අද ටවුමට ගියා

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපේ ගමේ කඩ වහලා‍ නිසා. ගෙදර හරියෙ මුකුත් වියලි ආහාර නෑ. ගමේ ඉඳන් කි.මි. 10ක් දුරයි ටවුමට. බයික් එකේ යන ගමන් දැක්කෙ එදා වේල හොයාගන්න මිනිස්සු තැන තැන පොඩියට කඩ වගේ අටවගෙන එලවළු පලතුරු බඩඉරිගු වගේ ජාති විකුණනවා. පාරේ මිනිස්සු ගොඩක් නැති උණත් යම් තරමකට හිටියා. පොලීසියෙන් චෙක් කලේ නෑ. බැංකු ඇරලා තිබුණා. අඳුනන කඩේට බිල ඊයෙ හවසම යවපු නිසා බඩු ටික පැක් කරලා තිබුණා. සල්ලි ගෙවලා එද්දි ආපහු ගෙදර එද්දි මම දැක්කෙ අම්මෙකුයි චූටි ලමයි දෙන්නෙකුයි පාර අයිනෙ තියාගෙන නාරං, දෙහි ගෙඩි ටිකක් විකුණනවා. නාරං ඕන නැති උණත් මම බයික් එක නවත්තලා නාරං ගෙඩි පහක් අරගෙනයි ආවෙ. අපි රස්සාවක් කරන නිසා කොහොමහරි කනව බොනවා. කිසි ආදායමක් නැති මිනිස්සු පාරටම වැටිලා. මචං.. මේ කාලෙ අමාරු කාලයක් අපි හැමෝටම. මොනමහරි දේකට පාරෙ යද්දි මේ වගේ කරකියාගන්න දෙයක් නැතුව, මොනවමහරි අපිට වැදගත් නැති දෙයක් උණත් කමක් නෑ, විකුණන කෙනෙක් දැක්කොත් පොඩි මුදලක් හරි දීලා මිලට ගන්න. ඒකෙන් ඒ මනුස්සය ගෙ බඩ කට පුරවගන්න උදව් වේවි. නිකං අත පය හතර හොඳට තියාගෙන හිගා කන මිනිස්සුන්ට දෙනවට වඩා අත පය හතරෙන් ප්‍රයෝජනයක් ගන්න මනුස්සයෙකුට අත දීපල්ලා. ලොකු පිනක් ඒක. :sorry:
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    හැම පාලකයෙක්ම තමන් විතරක් ජීවත් උණා නං ඇති කියල හිතන්නෙ මචංලා.. අහිංසක මිනිස්සු දහස් ගාණක් ගෙවල් අස්සෙ බඩගින්නෙ වේලි වේලි ඉන්නවා. සල්ලි හරි විදිහට රටේ දියුණුවට යෙදෙව්වනං අද දුප්පත් කියල මිනිහෙක් ඉතුරු වෙන්නෙ නැහැ. :(
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    හැම පාලකයෙක්ම තමන් විතරක් ජීවත් උණා නං ඇති කියල හිතන්නෙ මචංලා.. අහිංසක මිනිස්සු දහස් ගාණක් ගෙවල් අස්සෙ බඩගින්නෙ වේලි වේලි ඉන්නවා. සල්ලි හරි විදිහට රටේ දියුණුවට යෙදෙව්වනං අද දුප්පත් කියල මිනිහෙක් ඉතුරු වෙන්නෙ නැහැ. :(
    maka tama ma rate tiyana prasna machan. hama palakayama danna aka aka ratan higa kala wiyadam karanna witarai.natuwa a ganna naya adayam ana marga wala ayojanaya kara num dan ma rata sanwardanaya wacca ratak
     
    • Sad
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    maka tama ma rate tiyana prasna machan. hama palakayama danna aka aka ratan higa kala wiyadam karanna witarai.natuwa a ganna naya adayam ana marga wala ayojanaya kara num dan ma rata sanwardanaya wacca ratak
    ඔව් මචං.. ආයෝජන මාර්ග කොච්චර තියෙනවද?. ඒ එකක් වත් ගැන හිතන්නෙ නෑ පාලකයෝ. හැබැයි තමන්ට නං හොඳට ආයෝජනය කරගන්නවා බලයෙ ඉන්න තාක්. ඇයි බලය නැති උණාම හොම්බෙන් නෙ යන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: indika250

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,290
    113
    කෑගල්ල
    උබලා ඔය පාරේ යන කොට දැකලා හිතන විදිහට තමා ඇමරිකාව, චීනේ, ඉන්දියාව, වගේ ලොකු මිනිස්සුත්, බන්ගලි දේසේ වගේ පොඩි මිනිස්සුත් අපේ පාලකයෝ ගැන හිතනවා ඇත්තේ. හරිම අසරන වෙලා ඉන්න පාලකයෝ ටිකක් නයක් ඉල්ලන් ආවොත් හරි, ඉඩමක්, ආයතනයක් වෙන්දේසියේ දාලා තිබ්බොත් නොගෙන ඉන්න එපා කියක් හරි දීලා ගන්න කියලා උනුත් මේවගේ ත්‍රෙඩ් දානවා ඇති.
    ඉතින් පාලකයො විදින දුක තේරේයි උබලාටත් පාර අයිනේ දෝඩම් විකුනන්න උන දාකට.
     
    • Haha
    Reactions: Mosess and darkhair