අද නොවැම්බර් 24 ඉරිදා෴෴ 09”8:31am෴

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu


    පහුගිය දිනවල සිට කාලගුනය ගැන උනන්දුව දක්වන්නන් වගේම නොනවත්වා වැසි ලැබෙන ප්‍රදේශ වල අයගේ වැඩි අවධානයක් යොමු වී ඇති කාරනය තමයි හෙටත් අනිද්දාත් 25/26 දිනවල නැගෙනහිර පලාතෙන් රටට ඇතුලු විය හැකි බව කියන සුලිසුලන් වැනි තත්වය සම්බන්ධ කාරනයත් සහ ගංවතුර ඇතිවිය හැකි වැසි තත්වයත්…


    😵‍💫 ඇත්තටම මේවන විට දිවයින පුරා පවතින කාලගුනික තත්වය ගැන පුරෝකථනය කිරීම ඉතාම අපහසු තත්වයක පවතී. නමුත් පෙර මවිසින් පැවසූ පරිදි සුලි කුනාටු තත්වයක් නම් ඇතිවිය නොහැකි බව නම් දැකිය හැක. ලංකාවේ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේ වන විටත් පවතින අඩු පීඩන කැලඹිලි ස්වභාවය නිසා නැගෙනහිර, බස්නාහිර කොටසක්, සබරගමු කොටසක්, උතුරුමැද කොටසකට, මධ්‍ය කදුකරයට, ඌව පලාතේ කොටසකට, ඌව කොටසකට වැනි රට අභ්‍යන්තරව සාමාන්‍ය තත්වයට වඩා වැඩි වැසි අපේක්ෂා කල හැක🙏🙏 විශේෂයෙන් දහවලින් පසු දම්පාටින් රවුම් කර ඇති ප්‍රදේශ වලට ☔

    🙏🔥හෙටත් අනිද්දාත් 25/26 කියන තරම් යකා කලු විය නොහැක. ඒ කලකින් දැකිය හැකි දක්ශිනාවර්ථ කැලඹීමක් සහ අපට බලපාන වමාවර්ථ කැලඹීම නිසා වන ඝට්ටනය නිසා එහි වේගයත් වලාකුලු ඒකරාශී වීමටත් ලොකු බලපෑමක් එල්ල වී ඇති නිසා බව මගේ පුද්ගලික අදහස මෙන්ම අනුමානයි
    🙏🔥😎

    💥අදත් ඇතුලු දින තුන හතරක් දිවයින පුරාම වාගේ අහස වලාකුලෙන් බරවත් දහවල් වන විට සාමාන්‍ය වැසිත් සහිතව පැවතිය හැක.. වැසි තත්වයේ යම් අඩුවීමක් 28 න් පසු ඇති විය හැකි බවට අනුමාන කල හැක.💥🌞

    විශේෂයෙන් පැවසිය යුත්තේ “ මම කාලගුණ විශේෂඥ්යෙක්වත් ඊට සම්බන්ධ රැකියාවක් වත් කොටින්ම භූගෝලය විශයක් විදියට හදාරා ඇති” අයෙක් වත් නොවන බවත් මේ සියල්ල අනාවැකි බැවින්ද අන්තර්ජාලය තුලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂනය කර සහ අත්දැකීම් මත ලබා දෙන තොරතුරු පමනක් බැවින් මේ වා සිදුවිය හෝ නොවිය හැකි බවයි🌹👍💥