අද පාසල් ශිෂ්‍යාවක් නෙළුම් කුළුණෙන් පහළට පැනලා සිය Diwi නසා ගැනීමත් එක්ක, මට එක ක්ෂණයෙන්ම මතක් උනේ මීට කලිනුත් මේ වගේම දෙයක් Altair බිල්ඩින් එකේ සිද්ධ උනා නේද කියලා!
ඒ කල්පනාවත් එක්ක හිතාගන්න අමාරු ඒත් dots connect කරලා බලන්න වටින පොඩි කතන්දරයක් මේ වෙද්දි මගේ ඔලුව ඇතුලේ දිග ඇරෙමින් තියෙනවා. මේක දැනට assumption එකක් විතරයි. ඒත් ඇත්තටම මේවා අතර සම්බන්ධයක් තියෙද කියලා හොයලා බලන්න වටිනවා.
ජූලි මාසෙ මුල ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෙකුයි ශිෂ්‍යාවකුයි Altair building එකෙන් පහළට පනිනවා / වැටෙනවා (තවම හරියට මොකක්ද උනේ කියලා කොහෙවත් නැහැ). දෙන්නම හොඳින්ම දන්න හදුනන යාළුවෝ. ඒ වගේම නිතරම මේ දෙන්නා තව යාළුවෙක් හම්බෙන්න Altair එකට ගිහින් තියෙනවා. ඉතින් මෙයාලට මේ බිල්ඩින් එක පුරුදුයි.
ඒත් හදිස්සියෙම මේ දෙන්නා තීරණය කරනවා බිල්ඩින් එකෙන් පහළට පනින්න!
යුනිෆෝම් එකෙන් එන දෙන්නා, පාට ඇඳුම්වලට මාරු වෙලා, බිල්ඩින් එකෙන් පනිනවා. අදටත් ඒ පැන්නෙ ඇයි, එහෙම තීරණයක් ගන්න හේතුව, ඒ පිටිපස්සෙ තියෙන කතාව මොකක්ද කියලා කවුරුවත් දන්නෙ නෑ.
ඒ වගේම තරමක් ශොකින් උනත් හුදෙකලා සිද්ධියක් නිසා ඒක අපේ මතකෙන් ගිලිහිලාත් ගියා. පස්සෙන් පන්න පන්න හොයන්න තරම් සැකයක් එවෙලෙ ඒ සිදුවීමේ තිබ්බෙ නැහැ.
ඒත් අද, නැවතත් ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් නෙළුම් කුළුණෙන් බිමට පනිනවා!
තාම මේ කවුද, මොන ජාත්‍යන්තර පාසලේද, ඇයි පැන්නේ කියලා කිසිම දෙයක් දන්නෙ නෑ. දන්න එකම දේ මෙයත් පාට ඇඳුම් හැඳ සිටි බවත් (අද සඳුදා, පාසල් දිනයක්), වයස අවුරුදු 18 ක් බවත් විතරයි.
කලින් Altair සිදුවීමට මුල් උනේ මොන පාසලේ ළමයි දෙදෙනෙක්ද කියලා අපි මේ වෙද්දි දන්නවා. ඒ වගේම වැදගත් ලෙස, ඒ දෙදෙනගෙ ම රණෙන් පස්සෙ පොලිසිය අවට පරීක්ෂා කර බලද්දි, ඔවුන්ට අර දෙදෙනාගේ බෑග්වල තිබිලා එයාලගෙ සපත්තු හමුවෙනවා. හරිම සාමාන්‍යයි නේ!
ඒත් අද නෙළුම් කුළුණෙන් පැනපු ගෑණු ළමයගෙ බෑග් එක ඇරලා බලද්දි පොලිසියට ඒකෙන් හම්බුණේ මොනවා කියලද හිතන්නෙ?
ඔව්, ඒ ළමයගෙ සපත්තු!
මේක හුදෙක් assumption එකක් විතරයි. පොඩි හරි සබඳතාවක් තියෙද කියලා බලන්න වෙන්නෙ වැඩි විස්තර ආවහම. අඩුමගානෙ පාසල මොකක්ද කියලාවත් දැනගත්තම.
Update: පාසලත් එළියට ආවා, කලින් දෙන්නගෙම පාසලේ තමයි. තුන් දෙනාම එකම පාසලේ. එක ළඟ ශ්‍රේණිවල ළමයි!
එතකොට තමා දැනගන්න වෙන්නෙ,
මේක cult එකක්ද, private education system එක ළමයින්ව ෆේල් කරනවද, ළමයින්ගෙ පෞද්ගලික අවුලක්ද,
නැත්තං අද්භූත බෝනික්කාගේ වි^යරුවද කියලා!
මං කියන්නෙ, මේක පොඩ්ඩක් ෆලෝ අප් කරන්න වටින කතාවක්.
From Ruwishan Vimukthi