක්ෂා කළහ. ඒ අතර තිබු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමන් හා සාගරිකා පෙනී සිටි සේයාරුවක් අතට ගත් එකෙක් මහ හඬින් විලිස්සමින් හිනැහුණේය.
මේ ඉන්නෙ මේකි... මේකි විතරක් නොවෙයි මේකවත් මරන්ඩ ඕනෑ... ඔහු තම අත රැඳි කිනිස්සෙන් ඒ සේයාරුව කතිර හැඩයට කපා දැමුවේය. එහි කිනිසි තුඩින් ජේ. වී. පී. යන අකුරු ද සටහන් කළේය.
අනතුරුව සාහසිකයෝ ගෙයි ඇතුළු කාමරයක සිටි අලුත උපන් දරුවා සමඟ සිටි මව (සාගරිකාගේ අයියාගේ බිරිඳ හා පුතා) එළියට දමා සාගරිකාව එහි ඇතුළතට ගෙන ගියහ. ප්‍රශ්න මාලාවක් නැඟිණ. අනතුරුව ඔව්හු ඇය රැගෙන පිටතට යන්නට වූහ. ඒ මව හා පියා සහෝදර සහෝදරියන් ඔවුනගෙ අත්වල එල්ලෙද්දී ඔව්හු ඇයගේ වටිනා දේවල් ඔවුනට දෙන්නැයි කීහ.
පියා මව හා සාගරිකා හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා සමඟ.....
හිටපු ජනපතිගේ ඡායාරූපයේ මුහුණ කතිර හැඩයට කපා දමා J.V.P. යන අකුරු මැරයකු සටහන් කළ ආකාරය
ඇය තම මාලය හා වෙනත් වෙනත් වටිනා දේ පියා අත තැබුවාය. කන බැඳි කරාබු ජෝඩුව පමණක් තිබියදී, අම්මේ, මේ මල්ලිලා මාව එවයි. බය වෙන්ඩ එපා කියමින් ඔවුන් සමඟ එළියට බැස්සාය. ගෙදර ඇත්තනට කළ හැකි කිසිවක්ම නොවීය. ඒ අය දෙසට හැරුණු ගිනිඅවි ගිනි පිට කරන්නට බලාපොරොත්තුව සිටි බවක් පෙනිණ. රුදුරු ඝාතකයෝ සාගරිකාව පැහැරගෙන හෝරාවකට පමණ පසු ගෙදර අය නිදහස් කැර පලා ගියහ.
පසුදා පහන් වෙද්දී විදුලි වේගයෙන් රට පුරා පැතිර ගියේ සාගරිකා මරා වැල්ලේ දමා ගිය පුවතය. ඒ අතීත කතාවය. නැවතත් වත්මන් කතාවට හැරෙමු.
එයා දන්නා දේශපාලනයක් නෑ. රස්සාව ලබා දුන් ඒ. ජේ. රණසිංහ හිටපු ඇමැති තුමන්ටත්, කැසටය කළ වෙලාවෙ උදව් කළ ප්‍රේමදාස ජනාධිපතිතුමාටත් එයා හරියට ගෞරව කළා. මගෙ කෙල්ල පාසල් කාලේ හිටන්ම ජනප්‍රියයි. පාසලේ වේදිකා නාට්‍ය කළා.
ගීත කිව්වා. නිවේදන කටයුතුවලට ගියා. එයා ටවර්හෝල් එකේ ගී කියනවා අහන් ඉඳලා තමයි රණසිංහ මහත්මයා ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟට ගෙන ගියේ.
තේවිස් ගුරුගේ මහත්මයා මැරුණු වෙලාවෙ එතැන කවි කියලා තියෙන්නෙ දුව. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා මරා දමපු වෙලාවෙ ඒ ප්‍රවෘත්තිය කියන්ඩ හඩ්සන් මහත්මයා දුවට ආරාධනා කළා.
එයා ප්‍රවෘත්ති පරීක්ෂණය සමත් වෙලා අවස්ථාවක් නැතිව හිටියේ. එයා කැමැත්තෙන් ප්‍රවෘත්ති කීවා. ප්‍රේමදාස මහත්මයාගෙ ගම් උදාවෙ ‘ලෝනා මුනි රාජගේ’ වැනි ගීත කිව්වා.
අද හිටියානම් එයා හොඳ නිළියක්. ගායිකාවක්. හොඳ නිවේදිකාවක්. ඒ අම්මා තාත්තාත් අහිංසකයි. ඇයගෙ කැසටයේ ‘සිතුවිලි මල් පුබුදා’ ගීය හරිම රසවත්. නූර්ති ගී කියන්ඩත් ඈ හරිම හපනී. - චරිතා ප්‍රියදර්ශනී මහත්මිය
මාව මරන්ඩ එපා මල්ලියෙ කියද්දි ඇයව උන් මරලා දැම්මෙ. අද මට බෙහෙත් ටික ගන්ඩවත් නැති තරම්. ප්‍රවෘත්තියක් ගීතයක් කීවාම මරන්ඩ තරම් ඇය කළ වරද මොකක්ද? අද මගෙ දුව කාටත් අමතකයි. - රූපා මහත්මිය
දුව අරන් ගිය දාට පහුෙවනිදා මා රත්මලාන සී බීච් පාරේ වැල්ලට ගිහින් දුව හඳුනාගත්තා. මේ දරුවා හරිම දක්ෂයි. මෙයාව මරපු උන්ට හොඳක් වෙන්නෙ නෑ. සමහරුනට පව් පල දුන්නා. අපට ඉතිරි වුණේ දුක විතරයි. - සාගරිකාගේ පියා ගෝමස් මහතා
තේවිස් ගුරුගේ මහත්මයා එයාගෙ කලා හැකියාවන් හොඳින් හඳුනාගෙන අවස්ථාව දුන්නා ඉදිරියට යන්ඩ. ‘කලා රසාංග’ වැඩසටහන ඇය 67 ක් දක්වා කළා. රටට අවශ්‍ය කලාකාරියක් අනවශ්‍ය විදියට නැතිකළා. - ප්‍රැන්සිස් වන්නිආරච්චි මහතා
මේවා ආසාවට කළ දේවල් මිසක් දේශපාලන වැඩ නොවේ. අශෝකා වනමලී හා අනෝමා වැනි අය එදා ප්‍රවෘත්ති කියන්ඩ යද්දි කොරිඩෝවෙදි මුණ ගැහිලා ඒ අය බිම බලාගෙන.
පස්සෙ වනමලී මළගෙදර ඇවිත් මේ කතාව කීවෙ. ඒ අයත් අසරණයි. මෙයා බය නෑ. ඒත් හිතුවෙ නෑ. මේ විදියේ දෙයක් වේවි කියලා. දැන් මේ ගේ ළඟ පාර දුවගෙ නමින් නම් කරලා. එදා සාගරිකා ගෝමස් පදනමක් තිබුණා. ඒකෙ ටී. එම්. සංඝදාස, ප්‍රැන්සිස් වන්නිආරච්චි වගෙ අය හිටියා. ප්‍රැන්සිස් ඇමෙරිකාවට ගියාට පස්සෙ සංඝදාස මහත්මයා නැතිවුණාට පස්සෙ ඒකත් නෑ.
ගෙදර ළඟ තිබෙන විහාරාරාමයක අය ජේ. වී. පී. එකට සම්බන්ධව හිටිය ද? මම ලැබුණු තොරතුරක් අනුව ඇසුවෙමි.
ඒකෙ හිටපු හාමුදුරුවරු 3 දෙනෙක් ජේ. වී. පී.යට සම්බන්ධය කියලා ගෙන ගිහින් අතුරුදන් වුණා. ගෙදර අයට කන්ඩ ගේන දේත් පන්සලට දීපු කෙනෙක් දුව. දුව ගැන ඔත්තු දුන්නේ ඒ අය කියලා කතාවක් ගියා. මං හරියට දන්නෙ නෑ. දැන් ඒ හාමුදුරුවරු කවුරුවත් ඒ පන්සලේ නෑ. එදා අපේ ගෙදරට ආපු අය අතර එක්කෙනෙක් කීවා, උඹලා දන්නව ද? මේ වෙලාවෙත් සොයිසා ප්ලැට් එක ළඟ අපේ 4 දෙනෙක් පිච්චෙනවා කියා.
දුව මරලා තිබුණට දුවගෙ පිවිතුරු බවට කිසිම හානියක් නෑ. ඒත් මේක කළෙ කවුද කියලා හොයන්ඩ මං රට පුරා ඇවිද්දා. එදා අන්ධ විදුහල ළඟ පොලීසිය තිබුණු වෙලාවෙ එතැන ලොකු මහත්මයාට මා කීවා මේක කළේ ජේ. වී. පී. එක. ඒ ළමයින් අල්ලගෙන ඉන්නව ද? මට කතා කරන්ඩ කියලා.
එයා කැමැති වුණේ නෑ. මං අඬලා කීවා පුතේ ඔයාව මැරුවොත් ඔබේ අම්මා ඒවා හොයනකොට ඉඩ නොදුන්නොත් ඔබේ අම්මාට වේදනාවක් දැනේවි නේද? කියලා. ඊළඟට එයා ලස්සන උපශාන්ත පෙනුමක් තියෙන කොල්ලො දෙන්නෙක් ගෙනාවා. හිතන්ඩවත් බෑ. ඒ අය ජේ. වී. පී. කියලා.
ඒ දරුවන්ගෙන් මං ඇහුවා ඇයි පුතේ මගෙ දරුවා මැරුවෙ. කවුරුද මේක කිව්වෙ කියලා. ඒ දරුවො කීවා, අනේ අම්මේ ඒක අපිට ඉහළින් ආපු ඕඩර් එකක්. අපට සමාවෙන්ඩ කියලා. මගෙ දුව හිටියානම් අද රැජනක්. අපටත් ජීවිතයක් තියේවි.
එයා බඳින්ඩ ගිය හමුදාවෙ අජිත් වික්‍රමසිංහ මහත්මයා ඊට පස්සෙ මොකද කළේ? මම ඇසුවෙමි.
අනේ, ඒ පුතා දුවගෙ හොඳම යෙහෙළිය කසාද බැන්දා. මොනවා කරන්ඩ ද? ඒ දරුවා. දුවගෙ මළගමේ සියලු කටයුතුවලට බර දීලා වැඩ කළා. දැන් බ්‍රිගේඩියර් කෙනෙක්ලු.
සැම්සන් ගෝමස් මහතා සාගරිකාගේ පියාය. තැපැල් දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලයක සිට අද විශ්‍රාමික ඒ මහතා මා සමඟ කථා කළේය.
එදාට පහුෙවනිදා මා රත්මලාන සී බීච් පාරේ වැල්ලට ගිහින් දුව හඳුනාගත්තා. මේ දරුවා හරිම දක්ෂයි. මෙයාව මරපු උන්ට හොඳක් වෙන්නෙ නෑ. සමහරුනට පව් පල දුන්නා. අපට ඉතිරි වුණේ දුක විතරයි. මේ දුව හිටියානම් අපව හොඳින් බලා ගනීවි.
මාත් ඉන්නෙ දැන් ලෙඩ ගානේ. සාගරිකාගේ පඩිය මගේ නෝනට ලැබෙනවා. ඒ පඩිය ගන්න හැම දවසෙම අප දෙන්නා අඬනවා. දුව පවුලෙ කාටත් ආදරෙයි. අයියලගෙ අක්කගෙ දරුවන්ටත් එහෙමයි. ඒ සල්ලිවලින් අපි ඒ දරුවන්ටත් යමක් කරනවා. හැබැයි! කොයි තරම් දක්ෂ වුණත් නැටුමට ගැයුමට නම් ඉදිරියට යවන්නෙ නෑ, මගෙ මුණුපුරු, මිනිපිරියො.
ජනප්‍රිය ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස් සාගරිකාගේ යෙහෙළියකි. ඇය මා සමඟ මෙසේ කීවාය.
එයා හරිම දක්ෂයි. මගෙ හොඳම යාළුවෙක්. අපි දෙන්නා ගුවන් විදුලියෙ ගීත කියන්ඩ නිවේදන කටයුතුවලට එකට ගියේ. එයාට හොඳට රඟපාන්ඩ පුළුවන්කමකුත් තිබුණා. පාසල් නාට්‍ය එයා ලියලා ඒවයෙ රඟපෑවෙ. කටකාරයි. ‘කලා රසාංග’ රූපවාහිනි වැඩසටහන කළේ සාගරිකා. එයාට පස්සෙ මාත් ඒ වැඩසටහන අවුරුදු 15 ක් කළා.
අද හිටියානම් එයා හොඳ නිළියක්. ගායිකාවක්. හොඳ නිවේදිකාවක්. ඒ අම්මා තාත්තාත් අහිංසකයි. ඇයගෙ කැසටයේ ‘සිතුවිලි මල් පුබුදා’ ගීය හරිම රසවත්. නූර්ති ගී කියන්ඩත් ඈ හරිම හපනී. රටට වටිනා වස්තුවක් නැති වුණා. හිටියානම් මේ රට බබළවාවි. අපට ඉතිරි වුණේ දුක විතරයි.
ප්‍රවීණ නිවේදක ප්‍රැන්සිස් වන්නිආරච්චි මහතා දැන් ජීවත්ව සිටින්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය. චරිතා ප්‍රියදර්ශනීගේ සහායෙන් ඔහුගේ ප්‍රකාශයත් ලබා ගතිමි.
සාගරිකා හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්. සමහර වෙලාවට වෙලාවටත් කලින් එනවා. කීකරුයි. හැබැයි! කටකාරයි. තේවිස් ගුරුගේ මහත්මයා එයාගෙ කලා හැකියාවන් හොඳින් හඳුනාගෙන අවස්ථාව දුන්නා ඉදිරියට යන්ඩ. ‘කලා රසාංග’ වැඩසටහන ඇය 67 ක් දක්වා කළා. රටට අවශ්‍ය කලාකාරියක් අනවශ්‍ය විදියට නැතිකළා. ඒ අමානුෂික ඝාතනය අපව තවමත් රිදවනවා.
පිස්සු බල්ලන් මෙන් ඉවක් බවක් නැතිව එදා දුටු දුටු අය හපාකෑ දේශප්‍රේමී යැයි කියාගත් භීෂකයන් 88 - 89 කාල වකවානුවේ මරා දැමු සමාජයේ ප්‍රභූන් ගණන 6577 කි. මේ අතර රට පිළිගත් කවියන්, ලේඛකයන්, නිවේදකයන් මතු නොව කලාකරුවන් ද අපමණය. හිට්ලර්ගේවත්, මුසෝලනීගේවත්, ඉඩි අමින්ගේවත් මරණ ලැයිස්තුවල කලාකරුවන් සිටියේ නැත. කලාකරුවන් මරා දැමු ලෝකයේ එකම සාහසික දේශපාලන ව්‍යාපාරය දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයයි.
සාගරිකාගේ ලොකු අයියා ශ්‍රීලාල් ගෝමස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහු අපගේ කතාව අතරමැද බොහෝ දේ කීවේය. ඒ කතාවේ කියැවුණේ සාගරිකා මරා දැමුවේ ජේ. වී. පීයෙන් බව තම මව හා පියා තහවුරු කළ ද ඒ පිළිබඳව සොයා බැලීමේදී තමාට තහවුරු වූයේ ඊර්ෂ්‍යාකාරයන් විසින් වැරැදි කරුණු මතු කැර දක්වමින් තම නංගී අමානුෂික ලෙස මරා දැමුණු බවකි.
මා ඉදිරිපිට කළ ඒ ප්‍රකාශයට සාගරිකාගේ මව රූපා හා පියා වන සැම්සන් මහතා ද බරපතළ ලෙස විරුද්ධ වූ අතර මෙම මරණය සිදුකළේ ජේ. වී. පී. යෙන්ම බව ඔව්හු පුන පුනා කීහ.
ඒ රූපා ගෝමස් නමැති අම්මා සාගරිකා දුව ගැන ලියු මේ කවි පද වැල මොන තරම් අනුවේදනීය දැයි ඔබත් කල්පනා කැර බලන්න.
ගල් කුළුවන් රුදු හදවත් නැති අය
මල් කැකුලක් වන් ඔබ වැනැසු වග
සිත් පපුවෙක් නැති මේ පත්
ඉරු මත මේ ගල්කුල මත
කොයි අයුරට සටහන් කර තබමු ද?
දැල්වෙන පහනක - පිදු මල් කැකුලක
රැඳෙන ඔබේ රුව පමණෙකි මතකය
නිවන් දකින තුරු - සසර සරන තුරු
ඔබ පමණය අප සිත තුළ රැජිනිය
සයුරු වළල්ලෙක තනි වී මිය ගිය
රසික පිරිස් සිටි ඉර බටු තරුවේ
නොමියෙන මතකය
සැමරුම පමණෙකි
අප හට අද කළ යුතුව ඇත්තේ
වග වලසුන් වැනි මිනිසුන් පිරි ලොව
ඔබ මිහිදන් කළ ඒ සිවු රියන ද
කළ ගුණ දත් හදවත් ඇති අය ළඟ
සදා කල්හිම අමරණිය වේ.

JVP උන් හැඳි ගෑවිලාම යන්න ඔන