අද භූමිකම්පා දවසක්ලු

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අද භූමිකම්පා දවසක්ලු

    අද නේද ලංකාවේ බුවාලා ටිකක් සුනාමියක් එන්න පුලුවන් කියලා කීවේ ග්‍රහ පිහිටීම අනුව. 2004 12 24 ග්‍රහ පිහිටීම අද තියෙනවා කියලා හුයන්නක් කීවා නේද? වැදගත්ම එක ෆුල් මූන් ඩේ එකක් වීම.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා- ජ්‍යේතිර්වේදි හෝමාගම ඇල්බට් සුදසිංහ

    ඉදිරියේ එවැනි විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්ද නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකට ජ්‍යේතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ මහතා පවසනවා

    ග්‍රහචාරය අනුව ලෝක විනාශයක් ඊයේ සිදු නොවන බව ස්ථිරවම ඔහු පවසා තිබූ නමුත් ලොව පුරාම විවිධ ස්වාභාවික ව්‍යසන අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකි බව යි ඔහු පවසන්නේ.

    "මේ දිනවල පවතින ග්‍රහචාරය අනුව සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ මෙන්ම කලාතුරකින් සිදුවන දෙයක් ලෙස කිව හැකි ග්‍රහයෝ එක් පෙළකට සිටීමත් සැලකිල්ලට ගත යුතුයි.

    එහෙත් ලොව කොහේ හෝ අපටත් දැනෙන විදියේ භූමිකම්පාවක් හෝ මහා ජල ගැලීමක් සිදුවිය හැකි ග්‍රහචාරයක් ඉදිරි දිනවල නිර්මාණය වෙමින් පවතින බව කිව හැකියි.

    විවිධ ග්‍රහ මාරුවීම්, ග්‍රහ බලපෑම් සිදුවන විට ලෝකයට මෙවැනි ව්‍යසන ඇතිවන බව ජේ‍යාතිෂය අනුව කිව හැකියි. ඉදිරි කාලෙ සිදුවන විවිධ ග්‍රහමාරු හේතුකොටගෙන ලෝකයට විශාල බලපෑම් වෙනවා. එමඟින් ස්වභාව ධර්මයෙහි සමබර බව නැතිවෙන්න පුළුවන්. එවිට ඇතිවෙන්නේ ස්වාභාවික විපත් බව කියන්න ඕනෑ.

    ලෝකයේ යුග හතරක් ගැන පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. එනම්, කෘත යුගය අවුරුදු 17,28,000යි, නේත්‍ර යුගය අවුරුදු 12,96,000යි ද්වාපර යුගය 8,64,000යි, කලියුගය වසර 4,32,000යි. දැන් පවතින්නේ කලියුගයයි. කලියුගයෙන් මේ වන විට ගෙවී ඇත්තේ අවුරුදු 5100ක් පමණයි.

    ඒ අනුවත් මෙය ලෝකයේ අවසාන යුගය යැයි කියන්න බැහැ. හින්දු මතය අනුව පවා එසේ විය නොහැකියි. හින්දු ආගම අනුව මහාබ්‍රහ්මයා කල්ප 720ක් සිටිනවා. ඒ නිසා මේවා විවිධ මත සංකලනය වීමෙන් මතුවූ විශ්වාස බව කිව හැකියි.

    ලෝක විනාශ තත්ත්වයක් නොවුණත් ලෝකයටම බලපාන බොහෝ ව්‍යසනකාරී දේ සිදුවිය හැකියි. දැනට මේ සිදුවන තත්ත්වය ගැන ඉකුත් අප්‍රේල් මාසයේ මා එක්තරා සඟරාවකට ප්‍රකාශ කළා. එමෙන්ම 2004 දී සුනාමිය ගැනත් මා මුලින්ම විද්‍යුත් මාධ්‍යයකින් ප්‍රකාශ කළෙත් අප්‍රේල් මාසයේදීයි.

    2004 සුනාමි තත්ත්වය ඇතිවුණේ අප රටට බෙහෙවින් ඈත පිහිටි සුමාත්‍රා දූපත අසල මුහුදේ භූ කම්පනයකින්.

    2004 දෙසැම්බර් 26 වැනිදා දවස උදා වන විට ශ්‍රී ලංකාවට උදාවී තිබුණේ ධනු ලග්නයයි.

    කටක නවාංශකයයි. මුවසිරස නැකතේ 04 වැනි පාදයයි. (සටහන 2)

    ඊට බෙහෙවින් සමාන වන ග්‍රහචාරයක් 2012 දෙසැම්බර් 28 වැනිදා උදේ 6.30ට උදාවෙනවා. යම් යම් වෙනස්කම් තිබුණත් එහි බොහෝ සමානකම්ද තිබෙනවා.

    ඒ නිසා 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ රටටත් ලෝකයටත් බලපාන ස්වාභාවික ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීට ඉඩ නැතුවා නොවේ."


    දෙසැම්බර් 23 වැනිදා සිදුවන ග්‍රහමාරුව නිසා සිදුවන්නේ කුමක්ද?
    මෙවැනි ග්‍රහ මාරු අවුරුදු 12කට වරක් සිදුවෙනවා. ශනි හා රාහු එක්වීම නිසා පෞද්ගලිකව ජීවිතවලට සිදුවිය හැකි අවැඩ වගේම රටට ලෝකයටද විවිධ විපත් සිදුවිය හැකියි. මා මුලින් සඳහන් කළ ප්‍රතිඵල සිදුවෙන්න පුළුවන්. ව්‍යසන සියල්ල නිශ්චිතව සඳහන් කිරීම මනුෂ්‍යයන් බිය ගැන්වීමක් වෙනවා. එහෙත් වැදගත් වන්නේ බිය ඇති කර ගැනීම නොව තම තමන්ගේ ආගම දහමට අනුව තමාටත් ලෝකයටත් වැඩදායක ගුණගරුක පුද්ගලයන් බවට පත්වීමට අධිෂ්ඨාන කර ගැනීමයි.

    Read more: http://www.**Please do not spam****...e do not spam**/2012/12/28.html#ixzz2GKY1orlQ
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    දෙසැම්බර් 28 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?



    සුනාමි දා තිබු ග්‍රහචාරයම 28 උදේ 6.30 ට උදා වෙනවා -ජ්‍යේතිර්වේදි ඇල්බට් සුදසිංහ

    ලෝක විනාශය වන බව පැවසුන දෙසැම්බර් 21 වනදා ගෙවීගියද තවත් විනාශයක් අත ලඟ බව ඇතැම් පුද්ගලයන් අනාවැකි පල කරනවා

    2004 සුනාමිය ගැන අනාවැකි කියූ බව පැවසෙන ලලිත් විජේවර්ධන මහතා ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 28 වනදා මේ භූමිකම්පාව වෙනවා."

    මෙම ප්‍රකාශය පිළිබඳව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයේ සභාපතිවරයා පවසන්නේ මෙවැන්නක්

    "යම් කෙනෙක් එවැනි ප්‍රකාශයක් කරනවා නම් ඒ අයගේ නොදැනුවත්කම නිසා මේ ප්‍රකාශ කරන්නේ. භූ කම්පනයක් වෙනවද නැද්ද කියලා කියන්න තාක්ෂණයක් ලෝකයේ තාම නෑ. භූ කම්පනයක් වුනත් ලංකාවට හානියක් සිදුවෙන ඉඩකඩ ඉතාමත් අඩුයි.



    Read more: http://www.**Please do not spam****...e do not spam**/2012/12/28.html#ixzz2GKYk58U0
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    0002045A.gif

    තාමනන් නෑ..... :P