අද නොවැම්බර් 21 බ්‍රහස්පතින්දා෴෴ 05.52 am෴

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    මෙම මස මුලදි මවිසින් සඳහන් කලා මතක ඇති තිබෙන වැසි තත්වය ( වාර්ථාවල සඳහන් පරිදි) නොවැම්බර් මාසය පුරාම තිබිය හැකි බව සදහන් බවත් නමුත් මාගේ පුද්ගලික අනුමානය එම වැසි 16 සිට අඩු විය හැකි බව.. 12 වනදා පමන සිට වැසි තත්වයේ පැහැදිලි අඩුවීමක් සහිතව දින කීපයක් පැවතීම නිසාදෝ නැවත වැසි තත්වය සක්‍රි වී ඇත ( සුලං ප්‍රවාහයේ ගමන් කරන අත වෙනස් වීම නිසා).
    මෙම වැසි දිවයිනේබහුතර ප්‍රදේශවලට දහවලින් පසු ආරම්භ වී සන්ද්‍යාකාලය වන විට අඩුවී යන තත්වයක පවතී එය තව දුරටත් සතියක්වත් පවතිනු ඇති බව දැකිය හැක෴
    විශේෂයෙන් රට අභ්‍යන්තර ප්‍රදේශ වලට වැඩිපුර වැසි ඇතිවිය හැක.
    🌞 දිවයින පුරා උදේ වරුව තුල වැසි රහිතව🌞

    පසුගිය දිනවල සමහර තැන් වල පලවූ එනම් 11-22 අතර කාලය තුල සුලිකුනාටුවක් දිවයින බලපෑහැකි බව සදහන් වුවද එය එසේ නොවිය හැකි බව මාගේ නිගමනය විය.
    💥මේ වන විටද 25 වන විට සුලිකුනාටුවක් නැගෙනහිරෙන් රටට ඇතුලුවන බව ඉන්දීය වාර්ථා කීපයක් උපුටාගෙන වාර්ථා පල වී ඇති අතර එය 25/26 යන දිනවල බෙංගාල බොක්කේ තද වැසිලෙස ආම්බවී අඩුවී , අප දිවයිනට බලපෑමක් නොකල හැකි බව මාගේ දැනීම අනුව නම් පැවසිය හැක.🥹

    🔥අද සහ හෙට යන දෙදින විශේෂයෙන් රට තුලට දහවල් 11 ත් 13 පැයත් අතර පැය දෙකක පමන කාලය තුල දැඩි සූර්ය රශ්මියක් පතිත වන බව සඳහන්. එය UVI08 ක දැඩි අගයක් එනම් අධික ultraviolet එකක් පොලවට ලැබෙන බවයි කියවෙන්නෙ. එබැවින් එකී කාලය තුල සූර්යාලෝකයට සම නිරාවරනය කරගැනීමෙන් වලකින්න. කෘතිම ක්‍රමවේද මඟින් සම සුදු කර ඇති අයට පිලිකාකාරක විය හැකි මට්ටමක සූර්යාලෝකයක් බව අවධාරනය කරමි.🔥
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වහිනවා උදේ ඉදලම
    Its Raining GIF by Garfield
     
    • Wow
    Reactions: Gal_banisa