කවුද දාලා තිබ්බා මේ කවුරු මොනව කළත් අපි හම්බ කළොත් විතරයි අපිට වගේ අ යිඩියා එකක්. ඒක හරි වගේම වැරදි. රටේ පොදු ආර්ථික තත්වය මොන ලෙවල් එකකින් හරි අපි හැමෝටම බලපානවා. ඒක අපේ වැටුපට වෙන්න පුළුවන්, අපි ගන්න භාණ්ඩ වලට වෙන්න පුළුවන්, අපි කරන බිස්නස් එකට ඉන්න පාරිභෝගිකයන් ගණන වෙන්නත් පුලුවන්. දැන් තියෙන ආර්ථික තත්වය මිනිස්සුන්ට හරියටම දැනෙන්න තව ටික දවසක් යයි. කවුරු මොන දේ කිව්වත් ආණ්ඩුවක වගකීම රට හරි පාරට ගැනීම. අතීතයට බැණ බැණ හිටියා කියලා වර්තමානයේ ප්රශ්න වලින් ගොඩ එන්න බැහැ. මහින්ද ලංකාවට යම්කිසි දෙයක් දැනෙන්න කරල තියෙනවා. එතනින් එහාට රට ගෙනියන එක සහ ඒවගේ දැනෙන්න දෙයක් රටට කරන එක මත රනිල් සහ ඔහුගේ කණ්ඩායමේ දේශපාලන අනාගතය තීරණය වෙනවා. මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ සිට අද වෙනකම් බැලුවොත්, හැම සතියකම මොකාක් හරි කුණු කේස් එකක් එනවා මිනිස්සුන්ගෙ අප්රසාදය ඇතිවෙන්න. ළඟම උදාහරණේ අර ඇවිදින මං තීරුවේ සීන් එක. අන්තිමට ඒක කළේ කවුද, වගකියන්න ඕනේ කවුද කියලා එකවුන්ටබිලිටි එකක් නැහැ. සමහරු කියන්න පුළුවන් එතකොට මේ වගේ උන ගිය ආණ්ඩුවේ වැඩ ගැන මොකද්ද කියන්නේ කියලා. වැරැද්ද මොන ආණ්ඩුවෙන් කළත් වැරදි. ඒත් මේ ආණ්ඩුව පත්වුනේ ඔය වගේ තකතීරු වැඩ කරන්න නෙමේ කියන එක ඇමතිවරු දැනගන්න ඕනේ. ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. එතන හිටියෙ පාරම්පරික යුන්පී කාරයෝ විතරක් නෙමේ. රටම පිළිගත් සෙට් එකක් හිටියා. දැන් උන්ටත් පාරේ බැහැල යන්න බැරි කරල තියෙන්නෙ. හොඳම උදාහරණේ සොභිත ස්වාමීන්වහන්සේ.