මහින්ද දැන් ගෙවන ජීවිතය .
අද ගියා දානෙ ගෙදරක. යන්න කලින් යාලුවෙක් එවපු උඩ ලින්ක් එකේ තිබ්බ කතාව කියෙව්වා. කියවද්දි මහින්ද ගැන පොඩි අනුකම්පාවකුත් ඇති උනා. කොහොමහරි දානේ ගෙදර මේක ගැනත් හිත හිත ගියා. අපේ මාම කෙනෙක්ගෙ නෝන නැති වෙලා අදට තුන් මාසයයි, සීයා නැති වෙලා අවුරුද්දකට කිට්ටුයි. දාන දෙකම එකම දවසේ දුන්නේ. වෙනද ගමේ මාමගේ ගෙදර දානයක් තිබුනම ඉන්නවා තරම් සෙනගක් අද හිටියේ නෑ. කවදාවත් පුස් සයිකලයක් පදින්නේ නැති මිනිස්සුත් අද් ඇවිත් හිටියේ සයිකලෙන්. සයිකල් පදින උන් සෙට් එකක් දානේ ගෙදර පිටිපස්සේ ඉඳන් පොඩි ශොට් එකක් දාගෙන වැනි වැනී බයිසිකලේ පැදන් ගියපු අවස්ථානුත් දකින්න තිබ්බා. ගෙදර ඉස්සරහ මෝටර්සයිකල් ත්‍රීවීල් පාක් කරල මිනිස්සු බඩු ගන්න ආපු කඩ පේලියම වහලා. මහ මූසල පාටක් හැම තැනම තිබ්බේ.
මහා ලොකුවට දානේ තිබ්බේ නැතත් රසට කන්න පොඩි කෑම ටිකක් තිබුනා (මාලු ඇඹුල්තියල්, පරිප්පු, මයියොක්කා තෙල් දාල, බෝන්චි, පපඩම්, කහබත් තමයි මෙනු එක ) දානේ කන අතරේ දානේ කාල ඉවර උනු අවුරුදු 70ක විතර ගෑණු කෙනෙක් "අපි ගිහින් එන්නම් මල්ලී" කියාගෙන ගෙදරින් එලියට බහිද්දීම මාම බත් පැකට් එකකුත් අරගෙන "පොඩ්ඩක් ඉන්න, මේක අයියට දෙන්න කියාගෙන ආවා". පස්සේ මේ ගෑණු මනුස්සයා බත් පැකට් එකත් අතට අරන් "අනේ මල්ලී, ඔයාටයි, නන්ගිටයි, මාමටයි ඔක්කෝටම ගොඩක් පින් අද දීපු දානෙට, කාලෙකින් අද තමයි හොද්දක් එක්ක බත් ටිකක් කෑවේ" කිව්වා. ඒ මනුස්සයා බොහොම අසරණ, අහින්සක විදියට සන්තෝසෙන් ඒ කතාව කිව්වම මට හරියට දුක හිතුනා ( මගේ අම්මට මේ වගේ බඩගින්නේ ඉන්න උනොත් කියන භයානක බයත් ඒ වෙලාවෙම ඇති උනා ). ඒත් එක්කම මහින්දයා ගැන ඇති වුන අනුකම්පාවත් නැතුව ගියා. පෙට්‍රල් ටිකක් ගහගත්තම හිතට එන සතුට බත් ටිකක් කෑවමත් එන දවස වැඩි ඈතක නෙවෙයි, ඒ දවස ගොඩක් මිනිස්සුන්ට ඇවිල්ලා ඉවරයි කියන දේ හොඳටම තේරුණා, තහවුරු උණා.
ඒක හිත හිත බත් කනගමන් යූටියුබ් එකේ නොටිෆිකේශන් එකක තිබ්බ වීඩියෝ එකක් දැක්කා. කොල්ලෙක් රුපියල් 150ක් දීලා බස් එකේ යන්න වෙන සල්ලි ඉතුරු කරගන්න රුපියල් 25ක් වෙන කෝච්චි රයිඩ් එකේ යන්න කියලා කෝච්චියට නගින්න ගිහින් කෝච්චියෙන් වැටිලා මැරිලා. ඒ කොල්ලගේ තාත්තා කියනවා "රාජපක්ෂලා නිසා කෝච්චියෙ යන්න උන මගේ පුතාට උන දේ තවත් අම්ම කෙනෙක්ට වෙන්නෙපා, හරි දුකයි මට.......". පවුලේ බර කරට ගත්තු ඒ කොල්ලා රුපියල් 125ක් (0.35 United States Dollar) ඉතුරු කරගන්න කෝච්චියේ එල්ලුනේ කාලකන්නි රාජපක්ෂවරු නිසා. ඒක දකිද්දි කාපු බත් එකත් එපා උනා. ඒත් එක්කම 2019 ඔරකල් ඩේටාබේස් එක මතක් උන නිසා මෙව්වා අපිට හොඳ පාඩම් කියලා ලැජ්ජාවෙන් බත් එකේ ඉතුරු ටිකත් කෑවා.