අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආහාර නිද්‍රා භය මෛථුනංච
සාමාන්‍ය මේතත් පශුභිර්නරානාමි


ආහාර ගැනීම, නිදා ගැනීම බියට පත්වීම, මෛථුන සේවනය මිනිසුන්ට මෙන්ම තිරිසනුන්ට ද පොදු ය. කෑම ගැනීම, නිදා ගැනීම, ඉඳුරන් පිනවීම සඳහා පමණක් ජීවත් වන මිනිසුන් තිරිසන් සත්වයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැක්කේ රූපයෙන් පමණි.


උපුටාගැන්ම: http://www.lakehouse.lk/budusarana/2009/09/18/tmp.asp?ID=vision02
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Pay no attention to others' faults, things done or left undone by others.
Consider only what by oneself is done or left undone.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned.
 

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රහතන් වහන්සේ.............
    'රහතන් වහන්සේ' යන නම පවා ඇසීම සුන්දර දෙයකි.
    රහතන් වහන්සේ නමක් දැක ගන්නට ලැබිම පවා ඇත්තෙන්ම වාසනාවකි.
    මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින්, මහ පොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වනනේ ආශ්වර්යවත් මිනිසුන්ගේ ඝනයටයි.
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රහතුන් මැනිය නොහැකිය...
    ලෝකයේ ඒ අසිරිමත් උතුමන් බිහිවන්නේ බුද්ධ ශාසනයක පමණි.
    එයට හේතුව සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල අවබෝධය ඇතිවන ආර්යඅෂ්ඨාංගික මාර්ගය ගැන කියවෙන්නේ බුද්ධ ශාසනයක් තුල පමණක් නිසාය.
    සියළු කෙලෙසුන් නසා සනාතන පාරිශුද්ධත්වය ලබා ගත් ඒ රහතන් වහන්සේලා කෙසේ නමි මැනිය හැකිද?

    "පින්වත් උපසීව, නිවන අවබෝධ කල රහතන් වහන්සේ මණින්නට මිමිමක් නැත.යමෙකුට මැණිය හැකි යමි මිනුමි දණ්ඩක්වේද රහතන් වහන්සේට ඒ මිණුමි දණ්ඩ නැත. සියළු කෙලෙසුන් නැසී ගිය විට සියළු වාදයන්ද අහෝසි වී යයි"
    (උපසීව සූත්රය: සූ. නි.)


    (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ - ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා, නම් ග්‍රන්ථය ඇසුරෙනි.)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අත්තා හි අත්තනෝ නාථෝ
    කෝ හි නාථෝ පරෝසියා?

    අත්තනාව සුදන්තේන

    නාථං ලභති දුල්ලභං
    තමාට පිහිට තමාමය, වෙන කවරෙක් තමාට පිහිට වේද ? තමා (තම සිත)මනාව දමනය කරගත් නුවනැත්තෝ දුර්ලභවූ අර්භත්ඵල නැමැති පිහිට(සහ සියලු සැනසුම) ලබයි.

    :yes: :yes: oka therenne nethi akane vede..:(
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

    නැගී සිටිව් අලසකමින් - බවුන් වඩව් හිඳගනිමින්
    කවර සෙතක් වේද තොපට - නින්දේ ගැලෙමින් සිටි විට
    හුල් පහරින් වද - විඳිමින් හැම විට
    දුක් ඇති ලෙඩෙකුට - නින්දක් කුමට ද?

    නැගී සිටිව් අලසකමින් - බවුන් වඩව් හිඳගනිමින්
    නිවන් පිණිස - හික්මෙව් දැඩි ලෙස
    තොපගෙ පමා බව - පවිටු මරු හඳුනාගෙන
    තොපව අරගෙන වසඟෙට - මුළාවට පත් නොකෙරේවා!

    සෙත සැලසෙතැ'යි සිතමින් - දෙවියෝ ද මිනිස්සු ද
    නැවතී සිටිත් - අරමුණු වලම
    වහ වහා එතෙර වී යව් - මේ රුදුරු තණ්හාවෙන්
    දුලබව ලද මොහොත - තොපගෙන් බැහැර නොවේවා!
    මේ මොහොත මග හැරී ගිය විට -
    නිරයේ ඉපිද බොහොදෙන පත්වෙත් ශෝකයට

    කිලුටකි පමා බව - පමාවෙන් හට ගත් පමාවද කිලුටකි
    නොපමා බවේ සිට - නුවණ ද උපදවා ගත්
    නැණවතා පමණම ය - කෙලෙස් හුල උදුරා දමන්නේ

    -උට්ඨාන සූත්‍රය
    සාදු! සාදු! සාදු!