රහතුන් මැනිය නොහැකිය...
ලෝකයේ ඒ අසිරිමත් උතුමන් බිහිවන්නේ බුද්ධ ශාසනයක පමණි.
එයට හේතුව සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල අවබෝධය ඇතිවන ආර්යඅෂ්ඨාංගික මාර්ගය ගැන කියවෙන්නේ බුද්ධ ශාසනයක් තුල පමණක් නිසාය.
සියළු කෙලෙසුන් නසා සනාතන පාරිශුද්ධත්වය ලබා ගත් ඒ රහතන් වහන්සේලා කෙසේ නමි මැනිය හැකිද?
"පින්වත් උපසීව, නිවන අවබෝධ කල රහතන් වහන්සේ මණින්නට මිමිමක් නැත.යමෙකුට මැණිය හැකි යමි මිනුමි දණ්ඩක්වේද රහතන් වහන්සේට ඒ මිණුමි දණ්ඩ නැත. සියළු කෙලෙසුන් නැසී ගිය විට සියළු වාදයන්ද අහෝසි වී යයි"
(උපසීව සූත්‍රය: සූ. නි.)
(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ - ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා, නම් ග්‍රන්ථය ඇසුරෙනි.)