අද උදේ තලල්ලෙ උන බිහිසුණු බස් අනතුර...

Al Baik

Well-known member
  • Jan 5, 2011
    11,866
    9,171
    113
    Ohio, USA
    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන ප්‍රතිථපලය.
    තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ කෑලි විසිරිලා. ලොකු ගේමක් දීල මිනිස්සු ටික එලියට ගත්තෙ.
    අන්තිමට ටිකක් වයස මාම කෙනෙකුයි සීය කෙනෙකුයි ඉස්සරහ හිර වෙලා. ඒ මදිවට බස් එකේ වයර් මේන් ස්විච් එක ගාවින් ශෝට් වෙලා ඇතුළ දුමෙන් පිරිල.
    අර හිර වෙලා හිටපු මාම " පුතේ ඉක්මනට මාව ගන්න" කියල කියපු වචන ටික මට තාම ඇහෙනව වගේ. බලනකොට කකුල් දෙකම කැඩිල ඇතුළෙ අස්ථි එලියට ඇවිල්ල. එයාගෙ කකුල් දෙක බේර ගන්න අමාරු වෙයි මට හිතෙන විදියට.
    පොඩ්ඩක් හිතල බලන්න ඒ මනුස්සය කකුල් දෙක නැතුව කොහොම ජීවිතේට මූණ දෙන්නද කියල. කකුල් දෙකම තහඩුවකට කැපිල තිබුනෙ එකම උසකින් වගේ. අනික් වයසක සීය කෑ ගහනව ගිනි ගන්න කලින් බේර ගන්න කියල. කකුල් දෙකම හිර වෙලා සෑහෙන මහන්සියක් වෙලා එයා ගත්තෙ. හුස්ම ගන්නත් අමාරුයි දුම නිසා.
    අන්තිමට බලනකොට අපේ අත පය පවා කැපිල තහඩු වලට.
    ආදරණීය බස් හිමිකරුවන් සහ මොංගල් බස් අලංකරණය වෙනුවෙන් කෑ ගහන ළදරුවන් වෙත...,
    හිතන්න පොඩ්ඩක් මේ සිදුවීම තමන්ට හෝ තමන්ගෙ සමීපතමයෙකුට උනානම් ඔබ හැසිරෙන ආකාරය. එක ජීවිතයක් ඔබට නොවටිනා උනාට, ඒ ජීවිතය නිසා ඔබ නොදත් තව ජීවිත කීයක් හුස්ම අල්ලන් ඉන්නවද? දැන්වත් හිතන්න. කාරුණික වෙන්න. දැන් හොඳටම ඇති. මේක මෙතනින් නවතින්නම ඕන. ආණ්ඩුව සහ පොලීසිය අනිවාරෙන් ක්‍රියාත්මක වෙන්නම ඕන මේව වෙනුවෙන්. මගීන් ලෙස අපිත් මේව ඉවසුව හොඳටම ඇති.
    ඒ වෙලාවෙ එකා වගේ ඇවිල්ල උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ගන්දර පොලීසියටත් ස්තූති කරන්න ඕන. ලගදි පාස් අවුට් උණ කොල්ලො සෙට් එකක් වෙන්න ඕන උපරිම කැපවීමෙන් උදව් කරා. පොලීසියෙන් ඒ වගේ සප් එකක් ලැබෙන එක බලන්නත් ආසයි. ඒ පොලීසියේ කොල්ලො ටිකට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ අලුත් මූණු එක්ක වැදගත් පොලීස් සේවයක් ඉස්සරහට අපිට දකින්න ලැබෙයි කියල හිතමු.
    බස් දෙකම සෑහෙන වේගෙකින් එන්න ඇති. පිටිපස්සෙ තිබුන මගීන්ගෙ බෑග් එහෙම ඉස්සරහ වීදුරු වලින් එලියට පවා විසි වෙලා. අනික ඒ තරම් ලොකු වංගුවක මේ විදියට යන්න ඒ ඩයිවර්ල දෙන්න මොන තරම් පහත් මානසික මට්ටමක අයද කියල හිතාගන්න පුළුවන්ද?
    මේ තරම් දෙයක් වෙලා තියෙද්දි වාහන පෝලිම කඩාගෙන අර කකුල් කැඩුන ලෙඩා දාපු ඇම්බියුලන්ස් එකේ පාරත් හරස් කරන් ඉස්සරහටම ආපු තංගල්ල මාතර තව කාලකන්නි ඩයිවර් පෙරේතයෙක් හොද හෙල්මට් පාරකුත් කාල සුපිරි කුනුහර්ප ටිකකුත් පොලීසියේ කොල්ලන්ගෙන් අහගෙන රිවස් කරන් ගියා. මට කලබලේට බස් එකේ නොම්බරේ බලාගන්න බැරි උනා. ඒ ඩයිවරය මේ ගෲප් එකේ ඉන්නවනම් මට මැසේජ් එකක් දාපන් උබට හෙල්මට් පාර ගැහුවෙ මම.
    තව තවත් කියන්නෙ මොන විදියකින් හරි මේ දේවල් වෙනස් වෙන්නම ඕන. නැත්නම් අපි එකතු වෙලා හරි වෙනස් කරමු.
    තුවාල උණ හැම දෙනාටම ඉක්මන් සුව පතමු. නැවත කවදාවත් මේ වගේ අනතුරු නොවේවා වගේම, නොවෙන්න වගකිවයුතු හැමෝගෙම ඇස් පෑදේවා කියලත් පතමු...

    සටහන - Kasun Thiwanka Palangasinghe

    from FB

    3D7f3LA.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,209
    43,733
    113
    අපිව හදන්න කලින් රට හදලා ඉන්න
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    16,339
    13,659
    113
    Lankawe
    අනවශ්‍ය කෑලි ගැලෙව්වාට පස්සේත් අනතුරු වෙනවද බොල?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    4,838
    7,027
    113
    Nugegoda, Sri Lanka
    Lol, Problem: errant drivers drive like dicks on the road.. Solution: Let's gave 'em grace period so they'll behave during this period.. NOT!.. :lol: It's about time to book these punks!.. not sure what the fuck Police is doing..
     
    • Haha
    Reactions: fdk

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,265
    1,982
    113
    oya keri bus karayo tika yana widiya hadanna nam, gamwala minissu ekathuwela tika dawasak para ayne inna oni, honda polu tikak athe thiyagena inna oni
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,734
    4,443
    113
    I think they should have a strict examination every year for public transport drivers and like in the middle East before revenue licence renewal need to check the vehicles road worthiness
     
    • Like
    Reactions: dinuksha_asela