අද නොවැ: 27 බදාදා෴෴ 06.41 am

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu


    මේ වන විට පීඩන අවපාතයේ ඇස ( center) හෙවත් ගමන් මාර්ගය ත්‍රීකුනාමලය මුහුද ප්‍රදේශය ආසන්නව ඉහලට ගමන් කරමින් පවතී. ( සතියක පමන තුල ගත් ඉමේජ අනුව ගමන් මාර්ගය අද විට දිවයිනෙන් ඉවතට හැරීමක් පෙනෙන්නට ඇත)
    අද දින යාපන දිස්ත්‍රික්කය ත්‍රීමලේ දිස්ත්‍රික්කය පුත්තලම් දිස්ත්‍රික්කය මූලිකව දැඩි වැසි ඇති වන බව පෙනේ. රාඩාර් ඉමේජ වල එකක දහවල් 12 පමන වන විට අපේක්ෂිත වැසි සහ අනිත් ඉමේජයේ උදෑසන 7 පමන වන විට වැසි තත්වයේ අනුමානයන් පෙන්වා ඇත. වීඩියෝවේ එම ගමන් මාර්ගය දැක ගත හැක.

    තවමත් මෙය සුලි සුලං තත්වයට පරිවර්ථනය වී නැත. එය එසේ වන්නෙ නම් ලංකා භූමිසීමාවෙන් ඉහලට ගමන් කල පසු විය හැක. (සමහර විට 28 දින වන විට)

    දැනට ඇති තත්වය මත කදුකරයට බලපෑ අහිතකර තත්වයේ යම් සහනයක් ඇති වීමට පටන් ගෙන ඇති බවක් දැකගතහැක. සබරගමු, දකුනු, බස්නාහිර යන පලාත් වලට දැඩි වැසි තර්ජනයක් නොමැති විය යුතුය.

    දැනට ලබා දී ඇති දත්ත මත මේ මස අවසන් වන විට දිවයිනපුරා වැසි තත්වයේ සැලකියහැක් අඩුවීමක් ( දිනකීපයක්) අපේක්ෂා කල හැක.

    තවමත් විනාශකාරී කාලගුනයක් එනම් සුලිසුලඟකට මුහුන දීමට තරම් ලක්වැසියන් අවාසනාවන්ත වී නොමැත🙏
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu