අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 7.5 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 17ට ආසන්න

මිලකට මිලදී ගෙන ඇත.ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී අද මිලදී ගෙන තිබේ.
ඇන්ජලෝ මැතිව් ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.5කට පමණ මිලදී ගෙන තිබේ.


මීට අමතරව අසේල ගුණරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 67ට පමණ අලෙවි වී ඇති බව වාර්තා වෙයි.
දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් මෙතෙක් කිසිඳු කණ්ඩායමක් වෙත මිලදී ගෙන නැත.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 05 වනදා සිට මැයි මස 21 වන දින දක්වා කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
http://sinhala.adaderana.lk/news/69886/


මාලිංග වෙන්දේසියේ හිටියෙත් නෑ 
