අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ. මගේ QR එක හදාගන්න හැකි හැමදෙයක්ම කළත් ඒ වැඩේ තාම හරිගියේ නෑ. දැන් වෙලාව උදේ 10.35 යි. තෙල් පිරවුම් හලේ QR සිස්ටම් වැඩ නෑ කියලා උන් තෙල් තියාගෙන ෂෙඩ් එක විවෘත කරන්නෙ නෑ. පෝලිමේ මම දෙවැනියා.මට පිටුපසින් මිනිස්සු 500 ක් විතර. 1919 ගත්තා ඒවා වැඩ නෑ. දැන් මේ පෝලිමට පැය තුනක් පහුවෙලා සමහරවිට QR එක නැති නිසා මට තෙල් නැතිවේවි. මම වගේ මිනිස්සු තව ගොඩක් ඉන්නවා. අපිටත් QR නෑ. ශෙඩ් එකේ QR වැඩත් නෑ. කාටද දෙයියනේ මේවා කියන්නෙ. 


